ලංකාවේ විෂ රසායන තහනමට මුල් වූ වෛද්‍යවරයා නෙදර්ලන්තයේ හේග් නුවර දී සුපිරි කතාවක් කියා එයි ..[Video]

October 24, 2016 at 1:06 am | lanka C news
ලංකාවේ විෂ රසායන තහනමට මුල් වූ වෛද්‍යවරයා නෙදර්ලන්තයේ හේග් නුවර දී සුපිරි කතාවක් කියා එයි ..[Video]

ලොව කෘෂි රසායන සහ ජාන වෙනස් කරන ලද බීජ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම ලොව පුරා ජන සමාජවලට සිදු කර ඇති සෞඛ්‍ය හානිය සහ ඒ පිලිබඳ පර්යේෂණ සිදු කල විද්‍යාඥයන්ට කරන බලපෑම ගැන සොයා බැලීමේ විශේෂ ජූරියක් පසුගියදා නෙදර්ලන්තයේ හේග් නුවර දී පැවැත්විණ. රටවල් 120ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට රටවල් 18 ක විද්‍යාඥයන් සහ පීඩාවට පත් ජන සමාජ නියෝජිතයෝ සහභාගී වුහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒ සදහා සහභාගි වුයේ වෛද්‍ය චන්න ජයසුමන මහතා සහ පදවි-ශ්‍රීපුර දේශීය ගොවි සංවිධානයේ සභාපති සමන් කුමාර මහතාය.

අදින් වසර 30කට පමණ පෙර ශ්‍රී ලංකාවේ ගොවීන්ට කෘෂි රසායන ද්‍රව්‍ය හදුන්වා දුන්නේ බලහත්කාරයෙන් බවත් එමගින් අද වන විට ගොවි සමාජ මුළුමුනින් පීඩාවට පත්ව ඇති බවත් සමන් ප්‍රසන්න මහතා එහි දී පැවසීය. තව ද පලිබෝධනාශකවලින් ඇතිවන සෞඛ්‍ය හානිය ගැන කිසිදු සමාගමක් හෝ බලධාරියෙක් ගොවි ජනතාව නිසි ලෙස දැනුවත් නොකළ බව ද ඒ මහතා පැවසීය. මෙහිදී අදහස් දැක් වූ වෛද්‍ය ජයසුමන ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර පැතිර යන වකුගඩු රෝගයට මොන්සැන්ටෝ කෘෂි රසායන ඍජුව දායක වී ඇති බව පැවසීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාවගේ සහයෝගයෙන් ග්ලයිපොසෙට් ඇතුළු විෂ අධික රසායන ගණනාවක් ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට හැකි වූ බව ද හෙතෙම පැවසීය. බොහෝ කරුණුවල දී ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල් බටහිර ජාතීන් අනුකරණය කිරීමට පෙලඹී සිටිය ද මේ ප්‍රශ්නයට මුහුණ දුන් ආකාරය සැලකීමේදී සියලු ජන සමාජවලට සහ රටවලට ශ්‍රී ලංකාව අනුගමනය කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

පසු දින පැවති යුරෝපීය රටවල පරිසරවේදීන්ගේ සහ සමාජ ක්‍රියාකාරිකයන්ගේ හමුවක දී ජයසුමන මහතා පැවසුවේ ලෝකයට මරාගෙන මැරෙන සජීවී බෝම්බ හදුන්වා දුන් ත්‍රස්තවාදීන් පරාජය කල ශ්‍රී ලංකාවට විරුද්ධව දේශපාලන උවමනාකම් පිරිමසා ගැනීමට අන්තර්ජාතික පරීක්ෂණ පවත්වනවාට වඩා ලොව පුරා ගොවීන් දස දහස් ගණනක් මරා දැමීමට ව්‍යාජ වෙළද ප්‍රචාරණ සිදු කරමින් කෘෂිවිෂ (agropoison) විකිණූ මොන්සැන්ටෝ ඇතුළු සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සුදුසු නොවන්නේ ද යනුවෙනි.

58 views

12 Comments to “ලංකාවේ විෂ රසායන තහනමට මුල් වූ වෛද්‍යවරයා නෙදර්ලන්තයේ හේග් නුවර දී සුපිරි කතාවක් කියා එයි ..[Video]”

  1. awantha says:

    චන්න ජයසුමන බුධිමතකු ලෙස රටේ මුළු ජනතාවටම බලපාන ප්‍රශ්නය ගැන හඩ නගපු වෛද්‍යවරයෙක්. නොසලී තර්ජන වලට බය නොවී අභීතව පර්යේෂණවල නිරත වූ කෙනෙක්. රටට ආදරය කරන පිරිස් සමග එකතුවී, ඉතා අමාරුවෙන් රටේ ජනතාවට පර්යේෂණ සහ සටන් කිරීම තුලින් ප්‍රතිලාභ අත් කර දුන් කෙනෙක්. තමන්ට ලැබෙන වරප්‍රසාද අහිමි කරගනිමින් ජනතාව ගැන සිතන තරුණ විද්වතෙක්. ඔහු කිසිදා මේ මාතෘ භූමියට ණය නැත.
    තරුණ තරුණියනි, විද්වතුනි, වෛද්‍ය වරුනි, තවතවත් ජයසුමනලා ඔබ තුලින් මේ ලක් පොළොවට අවශ්‍ය කර තිබේ. මේ භුමිය ලස්සන රටක් කිරීමට ඔබේ දායකත්වය අවශ්‍යයි.

  2. ඉන්දික says:

    මේ මිනිසා රැකගැනිම අප කාගේත් යුතුකමයි. බහුජාතික සමාගම්වල මුදලට යට නොවි නිදහස් අධ්‍යාපනයෙන් බිහිවු අයෙකු ලෙස ජාතියට තම යුතුකම ඉටුකරන තවත් උදාර මිනිසෙකි.ඔබට තෙරුවන් සරණයි…..

Main News