ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුව වගේම නඩුවකට ඉන්දීය ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්…

December 11, 2018 at 1:20 pm | lanka C news
ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුව වගේම නඩුවකට ඉන්දීය ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්…

ඉන්දියාවේ ජම්මු – කාශ්මීර් මන්ත්‍රණ සභාව විසුරුවා හැරීමට ආණ්ඩුකාරවරයා විසින් ඉකුත් නොවැම්බර් මස මැදදී ගන්නා ලද තීන්දුවට හෝ එය ක්‍රියාත්මක කිරීමට එරෙහිව කිසිදු බාධාවක් කිරීමට හෝ මැදිහත්වීමක් සිදුකිරීමට ශේ්‍රෂ්ඨාධිකරණයට කිසිදු හැකියාවක් නොමැති බැව් පවසමින් ඒ සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්‍ෂ නායක ගංගන් සාගට් විසින් ගොනුකොට තිබූ පෙත්සමක් ඊයේ (10දා) ඉන්දියානු ශේ්‍රෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීය.

අගවිනිසුරු රංජාන් ගොගෝයිගේ ප්‍රධානත්වයෙන් හා ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු එස්.කේ. කාවුල්ගෙන් සැදුම්ලත් ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් එම පෙත්සම එලෙස නිෂ්ප්‍රභ කරනු ලැබ ඇත.

ආණ්ඩුකාර සත්‍යපාල් මලික් විසින් ඉකුත් නොවැම්බර් මස මැදදී ජම්මු – කාශ්මීර් රාජ්‍ය සභාව හෙවත් මන්ත්‍රණ සභාව විසුරුවා හරින ලද අතර එය ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී පියවරක් බව ප්‍රකාශ කරමින් භාරතී ජනතා පක්‍ෂයේ නායකයා ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකොට තිබිණි.

පෙත්සම ගොනු කරමින් ශේ්‍රෂ්ඨාධිකරණයෙන් ඔහු ඉල්ලා සිටියේ විසුරුවාහැරීම නීති විරෝධී බැවින් එම විසුරුවා හැරීම් ආණ්ඩුකාරවරයාගේ නියෝගය අත්හිටුවා ආණ්ඩුකාරවරයා විසින් මන්ත්‍රණ සභාවේ බහුතර බලය විමසා බලා තීන්දුවක් ගන්නා ලෙසට ඔහුට නියෝග කරන ලෙසය.

ආණ්ඩුකාර සත්‍යපාල් මලික් විසින් මන්ත්‍රණ සභාව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ‘මහජන සම්මන්ත්‍රණ සමුළු ප්‍රධානි සජාද් ලෝන් ඔහුගේ නීති උපදේශකයන් දෙදෙනකු සමඟ ප්‍රකාශ කර සිටියේ ඔහුට භාරතීය ජනතා පක්‍ෂයේත් තවත් පක්‍ෂවල ව්‍යවස්ථාදායක මණ්ඩල සාමාජිකයන් 18 දෙනකුගේත් සහාය ලැබෙන බවත්ය.

ආණ්ඩුකාර සත්‍යපාල් විසින් මෙලෙස මන්ත්‍රණ සභාව විසුරුවා හැරීමත් සමඟම ඉතාමත්ම ප්‍රබල විවේචන දස දෙසින් එල්ල වන්නට වූ අතර ජාතික සම්මන්ත්‍රණ සමුළුවේ ප්‍රධානි ඔමාර් අබ්දුල්ලාද මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ ප්‍රධානි මෙබුබා මෆ්ටිද ප්‍රශ්න කර සිටියේ මෙම අවස්ථාවේදී එලෙස නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගන්නා ලද පියවර පිළිබඳවය.

ආණ්ඩුකාරවරයා විසින් මෙලෙස මන්ත්‍රණ සභාව විසුරුවා හරින ලද්දේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ (ර්ථීච්ර්ථී) ප්‍රධානී මෙබුබා මෆ්ටි ජාතික සම්මන්ත්‍රණ සමුළුව හා කොංග්‍රසය සහායෙන් රජයක් පිහිටුවීමට සූදානම් බවට ප්‍රකාශ කිරීමත් සමඟය.

ආණ්ඩුකාර සත්‍යපාල් මලික් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වහා මෙලෙස රාජ්‍ය සභාව විසුරුවා හැරීමට පියවර ගන්නා ලද්දේ දිගින් දිගටම ව්‍යාප්ත වන අශ්ව ජාවාරමක් පිළිබඳව වාර්තා වීමත්, තවද ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පවතින නොහැකියාව මත විරුද්ධ මත දරන දේශපාලන කණ්ඩායම් සමඟ එකතුවී ආණ්ඩුවක් පිහිටුවීමට ඇතැම් පක්‍ෂ ක්‍රියා කරමින් සිටින බව ඇතුළුව තවත් හේතු ගණනාවක් ඇතිව බවත්ය.

ඉකුත් ජුනි මාසයේදී රජය පවත්වාගෙන ගිය භාරතීය ජනතා පක්‍ෂය (ඕබ්ර්ථී) සමඟ එක්වී කටයුතු කළ මබුබා මෆ්ටිගේ සභාග රජයෙන් භාරතීය ජනතා පක්‍ෂ කණ්ඩායම් ඉවත්වී මෆ්ටිට ඉල්ලා අස්වන ලෙස අභියෝග කිරීමත් සමඟ තමා ආණ්ඩුකාරවරයා වශයෙන් තමා යටතේ රජය පවත්වාගෙන ගිය බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.

ඔහු තවදුරටත් කියා සිටියේ, රාජ්‍ය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා වූ ව්‍යවස්ථානුකූල සංවර්ධන අරමුදල් ලැබීම නතරකරලීමට නීති සම්පාදකයන් වන ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රිවරුන් විසින් ක්‍රියා කිරීමට ඉඩදිය නොහැකි බැවින් මෙම පියවර ගැනීම වඩාත්ම යෝග්‍ය වූ බවය.

ඉදිරි මාස 6ක කාලය ඇතුළත ජම්මු – කාශ්මීර මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි පැවැසූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයකු තවදුරටත් සඳහන් කළේ 2019 ඉන්දියානු පාර්ලිමේන්තු මහ මැතිවරණයත් සමඟම මෙන් මෙම මැතිවරණයද පැවැත්වීමට හැකිවනු ඇති බවය.

– mawbima

124 views

14 Comments to “ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුව වගේම නඩුවකට ඉන්දීය ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්…”

  1. Sameera says:

    India and Sri Lanka are maintaining two different constitutions. It is an infantile act to compare situations in two different backgrounds.

    • Xeno says:

      Alas, a retard like yourself cannot understand the basis of a simple comparison…

      • Sameera says:

        Under Indian constitution the state governer have been vested to dissolve a state assembly without limitations. Compare the situation in 2004 chandrika dissolved the parliament even there is 113-plus government, At that time it was legitimate under previous constitution. Now we have an amended version .

        • Ajith says:

          Sameera, But nothing was amended in emancipation of the elected President. HE should rights to get his own decision in any emergency or any unstable situation situations in the country. A Prime minister has selected by the president but UNP Speaker of the parliament accepted in the first day and objected in next day. Then an unstable situation was arose in the state. So any general/neutral person cannot see any mistake of that decision of the President but the biased people like you.

        • Nishantha says:

          Don’t lie sameera.there are many restrictions in Indian constitution for disolution of state.that’s why BJP has gone to the supreme court. Their judiciary system has respected people’s will

  2. sunimal says:

    ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ

    • Kings says:

      ඉන්දියාවට බලවත් කියන රටවල් ඇඟිලි ගහන්න බයයි.

  3. karuoo says:

    indiyawa hama witama rata gana hithanawa.

  4. Sudu seeya says:

    ALL ARE MAGGAMMA

  5. Sampath says:

    yes..lets go for a federal constitution like India ..

  6. බණ්ඩාර says:

    ඕක ෆෙඩරල් ඉන්දියාවේ ප්‍රාන්තයක්. ප්‍රාන්ත විවස්තාවට ශේෂ්ඨදිකරණය ඇගිලි ගහන්න යන්නේ නැහැ. ලංකාවේ තත්වයට වඩා සම්පුර්ණයෙන් වෙනස ඔය තත්වය.

  7. Richmond says:

    Whether the constitution is federal or unitary is not the matter here. The learned judges have mentioned about horse trading which, as a result, does not represent people s sovereignty. In Sri Lanka we have a similar horse trading and according the president a MP charges Rs. 500 million to switch sides. Such MPs do not represent people for whom they were elected to represent. That s the key issue and the Indian judges took it into their consideration when issuing the judgement.

  8. අයියෝ සල්ලි- දෙවියන්ගේ මල්ලි says:

    ඉංදියාවෙ විනිශ්චය කාරයින්ට USAID ආධාර ලැබිල නැතිව ඇති. ඒකයි උන් එහෙම තීන්දු දෙන්නෙ.

Main News