ලංකාවේ සෞඛ්‍ය සේවයට දල ජාතික නිෂ්පාදනයෙන් 4%ක් වෙන් කරනවා…- රාජිත ස්විටරලන්තයේදී කියයි..

May 23, 2017 at 12:40 pm | lanka C news
ලංකාවේ සෞඛ්‍ය සේවයට දල ජාතික නිෂ්පාදනයෙන් 4%ක් වෙන් කරනවා…- රාජිත ස්විටරලන්තයේදී කියයි..

වසර 2020 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 04 ක් සෞඛ්‍ය සේවාව සදහා වෙන් කර ගැනීම තම ඉළක්කය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්ට්‍රිසියා ස්කොට්ලන්ඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වුනේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන වාර්ෂික සමුළුවට සමගාමීවය. පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට රටවල් 40 ක සෞඛ්‍ය අමාත්‍යවරු සහභාගි වී සිටියහ. “සියළු දෙනාටම සෞඛ්‍ය සුවය” යන තේමාව යටතේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන සෞඛ්‍ය වැඩසටහන් මෙහිදී සාකචිඡා කෙරුනි. ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ ෆැසිපික් ලෙස රටවල් කළාප වලට ඛෙදා සමුළුව පැවැත් වූ අතර, ආසියානු කළාපයේ නායකත්වය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් හොබවන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ශ්‍රී ලංකාව දුපත් රාජ්‍යයක් වුවද එහි ආයු අපේක්ෂාව අවුුරුදු 75 ඉක්මවා තිඛෙනවා. සාක්ෂරතාවය සියයට 93.3 ක් වන අතර, තරුණයින්ගේ සාක්ෂරතාවය සියයට 98 ක් වනවා. ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය සේවාව කරුණු කිහිපයක් යටතේ දියුණු වී තිඛෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ක්‍රීයාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ සදහා සෞඛ්‍ය ආයතන වලට රජය විසින් මුල්‍යාධාර පහසුකම් අඛණ්ඩව ලබාදෙනවා. සෞඛ්‍ය සේවාව සදහා පසුගිය රජය සමයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කර තිබුනේ සියයට 1.6 ක් පමණයි. වත්මන් රජයෙන් සියයට 3 ක් දක්වා එය වැඩි කර තිඛෙනවා. මගේ ඉළක්කය වසර 2020 වන විට එය සියයට 4 දක්වා වර්ධනය කර ගැනීමයි. එය අභියෝගයක්. නමුත් ප්‍රාථමික මෙන්ම අනෙකුත් සෞඛ්‍ය සේවාවන් නංවාලීම සදහා සුදුසුකම් ලත් වෛද්‍යවරු මෙන්ම පරිපාලකයින් ද ශ්‍රී ලංකාව සතු වනවා.

ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය සේවාව නංවාලිම සදහා බිම් මට්ටමෙි වැඩසටහන් ද ක්‍රියාත්මකයි. මාතෘ හා ළමා, බෝනොවන රෝග පාලනය, ආහාර සුරක්ෂිතතාවය ඒ අතර ප්‍රධාන වෙනවා. බෝවන රෝග මෙි වනවිට පාලනය කර අවසන් වෙමින් පවතිනවා. මානව සම්පත් සංවර්ධනය ප්‍රමුඛ කරුණක් වන අතර, එක්ලක්ෂ 36,000 ක සෞඛ්‍ය සේවකයින් රාජකාරියේ නිරත වෙනවා. ඔවුන්ගෙන් 17,000 ක් වෛද්‍ය වෘත්තීකයන්. 32,000 ක් හෙද හෙදියන්. සෑම සෞඛ්‍ය ආයතනයකටම වෛද්‍ය සැපයුම් නිසි පරිදි ඛෙදා හරින අතර, සෞඛ්‍ය සේවාවෙි මුල්‍ය කළමණාකරණය ද ඉහළ මට්ටමක පවතිනවා. සෞඛ්‍ය සේවාවෙි තොරතුරු සහ රෝගීන්ගේ තොරතුරු රැස් කිරිම සදහා ඊ-හෙල්ත් ව්‍යාපෘතිය ද ක්‍රියාත්මකයි. ලෝක බැංකුව සහ ජයිකා ආයතනය තාක්ෂණික හා මුල්‍ය සහයෝගය සෞඛ්‍ය සේවාව නංවාලීමට ලබාදීම ද ඉතා වැදගත්. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමෙි වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. ජනතාවගේ රෝග පරීක්ෂා කිරීම සදහා සුවනාරි මධ්‍යස්ථාන හා සුවදිවි සායන මධ්‍යස්ථාන නොමිලේ ක්‍රියාත්මක වෙනවා.

ජනතාවට අත්‍යාවශ්‍ය වන ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් විශාල සහනයක් ජනතාවට ලබාදුන්නා. අනෙකුත් රෝග වලට අවශ්‍ය උපකරණ වල මිල ද අඩු කරන අතර, රුධිර පරීක්ෂණ රෝහල් වලින් නොමිලේ සිදු කරනවා. හෘද, ස්නායු, වකුගඩු, රෝගීන් පොරොත්තු ලේඛණවල සිටිීම ගැටළුවක්. එය අවම කර ගැනීම සදහා පෞද්ගලික රෝහල් වල සහයෝගය ලබා ගනිමින් පොරොත්තු ලේඛණ අඩු කිරීමෙි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. හදිසි අනතුරු සහ විවිධ අනතුරු වලට මුහුණ දෙන්නන් ක්ෂණිකව රෝහල් කරා ගෙනඒමට ඉන්දීය ගිලන් රථ සේවාව නොමිලේ සිය සේවා කටයුතු සිදු කරනවා. එම සේවාව ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයකටම ව්‍යාප්ත කිරීමටත් බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය සේවාවෙි නාස්තිය හා දුෂණය අවම කිරීමත්, ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඉහළ මට්ටමකට ගෙනඒමෙි වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක කරනවා. ධරණීය සෞඛ්‍ය සංවර්ධනයක් ක්‍රියාත්මක කළ යුතු අතර, ප්‍රතිපත්ති සම්පාදකයින් ඒ සදහා අවධානය යොමු කිරීම ද ඉතා වැදගත්. කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරිමෙන් වඩාත් ප්‍රතිඵලදායී සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදිය හැකි වෙනවා.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

162 views

4 Comments to “ලංකාවේ සෞඛ්‍ය සේවයට දල ජාතික නිෂ්පාදනයෙන් 4%ක් වෙන් කරනවා…- රාජිත ස්විටරලන්තයේදී කියයි..”

  1. බන්ඩය්යා says:

    මතකය් මතකය්. අධ්‍යාපනයට ‘යහපාලන’ පලමු අය-වැයෙන්ම 6%ක් වෙන් කලා වගේ නේද දතෝ

  2. GAMARALA says:

    2020 මේකා මකබැවිලා

  3. Critic says:

    Dentist,spread piles of lies all over the world.

Main News