ලංකාවේ ISIS නෑ.. සත්‍ය කියන්නේ මමයි.. විජේදාස කිවුවේ රජයේ මතය නොවේ.. – රාජිත

November 24, 2016 at 8:40 am | lanka C news
ලංකාවේ ISIS නෑ.. සත්‍ය කියන්නේ මමයි.. විජේදාස කිවුවේ රජයේ මතය නොවේ.. – රාජිත

ISIS සංවිධානයට ශ්‍රී ලාංකිකයින් බැදී ඇති බවට හෝ එවන් සංවිධාන මෙරට ක‍්‍රියාත්මකව සිටින බවට වාර්තා නැති බව ඇමති රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ලාංකිකයින් 37 දෙනෙකු ISIS සංවිධානයට බැදී ඇතැයි ඇමති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කරනු ලැබූ විමසීමේදීය.

ඇමති විජේදාස රාජපක්‍ෂ විසින් කියනු ලැබුවේ අසත්‍යයක් යයි තමන් නොකියන බවද කී ඔහු තමන් කියා සිටින්නේ රජයේ මතය බවද පැවසීය.

ඇමති විජේදාස විසින් ඉදිරිපත් කරනු ලැබුවේ රජයේ මතය නොවන බවද ඔහු සදහන් කලේය.

47 views
Main News