ලංකාව අදත් කුජීතයි.. කුපිත වූ ක‍්‍රීඩා ලෝලීන් පිටියට පහර දෙති.. කැරලි මර්ධන, ජල ප‍්‍රහාර කැදවති..

August 27, 2017 at 10:22 pm | lanka C news
ලංකාව අදත් කුජීතයි.. කුපිත වූ ක‍්‍රීඩා ලෝලීන් පිටියට පහර දෙති.. කැරලි මර්ධන, ජල ප‍්‍රහාර කැදවති..

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවරදී පැවති තුන්වන එක්දින තරගයේ ඉන්දීය කණ්ඩායම ජයග‍්‍රහණයට ඉතා ආසන්නයෙන් සිටියදී ශ‍්‍රී ලංකා ප්‍රෙක්‍ෂකයින් පිටියට පහර දෙන්නට වීම නිසා තරගය නවතා දමන ලදී.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සිය පන්දු ඔ්වර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලබා ගත් ලකුණු 217ට පිලිතුරු ලෙස ඉන්දීය පිල පන්දු වාර 43.6කදී කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 210ක් ලබා තිබියදී පේ‍්‍රක්‍ෂකයින් හිස් ජල බෝතල් ආදියෙන් පිටියට මෙසේ පහර දුන්හ.

කැරලි මර්ධන ඒකකය පිටියට පිවිස පිටිය වටා ගමන් කරන්නට වූ අතර ක‍්‍රීඩකයින් සියළු දෙනා පිටිය මැදට පැමිණියහ. ක‍්‍රීඩාංගණය ආසන්නයේ කැරලි මර්ධන ඒකක මෙන්ම ජල ප‍්‍රහාරක රථද කැදවා ඇත.

පසුව ටික වේලාවකින් තරගය යලි ඇරඹුනු අතර තරගයේ පන්දුවාර 45.1කදී කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 218ක් ලබා ගනිමින් ඉන්දීය පිල ජයග‍්‍රහණය වාර්තා කලේය. ඒ අනුව තරග පහකින් සමත්විත තරගාවලිය මේ වන විට 3-0ක් ලෙස ජය ගැනීමට මේ වන විටත් ඉන්දීය පිල සමත්ව සිටී.

145 views

26 Comments to “ලංකාව අදත් කුජීතයි.. කුපිත වූ ක‍්‍රීඩා ලෝලීන් පිටියට පහර දෙති.. කැරලි මර්ධන, ජල ප‍්‍රහාර කැදවති..”

  1. Kings says:

    අපේ ක්‍රීඩා ලෝලීන් මේ තත්වෙට වැ‍ටුනෙ, මේ අමන දේශපාලුවන් නිසයි. රේස් බුකි කාරයො තව තව සල්ලි හම්බු කරන්න ක්‍රිකට් ක්‍රීඩාව විකුනනව. ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ මොරාල් එක බිංදුවට බැස්සුව. කෝ දැන් අර අපෙ ආන්ඩුවෙ වාසනාවටයි මැච් දිනන්නෙ කියාපු බූරුවො ටික.?

  2. Rila sena says:

    ගොනෝ අහගනින් දන්නේ නැත්නම් ඉන්දියාවේ උන් අද මෙහෙම් ගහන්නේ උන්ගේ ක්‍රීඩා ලොලීන් හින්ද තමයි උන්දන්නවා පරද උනොත් හම්බ කරපු සේසතම ගිනිගන්නවා කියල අපේ උන්ටත් ඒ මරබිය දුන්නොත් හැදෙයි
    හැබයි ක්‍රීඩකයන් ට විතරක් ගහල හරියන්නේ නැ ඇමතිගේ ඉදල බුකිය දක්වා හැම එකටම ගහන්න ඕනි

  3. Boo says:

    බොහොම හොඳට ක්‍රීඩාව ගැන දන්නා ක්‍රීඩා ලෝලයින් සිටි රටක් අපේ රට, ඒත් අද ඉන්නේ ගොබ්බ ඉන්දියන් ස්ටයිල් එකට මැච් බලන මී හරක් රැලක්. ඔන්න ඔය වගේ නුගත්, අසික්කිත මී හරක් නිසා තමයි අද අපේ රට මේ තත්වෙට වැටුනෙත් ජනවාරි 8 න් පස්සේ.

  4. Lolla says:

    Economy එක ඉවරායි……..
    Cricket ඉවරායි……….
    අපේ රටත් ඉවරායි…….

Main News