ලංකාව අයවැය නිසා සෝමාලියාවක් වෙනවා..- විපක්‍ෂ නායක විග‍්‍රහය මෙන්න..

November 12, 2021 at 10:22 pm | lanka C news
ලංකාව අයවැය නිසා සෝමාලියාවක් වෙනවා..- විපක්‍ෂ නායක විග‍්‍රහය මෙන්න..

රට ගොඩනගනවා වෙනුවට මේ රට තවදුරටත් අගාධයකට රැගෙන යන අයවැයක් ආණ්ඩුව ඉදිරිපත් කළ බවත් මේ අයවැය අංක ගණිත ජිල්මාට් එකක් පමණක් බවත් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

අයවැය සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කරමින් පේ‍්‍රමදාස මහතා මේ බව පැවසුවේ අද (12) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

“රටේ ජනතාව අපේක්ෂා කළේ ප්‍රගතිශීලී අයවැයක්. නමුත් ලැබුනේ හිස් ප්‍රලාපයක්. ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්. නමුත් ලැබුණේ ප්‍රතිගාමී පුස්සක්. මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ. අයවැය හිගය අවම කරන සැලැස්මක් නෑ. ජීවන වියදම, උද්ධමනය නිමා කරන්න වැඩපිළිවෙළක් නෑ. ජන ජීවිත ගොඩනගන වැඩපිළිවෙළක් නෑ. ගොවියා නගාසිටුවන ක්‍රමවේදයක් නෑ. ආදායම් උත්පාදන ක්‍රමවේදයක් නෑ.කෙටියෙන් කීවොත් මේ අයවැය, සෝමාලියානු පන්නයේ අයවැයක්. මේක ජනතාව රවට්ටපු අයවැයක්.

තමන්ගේ හිතවතුන් සතුටු කරන අයවැයක් මිස, රට ගොඩනගන වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නෑ.

කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන වැඩපිළිවෙළක් නැති හිස් ලියවිල්ලක්. ව්‍යසනයෙන් පීඩා විදින ජනතාවට අයවැයෙන් තවත් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ විතරක් නෙවේ,රාජ්‍ය සේවකයින්ට, පෞද්ගලික අංශ සේවකයින්ට කිසිම වැටුප් වර්ධක කිසිවක් නැති අයවැයක්. කොටින්ම කීවොත් ජනතාව අමතක කොට තමන්ගේ හෙංචයියන්ට උවමනා විදිහට හදපු ලියවිල්ලක්.”

– media unit

30,172 views

25 Comments to “ලංකාව අයවැය නිසා සෝමාලියාවක් වෙනවා..- විපක්‍ෂ නායක විග‍්‍රහය මෙන්න..”

  1. Sarath says:

    Meyage muhuna dakkama mathak wenne Somaliyawa thamai! Udeta dakkoth kendath naha!

  2. Agbo says:

    මෙයා බලයට ආවා නම් සෝමාලියාව වෙන්න තිබුණේ ගිය අවුරුද්දේ. මුං අවුරුදු 5ක් ඉදල රට බංකොලොත් නොකලා නම් අද රට ගොඩ ගිහින් .

  3. 3% ට බය බයියා. says:

    69 ලක්ෂයේ බලාපොරොත්තුව එයයි .නූතන ගෝත්‍රික වහල්ලු වගේ එතකොට ජීවත් වෙන්න පුලුවන් .රට වලපල්ලට නොදා ජනතාවට සහන දීලා හිගන ජාතියක් බවට පත් නොකර ,විජාතිකයන්ට රට විකුණන එක නවතා මාෆියාව පරාජයට පත් කර නැවතත් මව් බිම බේරා ගන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  4. කැපුවත් පොහොට්ටුවට says:

    බූරු පුතානෝ මෝඩයා. පොහොට්ටුවෙ ජය 2025 දිත් නියතයි.

  5. Dikan says:

    නිකං පලයං හු…

  6. kawinda says:

    Tele Prompter ekak nethuwa me manussayata kisima deyak kiyanna behe. aya weya gena kiyanna kodi watakarapu sepa putuwaka innama onada meya..? maha loku witharayak kiyanna wage indagattha. hemadaama wage kiuwe nodanna nodanna magulak.

  7. ඇයි දැන් කියල මේක ස්ව්ස්ටර්ලන්ත්යක්ද

  8. Asanka says:

    Gog wassa