ලංකාව ආහාර සොයාගන්න අපහසුම රටවල් 05 අතරට..- චන්දිම

August 23, 2021 at 10:00 am | lanka C news
ලංකාව ආහාර සොයාගන්න අපහසුම රටවල් 05 අතරට..- චන්දිම

ලෝකයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අපහසුම රාජ්‍යයන් 5 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා සඳහන් කරයි.

අද වන විට රට ආර්ථික වශයෙන් දැඩි පීඩන තත්ත්වයකට පත්ව සිටින බවද පැවසූ ඔහු පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ලෝකයේ ආහාරය හිගයක් ඇති වෙද්දී ‘අපි වවමු රට නගමු’ වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ ද අද එවන් තත්වයක් පේන්නේ නැතැයිද ජනතාවට බඩගින්න තදින්ම දැනෙන යුගයක් ඇති වී තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

‘මගේ තරහකාරයෙක් ඇරෙන්න මට ඇමති ධූරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන කිසි කෙනෙක් නෑ. මට හිතවත් මට ආදරේ කරන කිසිවෙක් ඇමති ධුරයක් ලැබීම ගැන තුන් හිතකින්වත් පාර්ථනා කරන්නෙ නෑ’ යයිද ඒ මහතා කියා සිටියේය.

පවතින ව්‍යවසනය සම්බන්ධයෙන් සාකච්චා කිරීමට පක්ෂ නායකයන් නොකැඳවා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් කැඳවා සාකච්චා කරනු තමන් දුටු බවත් ඔහුගෙන් පමණක් උපදෙස් ගන්නේ නම් වත්මන් රජය හා ජනාධිපතිවරයාටත් පවසන්න ඇත්තේ ‘සම්මා සම්බුදු සරණයි’ යනුවෙන් පමණක් යයිද ඔහු පැවසීය.

අක්මීමන ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

99,942 views

29 Comments to “ලංකාව ආහාර සොයාගන්න අපහසුම රටවල් 05 අතරට..- චන්දිම”

  1. සරා says:

    ඇමති කමක් නැති නිසා මූට කෑම හිඟ වෙලා කෑ ගහන්නෙ. ඇමතිකම් තියෙන එවුන් කනව බලාගෙන ඉන්න බැරුව.

  2. රාජන් says:

    අප්පේ ඇමතිකමක් නොලැබුනාට ඩෝං ගිහිල්ලා තියන තරං !

  3. nim says:

    උබලනේ යකෝ වග කියන්න ඕනේ .

  4. SL says:

    කව්රුහරි හිතනවා නම් මේ හිටපු රජයවල් වල දෙයක් කියල………………පොඩි ලකුණක් දාගන්න පුළුවන් මහවැලි ව්යාපරයටයි,ගල්ඔය ව්යාපරයටයි විතරයි .ඒ කුඹුරු හදපු නිසා. ලංකාව ට ස්වභාවයෙන්ම තිබුනේ ශශ්‍රික පරිසරයක් .කොස් ගෙඩියක් හරි කාල ඉන්න පුළුවන් වාතාවරණයක් රටේ තිබ්බ.අධික ජන ඝනත්වයත් එක්ක ඉඩම් කුඩා වීම නිසා මේ තත්ත්වය ඉක්මනින්ම නැතිවෙලා යන්න පුළුවන්.

    විකල්පයක් විදියට තට්ටු ගොඩනැගිලි හදල (6-7) ගොඩ නැගිලි වලට යන ඉඩ ප්‍රමාණය අවම කරගතයුතුයි.
    වගාවට ඉඩම් ඉතිරිකරගතයුතුයි. කොළඹ අවට තෙත් කලාපය්ගේ සිදුවන ඉඩම් කැබලි කිරීම් සම්ප්රුනයෙන් නවතියයුතුයි .

  5. මේ මතය පිළිගත නොහැකියි.ආර්ථික මධ්යස්ථානවල විකුණාගත නොහැකි ආහාර දුවය අපි දුටුවා.දේශපාලඥයින් කල යුත්තේ ඒවා ආරක්ෂා කරන ශීතාගාර සකස් කොට ආහාර දූවය කල්තබා ගත හැකි ක්රම සකස් කිරීමයි.මැසිවිලි නොනඟා රටට වැඩ කරන්න.

  6. Herath Banda Karaliyada says:

    We identified that Chaminda Weerakkody has been leading role of played politics of SLFP leadership of Maithripala Sirisena. The under so-called UNP leadership “Good Governances and Rule of Law ” of by Ranil Wicks of Christen guidances of that Bibal theory. Now he change by critic of SLPP leadership of Gota, Basil and MR. That is we understand because he has NOT got Minstership by SLPP leadership.