ලංකාව ඉන්ධන ණය ඩොලර් බිලියන 2.6ක්… සමාගම් ලංකාවට ඉන්ධන දීමට පසුබසී.. තෙල් බිල ගෙවුවොත් ලංකාව බංකොලොත්..

April 12, 2021 at 3:50 pm | lanka C news
ලංකාව ඉන්ධන ණය ඩොලර් බිලියන 2.6ක්… සමාගම් ලංකාවට ඉන්ධන දීමට පසුබසී.. තෙල් බිල ගෙවුවොත් ලංකාව බංකොලොත්..

අද වන විට ශ්‍රී ලංකාවේ ඇත්ත මූල්‍ය බංකොලොත් තත්ත්වයක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට සමාගම් විසින් තෙල් සැපයීම අදිමදි කරමින් සිටින බවද ඔහු පැවසීය.

මේ වන විට ඩොලර් මිලියන 2600ක මුදලක් ඉන්ධන සදහා තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු බව කෝප් කමිටුවේදී හෙළි වූ බවද ඒ මහතා කීය.

දැනට මෙරට ඇති ඩොලර් බිලියන 4ක සංචිතයෙන් ඉන්ධන බිල ගෙවා දැමුවොත් මේ රට බංකොලොත් වන බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට තෙල් සඳහා වන මුදල් පියවීම සඳහා අවුරුද්දක කාලයක් රජය විසින් ඉල්ලා ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

62,857 views

37 Comments to “ලංකාව ඉන්ධන ණය ඩොලර් බිලියන 2.6ක්… සමාගම් ලංකාවට ඉන්ධන දීමට පසුබසී.. තෙල් බිල ගෙවුවොත් ලංකාව බංකොලොත්..”

  1. Aurora says:

    පා. ච. කියන්නේ පට්ට බොරුකාරයෙක්. නමුත් රටේ විදේශ විනිමය අර්බුදයට වගකියන්න ඕන ආණ්ඩුවමයි. කොරෝනා පළමු රැල්ල ආ හැටියේම විපක්‍ෂයේ බලකිරීම නිසාමත් බටහිර ඖෂධ මාෆියාවේ බලපෑම නිසා දේශීය වෙදකම ආණ්ඩුව ප්‍රතික්‍ෂේප කලා. මල ඉලව් නිරෝධායන නිතිය බලාත්මක කරලා සියළුම නිෂ්පාදන කර්මාන්ත විනාශකළා. දැන් සියලුම නිෂ්පාදන කර්මාන්තශාලා බොහොම අමාරු තත්වයක තියෙන්නේ. යන්තම් මොලේ ටිකක් හෝ පැදිලා 2021 ට රට වැහුවේ නැහැ. ඒ නිසා මිනිස්සු බටහිර දොස්-තර ලට ඕන මගුලක් කරගන්න ඇරලා හෙලවෙදකම් කරගෙන සුවෙන් ඉන්නවා. දැන්වත් නිරෝධායන නිතිය අකුලගන්න. දේශීය වෙදකම කරන්න ඉඩ දෙන්න. සෞක්‍ය අමාත්‍යාංශය නොවේ රටට වගකියන්න වෙන්නේ ජනාධිපති. ඉක්මණින් ගුවන්තොටුපොළ ඇරලා සංචාරකයන් සහ අපේ විදේශ ශ්‍රමිකයන්ට එන්න දෙන්න. ගුවන් යානයට නගිනකොටම කසාය බොන්න දෙන්න. මෙහෙම ගියොත් රට විනාශ වෙනවා, හිඟමනට වැටෙනවා.

    • SL guy says:

      100% agree. We need money “Dollars” either from citizens working in oversees and tourists. This is the only way to survive in the short term.

  2. සත්‍යය says:

    රාවණයි අපේ යක්කු සෙට් එකයි අපිව ගලව ගන්නවමයි. රත්න දීප, ජන්ම භූමී..

  3. Duminda says:

    කාලකන්නි දේශපාලඥයෝ රට බංකොලොත් වෙනකොට සතුටින් ඉන්න කාලකන්නි පහුගිය අවුරුදු පහක් පුරා මුකුත් නොකරපු නිසා තමයි මේ තත්ත්වය උද්ගත වුණේ

  4. Upul says:

    යකු අපි තෙල් ණයට ගහල වගේ නේ

  5. ලොකු නම says:

    තවත් කාලකන්නි පාහරයෙක්…..

  6. On The Spot says:

    කට දිහා බැලුවම තේරෙනව ඒක පච මෝලක් බව​.ඔය ඉන්දන ණය මං හිතන්නෙ මේ ආණ්ඩුවෙන් ගත්තුව වෙන්න ඇති. යහපාලන කාලෙ චම්පිකල දිව්වෙ සූර්‍ය බලයෙන්නෙ.කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට ඕව කියාපං.

  7. Asoka says:

    mu nikan burana ballek. Mu Lester James Peris thuma trastha waadiyek kiyala photo damma. Mugay munawath ballanna baha kewwa boruwata samaawa ganna aapuwelaaway

  8. Asoka says:

    Patalee Champaka Appuhamy , ex-JVP who knows how many murders he did. He about to kill that motor cyclist also.

  9. ගෙම්බා says:

    ඉක්මනට ඔය කියන බිල ගෙවලා ලංකාව බංකොලොත් කරමු. එතකොට කාලකන්නි තොපිත් ඉවරයි .අපිත් ඉවරයි !

  10. naleen says:

    විදුලිය සහනාදාරයක් විදිහට නැතුව සැබෑ වියදමට අයකලොත් මොකද? දුප්පත් ගොඩක් අයට ආපහු පහන් ලන්තෑරුම් පත්තු කරන්න වෙයි. but ඉන්න රටක් ඉතුරු වෙයි?