‘ලංකාව ඒකාධිපතිත්වයක් කරා යමින් තිබෙනවා’ මැතිවරණ කොමිසමේ ලොක්කෙත් විදෙස් මාධ්‍යට කියයි..

April 8, 2020 at 2:10 pm | lanka C news
‘ලංකාව ඒකාධිපතිත්වයක් කරා යමින් තිබෙනවා’ මැතිවරණ කොමිසමේ ලොක්කෙත් විදෙස් මාධ්‍යට කියයි..

ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගතයෙන් මිදීමට පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන් සමාජයට නායකත්වය දිය යුතු බවත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් එම බර ඇදගෙන යා නොහැකි බවත් පෙන්වා දෙන ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අවස්ථාවේදී තමන් ජනතාවට සහන සලසමින් සිදු කරන්නේ දේශපාලනයක් නොව සමාජ යුතුකමක් ඉටු කිරීමක් බව අවධාරණය කරයි.

කොරෝනා ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් දේශපාලනඥයන් තම පක්ෂ හා අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන බවට මැතිවරණ කොමිසමේ සභාපති නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී මහතෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

හෝමාගම රෝහලේ කොවිඞ් ආසාදිත රෝගී ඒකකයට වායුසමීකරණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

“පළමුව කිව යුතුයි, ‘අපට කොරෝනා රෝගීන් අල්ලාගෙන දේශපාලනය කරන්න උවමනාවක් නැහැ’ කියා. මට නම් පෙනෙන්නේ මැතිවරණ කොමිසම යම් දේශපාලනයක් සිදු කරන බවයි. මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකු බී. බී. සී. පුවත් සේවයට පවසා තිබුණා ‘මේ රට ඒකාධිපතිත්වයක් කරා යමින් තිබෙනවා’ කියා. එහි සභාපතිවරයා නිහඬව සිට එක්වරම සිහිනෙන් අවදි වූවා සේ මෙවැනි නිවේදන නිකුත් කරනවා. ඔවුන් පසුගිය ආණ්ඩ කාලයේ හැසිරුණු විදියයි දැන් හැසිරෙන විදියයි අපට හොඳට තේරෙනවා. අපි කුඩා දරුවන් නොවෙයි. ඒ නිසා අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නඩයෙන් ඉල්ලනවා. ‘කරුණාකර මෙපමණ ව්‍යසනයක් සිදුව ඇති මොහොතක ඔබලා සිදු කරන දේශපාලනය නතර කරන්න’ කියා.

මේ ව්‍යවසනයෙන් මිදීමට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් භේද නොතකා සමාජයට නායකත්වය ලබා දිය යුතුයි. රාජ්‍ය නිලධාරීන්ට පමණක් මේ බර අදින්න බැහැ. මෙපමණ ව්‍යසනකාරී වෙලාවක දී අපට මේ රටේ මිනිස්සුන්ට පිහිට වෙන්න බැරිනම් මොකද්ද එතැන තිබෙන සාධාරණය. මේ මොහොතේ ජනතාවට සහන සැලසීම අපේ අයිතියක්. ඒ අයිතිය අනුව අපි කටයුතු කරනවා. එය නතර කිරීමට කිසිවෙකුට බැහැ.”

මෙම අවස්ථාවට හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජනිත් හෙට්ටිආරච්චි, වෛද්‍ය අශෝක ජයතිලක, ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල හා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස් යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්

288 views

68 Comments to “‘ලංකාව ඒකාධිපතිත්වයක් කරා යමින් තිබෙනවා’ මැතිවරණ කොමිසමේ ලොක්කෙත් විදෙස් මාධ්‍යට කියයි..”

  1. kgs basna says:

    I hope everyone will remember how Mahinda Deshapriya held a party in his home with Sunanda Deshapriya to celebrate Mahinda Rajapksa’s exit in 2015. Mahinda Deshapriya travels around the world and meet the opposed parties (like LTTE, UNP, JVP etc) and hold meetings to overthrow the current regime. He is not an independdent person.
    How in the world give Election Commission to a Terrorist (Sunanda Deshapriya’) brother?
    Our intelligence and security services do not take any action! It is pathetic.
    Mahinda Deshapriya and Rajan Hoole shall be arrested for bringing government to disrepute in this difficult situation.

  2. s. deshapriya says:

    අපේ මැකෝ ලොක්කට මුඛ වාඩම් දාන්න බැහැ,උන්නැහේගෙ හොම්බ දිගයි.

  3. charles says:

    West has so many other things to worry about. They have no time for Sri Lanka even what the guy from election commission right. Anyway what he said was wrong. The government should take legal action on him.

  4. Nandasoma Suriyaarachchi says:

    මෙච්චර ව්‍යසනයක් වෙලා තිබියදී, එයට පිලියම් සෙවීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයේ දිග පළල සෙවීම කෙතරම් පහත් ක්‍රියාවක්ද…?

  5. nimalsiri says:

    mechchara corona gena mulu lokema kathaakoraddee,ara moosala moonak ethi mahinda kiyana chanda naakiyata corona vishabeeja tikakwath moonata ahuralaa,uwa nihanda korapallaban.muge moone photo eka
    minpasu lanka c paththare daannama epaa.

  6. The PEOPLE says:

    The people have a very good perception about this person’ s behaviour. The people in this country would never,ever allow his sinister intentions to be realised.

  7. අල්ලපු ගෙදර තිනන් says:

    මැ.කෝ. ගැන අපට දැන් කිසිදු විශ්වාසයක් නැත.

  8. sena says:

    තොපිවාගේ උන් ගැස්කාමරවලට යවන්න හිට්ලර්ගෙ තියරිය තමයි මේ රටට දැන් ඕනැවේන්නෙ

  9. සයිබර් නානා says:

    කැම්පස් ඉන්න කාලෙ පෙරහැර බලන්න ගිහිං ජැක් ගහල අහුවෙලා කෙල්ලගෙ අය්යලගෙන් අම්බානක කාපු එකා

  10. saji says:

    hoole, cook, david, breckenridge, joseph, brendon, …. oyawage ingirisi nam aeragena kristiyani wunu demala hindu aya avurudu dahas gaanak thisse kula waadaya nisa peeda windi aya. oka thama unta thiyana prasne.

Main News