‘ලංකාව ඒකාධිපතිත්වයක් කරා යමින් තිබෙනවා’ මැතිවරණ කොමිසමේ ලොක්කෙත් විදෙස් මාධ්‍යට කියයි..

April 8, 2020 at 2:10 pm | lanka C news
‘ලංකාව ඒකාධිපතිත්වයක් කරා යමින් තිබෙනවා’ මැතිවරණ කොමිසමේ ලොක්කෙත් විදෙස් මාධ්‍යට කියයි..

ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගතයෙන් මිදීමට පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන් සමාජයට නායකත්වය දිය යුතු බවත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් එම බර ඇදගෙන යා නොහැකි බවත් පෙන්වා දෙන ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අවස්ථාවේදී තමන් ජනතාවට සහන සලසමින් සිදු කරන්නේ දේශපාලනයක් නොව සමාජ යුතුකමක් ඉටු කිරීමක් බව අවධාරණය කරයි.

කොරෝනා ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් දේශපාලනඥයන් තම පක්ෂ හා අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන බවට මැතිවරණ කොමිසමේ සභාපති නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී මහතෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

හෝමාගම රෝහලේ කොවිඞ් ආසාදිත රෝගී ඒකකයට වායුසමීකරණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

“පළමුව කිව යුතුයි, ‘අපට කොරෝනා රෝගීන් අල්ලාගෙන දේශපාලනය කරන්න උවමනාවක් නැහැ’ කියා. මට නම් පෙනෙන්නේ මැතිවරණ කොමිසම යම් දේශපාලනයක් සිදු කරන බවයි. මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකු බී. බී. සී. පුවත් සේවයට පවසා තිබුණා ‘මේ රට ඒකාධිපතිත්වයක් කරා යමින් තිබෙනවා’ කියා. එහි සභාපතිවරයා නිහඬව සිට එක්වරම සිහිනෙන් අවදි වූවා සේ මෙවැනි නිවේදන නිකුත් කරනවා. ඔවුන් පසුගිය ආණ්ඩ කාලයේ හැසිරුණු විදියයි දැන් හැසිරෙන විදියයි අපට හොඳට තේරෙනවා. අපි කුඩා දරුවන් නොවෙයි. ඒ නිසා අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නඩයෙන් ඉල්ලනවා. ‘කරුණාකර මෙපමණ ව්‍යසනයක් සිදුව ඇති මොහොතක ඔබලා සිදු කරන දේශපාලනය නතර කරන්න’ කියා.

මේ ව්‍යවසනයෙන් මිදීමට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් භේද නොතකා සමාජයට නායකත්වය ලබා දිය යුතුයි. රාජ්‍ය නිලධාරීන්ට පමණක් මේ බර අදින්න බැහැ. මෙපමණ ව්‍යසනකාරී වෙලාවක දී අපට මේ රටේ මිනිස්සුන්ට පිහිට වෙන්න බැරිනම් මොකද්ද එතැන තිබෙන සාධාරණය. මේ මොහොතේ ජනතාවට සහන සැලසීම අපේ අයිතියක්. ඒ අයිතිය අනුව අපි කටයුතු කරනවා. එය නතර කිරීමට කිසිවෙකුට බැහැ.”

මෙම අවස්ථාවට හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජනිත් හෙට්ටිආරච්චි, වෛද්‍ය අශෝක ජයතිලක, ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල හා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස් යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්

351 views

68 Comments to “‘ලංකාව ඒකාධිපතිත්වයක් කරා යමින් තිබෙනවා’ මැතිවරණ කොමිසමේ ලොක්කෙත් විදෙස් මාධ්‍යට කියයි..”

  1. Edmond says:

    All three scum bags (Hoole, Desa-Apriya, and other person) should be chased away, and dissolve this cesspit of Election Commission. Hoole is a Tiger sympathiser, anti sinhala buddhist traitor. He is a Tamil Christian racist.

  2. T says:

    Janadi Pathi Tumange Adiksanya Yatathe Corona Mardanaya Athulu Rajaya Paripalana ya Itha Saratakawa Wena Bawath Idiri Maha Mathi Warane di Doller Kakanta kela wena Bawa Penne Nisa Patagathi Chanda Komisa Me Haliya ta Dan Puke Amaru wa Hadila.

  3. Bnv says:

    All knows that vimal doing these things to increase his preferential votes.

    • Ama says:

      I agree with you. I think we should remind him about the 80s the damages what they did to this country

      • හරමාණිස් ලොකුලියන says:

        Bnv & Ama, ඊයේ විකාශනයවූ අලුත්ම දෙරණ 360 වැඩසටහණ නරඹා රටේ, ලෝකයේ පවතින අලුත්ම තත්ත්වය ගැන දැණුවත් වෙයල්ලා, බොරුවට අම්බරුවෝ වගේ තප්පුලන්නේ නැතිව.

    • ජනක says:

      ඈ බොල පරයෝ මේ අවස්ථාවේ ඇමති මණ්ඩලේ ගෙදරට වෙලා නිරෝධායනය වීගෙන හිටියාම රටේ මිනිසුන්ගේ අවශ්‍යතාවලට විසදුම් දෙන්නේ උඹද ?. වෙන එකක් තියා මුක ආවරණ ලබාගන්න ඇමරිකාව එංගලන්තය වගේ රටවලටත් අද බැරිවෙලා තිබෙනවා ඒ අනුව විමල් ශ්‍රිලංකාවේ දක්ෂ තරුණයන් ,නිර්මාණ ශිල්පින් ,සමාගම් එකතුකරගෙන සවුක්ය කේෂ්ත්ර්යේ අදාළ යන්ත්‍ර රොබෝ යන්ත්‍ර ඇඳන් ආදිය නිෂ්පාදනයට මුලික වෙන එක චන්ද බලාගෙන කරන වැඩක්ද බල්ලෝ .
      දැන් බලපන් තොපේ හිටපු අර කානු කටා කියන පරෙශිගේ පුතා වගේද පවිත්‍රා ඇමතිනිය ,ඉතාම හොද පවුර්ශයකින් ඉතාම මහන්සියෙන් හැම දෙයක්ම හොයා බලා කටයුතු කරනවා එක ත් මනාප ගන්නද ?පොල් බුරුවා උඹ කියන්නේ රටේ දේශපාලකයෝ ඉන්නේ පාර්ලිමේන්තු ගිහිල්ල ඊට පස්සේ මාදයේ පච කියන්න කියලද අර උඹලගේ පුතානෝ ,පොන්න මංගල ,අනුර කුමාර ,කානු කටා ,පචයා වගේ

      • Bnv says:

        If this done by other opposite politician, we can see how these fellows act. There are plenty of other politician/businessman /society workers/sportsmans who done immense work silencely not in front of media. Some are comments here wash some politicos shit

        • නුවන් says:

          ඔන්න මල්ලිලා මේ උඩින් යටින් ඉංගිරිසියෙන් කොමෙන් දාල තියෙන්නේ බටහිර සල්ලි වලින් දුවන එන්ජිඕ හැත්ත

    • Boo says:

      All you can do is shooting the messenger, not understanding the message.

  4. Oliver says:

    President should take swift action and appoint a new Elections Commissioner and new members to the EC

    • Hudson says:

      Yes, appoint Basil as the commissioner Wimal, Gammanpila, mahindanabda, miriskudu as members. I am with u.

  5. Nimal says:

    Giya anduwa mathiwarana thiyanne nathiwa innakota oya swadina yai kiyana komisame un koheda hitiye mathiwarana thiyanne nathiwa innakota ekadipathi widihata neweida hitiye kohomatath mallith rata pawadilane ratin panala giye

    • රාක්ෂ says:

      ඇත්ත මචන් ඒකාලේ ඔය හුල් ලගේ මහින්ද දේශප්‍රියගේ කටේ ගෙඩි තිබ්බා එනිසා උන් ගොළුවෝ වගේ උන්නා බිබිසි එකට වොඉය්ස් කට් දෙන්න ගියේ නෑ.දැන් තමයි මෙකුන්ගේ නියම කලර්ස් එලියට එන්නේ .මුන් ව මේ කොමිසම් වල තියාගෙන ඉන්නේ මොන කෙහෙල්මලකටද ? ආයේ අර කරු ජුයසුරියලා , මංගල සමරවීරලා ,සජිත් ප්‍රේමදාසල රනිල් වික්‍රමසිංහලා එකතුවෙලා ආණ්ඩුවට විරුද්දව අපේ ගරු ජනාදිපතිතුමාට විරුද්දව මහා අන්තර්ජාතික කුමන්ත්‍රණයක් කරනකම්ද බලාගෙන ඉන්නේ .මුන්ගේ පුකට පයින් ගහලා එලව දමන්න නිතියානුකුලව ඕනානම් අපි පාරට බහින්න සුදානම් ලක්ෂ ගනින් මුන් තුන්දෙනාට විරුද්දව

  6. බිල්ල says:

    හැබැයි මහින්ද දේශප්‍රිය කියන්නේ මහා ලජ්ජා නැති පරයෙක්. මු 2015 චන්දෙදි කිව්වා ඔලුවට වෙඩි තියන්න කියල, නමුත් යහපාලන ආණ්ඩුව යටතේ චන්දෙ තියනකොට ඒ කථා වහල 50% නැතිවුණාම කරණ දේවල් කියනවා. මුන් ඩොලර් හිඟන්නෝ. පවුලම එකයි. ඩොලර් එකක් අශුචි ගොඩක තිබුනොත් දිවෙන් ගන්න උන්.

    • රතුගම says:

      අනිවාර්යෙන්ම ඔය මිනිහා මහා ප්‍රබුද්දයා වගේ කතා කලාට එදා 2015 වෙදී මහින්දට විරුද්දව බොහොම ප්‍රජාතන්ත්රවාදයේ පියා වගේ මිනිසුන්ගේ ඔලුවට වෙඩි තියන්න කිව්වට පහුගිය ජනාදිපතිවරණයේදී යහපාලන ආණ්ඩුවට ඒවගේ සත්තම් දැම්මේ නෑ. ඔය මිනිහා අමුම අමු පක්ෂග්‍රාහී නරුමයෙක් .ඔය මිනිහා ගැන අපේ කිසිම විශ්වාසයක් නෑ මෙකියන්නේ මේ රටේ චන්දබලයෙන් නියෝජිතයෝ පත්කරන මහජනතාව ,අපේ විශ්වාසය තමයි ඉතාම වැදගත් පාලිමෙන්තුවේ ඉන්න ගුඑන්පි ජේවීපී අන්තවාදී ,TNA ආදී පක්ෂ කියන දේ නොවේ .එනිසා අපි ජනාදිපතිතුමාගෙන් ඉලන්නේ මොන ක්‍රමයකින් හරි මේ පක්ෂග්‍රාහී මැතිවරණ කොමිසම විසුරුවාහරින ලෙසයි මුන් යන්නේ නැතිනම් යවන හැටි ජනතාව දන්නවා .

      • අල්ලපු ගෙදර තිනන් says:

        මම ලියන්න ආපු ටිකම රතුගම මහතා ලියලා තියෙනවා. මේ විදියට බොහෝ දෙනාට දැනෙනවා කියන්නේ, මැකෝ වැඩ කරන පක්ෂග්‍රාහී වැඩ පිළිවෙල බොහෝම පැහැදිලිව පේනවා කියන එකයි. මැකෝ ගෙදර යන්න කාලෙ හරි. පක්ෂග්‍රාහී නොවන රටට හිතැති කෙනෙක් ඒ වෙනුවට පත්විය යුතුය

  7. John the Baptist says:

    What Mr. WW saying is absolutely correct! We all saw how that tamil racist bugger in the EC sided with Pad premadasa to deny the victory for MR GR.

  8. Sadda says:

    ඕකුන්ට කුද ගහගන්න කියමු.

  9. david milibanda says:

    Food distribution was successfully commenced in the Kaduwela Municipal Council area.
    Kaduwela area is generally better managed even before Corona.

  10. prasad says:

    මෙම අවස්ථාවේ ඕනෑම ආයතනයක් කල යුත්තේ රජය විවේචනය නොකර, ඇඳිරි නීතිය නිසා පීඩාවට පත් වී සිටින ජනතාව වෙනුවෙන් යම් සේවාවක් සැපයීමට ඉදිරිපත් වීම වේ. මෙම මැතිවරණ කොමිසම යම් යම් සාධනීය මට්ටමක් පෙර මැතිවරණ වලදී පෙන්නුම් කලද මෙවන් ව්‍යසනයකදී කුහහ ප්‍රකාශ කිරීම මොවුනට තරම් නොවේ.

    මැතිවරණ කොමිසම ඔවුන්ට අදාල ඍජු තීරණ ගත යුත්තේ මැතිවරණයකදී මිස තමන්ගේ විෂය පථයෙන් පරිබාහිර මෙවන් ව්‍යසනයකදී නොවේ.මෙහි සභාපති වේවා, සාමාජියන් වේවා, තමන් මාද්‍ය මගින් යම් ජනප්‍රියතාවයක් ලබා හෝ පුම්බා සිටියද, ජනතාව ඔවුන් සියල්ල දත් බ්‍රහ්මදත්ත පුරෝහිත තත්වයෙන් සැලකීම ඉතා අනුවණ කමකි. ඒ මන්ද යත් මෙහි ඇතැමුන්ගේ පවුල් පසුබිම සලකා බලනකල රටට ද්‍රෝහී පවුල් සාමාජිකයන් සහිත සියල්ලෙහි වරද දකිමින් විවේචනය ජාන ගත වූ අයද ඇත.

    මෙම අවස්ථාවේදී විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ ආශ්‍රිත අඩු අදායම් සහිත පැල්පත් ජනතාව ට ආහාර, බෙහෙත් යම් ප්‍රමාණයකට හෝ නොමිල් ලබා දීමට යමෙක් හෝ යම් ආයතනයක් හෝ අඩුවශයෙන් යම් දෙසපාලුවෙක් හෝ ඉදිරිපත් වේ ක්‍රියා කරනවානම් ඉතා වටනේය.

Main News