ලංකාව කොටස් 09කට බෙදන්න සැලසුමක්..- GSLF කියයි..

January 17, 2019 at 4:40 pm | lanka C news
ලංකාව කොටස් 09කට බෙදන්න සැලසුමක්..- GSLF කියයි..

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

වත්මන් රජය විසින් පසුගියදා පාර්ලිමේන්තුව තුල එළිදක්වන ලද නව ව්‍යවස්ථා යෝජනා ඒකීය වූ ශ්‍රී ලංකා රාජ්‍යය, රටවල් 9 කට  බෙදා වෙන්කිරීමේ සැලසුමක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩල වාර්තාවේ පළමු වන පරිච්ඡේදයෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත ස්වාභාවයෙහි ඒකීය තත්වයක් නොමැති බව මැනවින් දක්වා ඇත. එය එම වාර්තාවෙහි ශ්‍රී ලංකා රාජ්‍යයෙහි ස්වාභාවය විස්තර කරනු ලබන “ශ්‍රී ලංකාව (ලංකාව) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා ඇති බලතල ක්‍රියාත්මක කරනු ලබන්නා වූ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකීය රාජ්‍යක් / ඔරුමිත්ත නාඩු වන්නා වූ නිදහස් ස්වෛරී, ස්වාධීන ජනරජයක් වේ.” යන වගන්තියෙන් පැහැදිලි වේ.

මෙහි පැහැදිලිව සඳහන් වන පරිදි ශ්‍රී ලංකා රාජ්‍යය මධ්‍යම ආයතන සහ පළාත් ආයතන මඟින් සමන්විත  සන්ධීය / ෆෙඩරල් රාජ්‍යයක් වන බව මනාව පිළිබිඹු කර ඇත. එහි අවසානයට ඒකීය රාජ්‍යය යන්න සිංහලෙන් සඳහන් කර, පසුව පෙර සඳහන් කළ සන්ධීය ස්වාභාවයට ගැලපෙන පරිදි දමිළ භාෂාවෙහි එන ඔරුමිත්ත නාඩු, නැති නම් පළාත් රාජ්‍යයන්ගෙන් සැදුම් ලත් එක්සත් රාජ්‍යය සංකල්පයට සමාන දමිළ වචනය යොදා ඇත.

මෙහි තවදුරටත් සන්ධීය ස්වාභාවය තහවුරු කිරීම උදෙසා ඍජු ලෙසින් ම පර්යන්ත ආණ්ඩු  (පළාත් ආණ්ඩු) තුළින් පත්කරගන්නා නියෝජිතයන්ගෙන් සමන්විත දෙවන මන්ත්‍රී මණ්ඩලයක් ද යෝජනා කර ඇත.

සන්ධීය ස්වාභාවය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම උදෙසා පොලිස් බලතල මධ්‍යම ආණ්ඩුවෙන් ව්‍යුක්ත වූ පළාත් පොලිස් කොමිෂන් සභාවකට පවරා ඇත. එමෙන්ම පළාතේ  ඉඩම් බලතල ද පළාත් සභාවට ලබා දී ඇති අතර පළාත් මූල්‍ය අරමුදල මඟින් මූල්‍ය බලතල ද කේන්ද්‍රයේ සිට පර්යන්තය වෙත විමධ්‍යගත කිරීම මඟින් පළාත් ආණ්ඩුවලට මධ්‍යම ආණ්ඩුවෙන් ව්‍යුක්තව ස්වාධීන රාජ්‍යයන් වශයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය වාතාවරණය මැනවින් සකසා දී ඇත.

මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩල වාර්තාවේ XII වන පරිච්ඡේදයේ මධ්‍යම ව්‍යවස්ථාදායකය සතු බලය සාකච්ඡා කර ඇත. එහි 132 වන වගන්තියට අනුව ජනරජයේ සම්පූර්ණ භූමි ප්‍රදේශයටම හෝ එකී භූමි ප්‍රදේශයේ යම් කොටසක් සඳහා ව්‍යවස්ථාදායකය විසින් නීති සාදනු ලැබිය  හැකිය. එනමුදු එය උදෙසා හාස්‍යජනක ව්‍යතිරේක දෙකක් පනවා ඇත. එනම් එම නීතිය පැනවීමට සියලු පළාත් සභා එකඟ විය යුතු වීම සහ ඉහත දැක්වූ ආකාරයට මධ්‍යම ව්‍යවස්ථාදායකය විසින් නීතියක් සම්මත කරනු ලැබ ඇති අවස්ථාවකදී එම කරුණ සම්බන්ධයෙන් ඉන් පසුව නීති සම්පාදනය කිරීමට ඕනෑම පළාත් සහාවකට හැකියාව ඇති අතර නීතිය සහ පළාත්සභා ප්‍රඥප්තිය අතර කිසියම් අනනුකූලතාවක් පවතින අවස්තාවකදී පළාත්සභා ප්‍රඥප්තියේ සඳහන් විධි විධාන බලපැවැත්විය යුතු වේ යැයි සඳහන් වේ.

ඒ අනුව මධ්‍යම ආණ්ඩුවෙන් ව්‍යුක්ත වූ අතිශයින් ස්වෛරී සහ ස්වාධීන වූ පළාත් සභා  බිහි වනු ඇත. එහි අවසානය වනුයේ නුදුරු දිනකදීම ශ්‍රීලංකාව නමැති ඒකීය රාජ්‍යයෙහි බෙදීම සනිටුහන් වීමයි.

මෙම යෝජනාවලිය මඟින් පැහැදිලිව ඔප්පු වී පෙනෙන කරුණ නම් සන්ධීය රාජ්‍යක් නැතහොත් ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීම උදෙසා පිඹුරුපත් සැකසීමයි. එබැවින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වශයෙන් අප සකල ලෝකවාසී දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හුදු “ ඒකීය” යන සිංහල වචනය පමණක් භාවිතයට ගනිමින් මෙම ඉදිරිපත් කර ඇති කූට බෙදුම්වාදී ලියවිල්ල එකහෙලා ප්‍රතික්ෂේප කරමින් ඊනියා බෙදුම්වාදීන් ගේ උත්සාහය නිර්ලජ්ජිත ලෙස පරාජයට පත්කරන  ලෙසය.

මෙම විජාතික‍  බටහිර ගැති පාර්ලිමේන්තු කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ජාති, පක්ෂ, පාට බේදයකින් තොරව රටේ ඒකීය බව සුරැකීම උදෙසා දිවි හිමියෙන් ඉදිරිපත්ව තම විරෝධතාවය දක්වන ලෙස දේශය පිලිබඳ අල්පමාත්‍ර හෝ ආදරයක් ඇති සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ඉල්ලා සිටී.

– GSLF

12,789 Viewers

5 Comments to “ලංකාව කොටස් 09කට බෙදන්න සැලසුමක්..- GSLF කියයි..”

  1. LION says:

    අපට එපා බිම් අගලක් වත්, අනුන්ගේ දේ්ශෙක මහ පොලවෙි.
    මලත් නොදෙමි බිම් අගලක් වත්, අප ඉපදුණු මෙි මවු පොලොවෙි….

  2. buruputha says:

    Ape rata pera raja kalaye thibuna vage palath 3kata bedanna. Ae kalaye vage ape ratata Ruhunu,Pihiti,Maya kiyala palath 3k pamanak athi. U N P gonnu bihikala rata kaapu Palath Saba ahosi Karanna.

  3. ගරසරප says:

    ඔය කියන විදිහට මේක ඇවිල්ලා නිකන් EU එක වගේ රටවල් කීපයක එකතුවක්.

  4. Sadda says:

    1505දී පෘතුගීසීන් ගෙන් පටන්ගත් දේ අද වනවිට වෙනත් මුහුනුවරකින් ඉදිරිපත්වෙලා. රට කොටස් 9 කට කඩා සුනුවිසුනු කරන්න තමා සූදානම් වන්නේ. නූතන දොන් ජුවන් සමග එක්ව.

Main News