ලංකාව කොරෝනා පාලනය කල හැටි ජනපති ලෝකයට කියා දෙයි..

May 5, 2020 at 11:20 am | lanka C news
ලංකාව කොරෝනා පාලනය කල හැටි ජනපති ලෝකයට කියා දෙයි..

COVID 19 වසංගතයේ දීර්ඝකාලීන සමාජ, ආර්ථික ප්‍රතිවිපාක ජය ගැනීමට ගන්නා බහුපාර්ශවීය ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා (04) නොබැඳි ව්‍යාපාරයේ “NAM” සබඳතා සමූහයේ මාර්ගගත වීඩියේ සම්මන්ත්‍රණය අමතමින් අවධාරණය කළේය.

COVID 19 වෛරසය සමඟ සටනේදී සාමූහික ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නොබැඳි ජාතීන්ගේ මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණය (online Summit) සංවිධාන කර තිබිණි.

2019 – 2022 කාලපරිච්ඡේදය සඳහා නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සභාපතිධූරය හොබවන අසර්බයිජාන් ජනරජයේ ජනාධිපති ඊලම් අලියෙව් (IlamAliyev) මහතා සමුළුවේ මුලසුන හෙබවීය.

ජනාධිපතිවරු 19 දෙනෙක්, උප ජනාධිපතිවරයෙක්, අගමැතිවරු 06 දෙනෙක්, නියෝජ්‍ය අගමැතිවරයෙක් සහ විදේශ අමාත්‍යවරු 08 දෙනෙක් ඇතුළු රටවල් 40ක නියෝජිතයෝ සමුළුව ඇමතූහ.

“COVID 19 ට එරෙහිව එක්සත්ව”(United Against COVID) යන්න සමුළුවේ තේමාව විය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 74 වන සැසිවාරයේ සභාපති ටිජ්ජානි මහමුද් බණ්ඩේ (Tijjani Muhammad-Bande) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් (TedrosAdhanomGhebreyesus) යන මහත්වරු ද අන්තර්ජාල NAM සමුළුවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.9 ට 17 වන දේශකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීය.

COVID 19 වසංගතය පරාජය කිරීමට එකිනෙකා සතු අත්දැකීම් සහ හැකියාවන් මෙන්ම උගත් පාඩම් බෙදාගැනීමට සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් සඳහා නොබැඳි සමුළුව වැදගත් වේදිකාවක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

වසංගතය මර්දනයට ඉදිරි පෙරමුණේ සේවය කරන සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවක පිරිස් දක්වන කැපවීම සහ පරිත්‍යාගශීලි ගුණය පිළිබඳව ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කර සිටියේය.

COVID 19 වසංගතය පාලනය කිරීමටත්, ක්‍රමයෙන් තුරන් කිරීමටත් ශ්‍රී ලංකාව සමත්වී ඇත.

PCR පරීක්ෂණවලින් රෝගීන් බවට සනාථ වී ඇත්තේ 3% කි. මරණ අනුපාතය 0.97% ක් වේ.

ආරක්ෂක හමුදා නිරෝධායන මධ්යනස්ථාන පවත්වාගෙන යාම, රෝගීන් හඳුනාගැනීමට රාජ්ය් බුද්ධි අංශ යෙදවීම, පොලිසීය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ආසාධිතයන් ඇසුරු කළ අය හඳුනා ගැනීමට යෙදවීම පාලනයට බෙහෙවින් ඉවහල් වූ බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් පෙර නොවූ විරූ පරිමාණයේ ආර්ථික හා ණය අර්බුදයකට ගොදුරු වී ඇති බව කනස්සලයෙන් යුතුව සදහන් කරන බව ජනාධිපතිවරයා පවසා තිබේ.

අවදානමට මුහුණ පා ඇති රටවලට ණය සහන සහ වඩා පුළුල් මූල්‍ය ප්‍රතිපාදන සපයන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ආධාර සපයන රටවල් වෙත ගෝලීය ආයාචනයක් කළයුතු බවත් ඊට ශ්‍රී ලංකාව ද එක්වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

COVID 19 වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේදී අත්කරගත් ජයග්‍රහණ සාමාජික ජාතීන් සමඟ බෙදා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සමුළුව අමතමින් පැවසීය.

– adaderana

264 views

8 Comments to “ලංකාව කොරෝනා පාලනය කල හැටි ජනපති ලෝකයට කියා දෙයි..”

  1. Rata Wenuwen says:

    ඒ අස්සේ සජියත් හෝටේ දාන්නගිහින් හොට බිම ඇණගෙන කියා ආරන්චියි, සජියා සනීපාරක්ශක පෑඩ් පිළිබඳ කතාවක් ලැස්තිකරගෙන හිටියා කියලා ලප කුමාරයා කිය කිය යනවා

    • Wijebahu says:

      Where is the control as yet? everyday after 10 pm you get 30+ corona infections, Can’t rely on Government figures anymore. All other countries are doing well after weeks of lockdown. Only in SL it’s going up.

  2. කමල් says:

    රට සුවපත් වෙනවා! පෙනෙනවා! දැනෙනවා! පොඩි අතපසුවීමකින් ලොකු සොමියක් කාලකණ්නි සතුට බලාගෙන ඉන්න අයට ලැබෛන්න පුළුවන්, මෙවන් අවස්ථාවන් අවම කිරීමට ගෙන ගිය ක්‍රමය ලිහිල් කිරීමේදී නව ක්‍රම අනුගමනය කරමු! ලියන්න තැනක් තියනවා නම් අපටත් පොඩි පොඩි අදහස් ඉදිරිපත් කල හැකියි. අප ලියන අදහස් කල යුතුම නොවේ. සමහර විට සුළු අදහසකින් වෙනසක් කල හැකි වේවි

  3. Chinthana says:

    The-ru-wan Saranai….. The-ru-wan Sarana Yan-na. Jayawewa… Prasident Gotabaya … Jayawewa…

  4. kavirathna says:

    රෙද්දක් පාලනය කරා

    • ammapa mokakda me yaka palane kalee 700 ikmawala thiyeddi

      • අල්ලපු ගෙදර තිනන් says:

        700 නතර වුණේ පාලනය කරන නිසා තමයි. එහෙම නොකළා නම් දැන් 7000 පැනලා

Main News