ලංකාව කොරෝනා පාලනය විශිෂ්ඨයි.. සංචාරකටන් එන්න උනන්දුවෙන්..- කැනඩාව කියයි..

October 1, 2020 at 4:40 pm | lanka C news
ලංකාව කොරෝනා පාලනය විශිෂ්ඨයි.. සංචාරකටන් එන්න උනන්දුවෙන්..- කැනඩාව කියයි..

කොවිඩ් 19 වසංගතය පහව යාමෙන් පසු මෙරට සංචාරක හා ආයෝජන කේෂ්ත්‍ර නංවාලීම සඳහා කැනඩා රජය සිය පූර්ණ සහාය පල කරයි. ඒ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට කැනඩා රජය කැමැත්තෙන් සිටින බව මෙරට කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා පවසයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ කැනඩා මහ කොමසාරිස්වරයා අතර හමුවක් සංචාරක අමාත්‍ය කාර්යාලයේදී සිදු වූ අවස්ථාවේදී මේ බව අවධාරණය කෙරිණ.

කැනඩා මහ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේම සංචාරක කර්මාන්තය අර්බුද රැසකට මුහුණ පා සිටින බවයි. ශ්‍රී ලංකාව කොවිඩ් පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග ඉතා ප්‍රශංසනීය බවද ඔහු කියා සිටියේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ පවතින තත්වය යටතේ නව සංචාරක සැකසුම් හා ක්‍රමෝපායන් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවයි. ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු සංචාරකයන් කණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වීමේ සැලසුමක් දැනටමත් සකස් කර ඇති බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලෝක සෞඛ්‍ය සංවිධානය එළඹෙන ශීත කාලයේදී කොවිඩ් 19 පැතිරීමේ වර්ධනයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති බැවින් ගුවන්තොටුපල විවෘත කිරීම කල් යා හැකි බව කීවේය.

කැනඩා මහ කොමසාරිස්වරයා කියා සිටියේ ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක් බවයි. ඒ නිසා බටහිර රටවල සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට වැඩි උනන්දුවක් දක්වන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඇමතිවරයා කීවේ කොවිඩ් 19 ලෝකය තුල පාලනය වීමත් සමග ශ්‍රී ලංකාව සංචාරක කේෂ්ත්‍රයේ වැඩි ආකර්ෂණයක් දිනාගන්නා රටක් බවට පත්වනු ඇති බවයි. එලෙස දිවයිනට පැමිණෙන සංචාරකයන් පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව පැවසූ ඇමතිවරයා කොවිඩ් 19 පැතිර යාම වැළැක්වීමට ගතයුතු හා ගත හැකි උපරිම ආරක්ෂක පියවරද අනුගමනය කරමින් ඔවුන් රැකබලා ගැනීමට සූදානම් බවද කීවේය.

සංචාරක අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාද මෙම සාකච්ඡාවට එක්විය.

– ප්‍රදීප් අනුර කුමාර

19,539 views

5 Comments to “ලංකාව කොරෝනා පාලනය විශිෂ්ඨයි.. සංචාරකටන් එන්න උනන්දුවෙන්..- කැනඩාව කියයි..”

  1. Ravana parapura says:

    රාවණ බලය අපි ලෝකෙට පෙන්නුවා කෝ දැන් දියුණු කියන යුරෝපය ඇමෙරිකාව

  2. Disce ammata discede says:

    සීතල කාලේ කොරෝන වර්ධනය වෙනවා නම් ඊට කලින් ලංකාවේ පුර වැසියන් මෙහෙ ගෙන්න ගනිව්.
    දොස්තර සංගමේ උනුත් දැන් නිදි.

  3. දුටුගැමුණු says:

    කැනඩාව පාලනය කරන්නේ කොටි ඩයස්පෝරාවේ එවුන් . ඕක උන්ගේ කුමංත්‍රනයක් ! සංචාරය මුවාවෙන් කොවිඩ් ලෙඩ්ඩු ලංකා වට එවා ලංකාව විනාශ කරන්න උන් හදන්නේ ! අහුවෙන්න එපා ප්‍රසන්න !

  4. Diaspora says:

    කැනඩාවේ සහතික ගැන ප්‍රවේශමෙන්. මේ දවස් වල ලංකාවෙ සෙල්ලම් කරදරයි වගේ.

  5. ප්‍රවේශමෙන්... says:

    කැනඩාවේ සහතික ගැන ප්‍රවේශමෙන්…!

Main News