ලංකාව චීනයට තරවටු කරන්නට යයි.. චීන තානාපති මේ සතියේ විදේශ අමාත්‍යාංශයට ගෙන්වා විරෝධය ප්‍රකාශ කරන්න සූදානම්..

November 6, 2016 at 1:20 pm | lanka C news
ලංකාව චීනයට තරවටු කරන්නට යයි.. චීන තානාපති මේ සතියේ විදේශ අමාත්‍යාංශයට ගෙන්වා විරෝධය ප්‍රකාශ කරන්න සූදානම්..

ශ්‍රී ලංකාව වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් චීන සමූහාණ්ඩුවේ ශ්‍රීලංකා තානාපතිවරයා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවට විරෝධය පෑමට මේ සතිය තුල සිදු කිරීමට ශ්‍රීලංකාව බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශයන් වාර්තා වෙයි.

මෙරට සිටින චීන තානාපතිවරයා විසින් ‘චීනයත් ශ්‍රීලංකාවත් අතර ද්විපාර්ශවීය සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ සඳහා යන මැයෙන් පැවැති වැඩමුළුවක් සදහා මාධ්‍යවෙදින්ද කැදවා පැවැත්වූ මෙම සාකච්ඡාවේදි ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය හා මුදල් අමාත්‍යවරයා දැඩිව විවේචනයට ලක් කරන ලදි.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා රජයේ විරෝධය ප්‍රකාශ කිරීම සදහා මෙරට චීන තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැදවීම ප්‍රධාන හේතුව යය කියැවෙයි.

දැනට විදේශ කටයුතු අමාත්‍යය මංගල සමරවීර ඉංදියාවේ නවදිල්ලියේදී ධිවර කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවකට සහභාගි වී සිටින අතර ඔහු දිවයිනට පැමිණි විගස චීනයට ශ්‍රීලංකාව තම විරෝධය ප්‍රකාශ කිරීම මෙයින් බලාපොරොත්තුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසු බව අද සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ප්‍රධාන පුවත ලෙස සඳහන් කොට තිබේ.

මෙරට සිටින ඇමරිකා, ඉන්දීය සහ බටහිර රටවල් තානාපතිවරුන් විසින් මෙරට අභ්‍යන්තර කටයුතු සදහා නිතරම මැදිහත්වෙමින් සිටියද ඒ කිසිදු අවස්ථාවක මෙසේ විදේශ අමාත්‍යංශය කැදවා තරවටු කිරීම සිදු කර නැත. චීන තානාපතිවරයා කැදවා තරවටු කිරීම ශ‍්‍රි ලංකාවට කෙසේ බලපාන්නේදැයි දැකගත හැක්කේ චීනය ඊට දක්වන ප‍්‍රතිචාරය මතයි.

මහජන චීනය තම රට වෙනුවෙන් ලෝකය පුරා විසිරී සිටින තානාපතිවරුන්ට ඉතා ඉහල වටිනාකමක් දී කටයුතු කරන අතර ඔවුනට සිදු කරන  ඕනෑම තරවටු කිරීම්වලට ක්‍ෂනික ප‍්‍රතිචාර දැක්වූ අවස්ථා මෑත ඉතිහාසයෙන්  ඕනෑ තරම් සොයා ගත හැක.

ලොව පුරා සිටයින චීන තානාපතිවරුන්ද එම රටවල අභ්‍යන්තර දේශපාලන කටයුතු සදහා කිසිදු මැදිහත්වීම් නොකරන අතර තම රටට එරෙහිව සුළු හෝ සිදුවන දෙයකට වහා රළු ප‍්‍රතිචාර දැක්වීම ඔවුන්ගේ සිරිතයි.

222 views
Main News