ලංකාව ජපානයේ බිලියන තුනක ණය ගෙවීම පැහැර හැරලා.. එනිසා තව ලොකු ණය නෑ..

July 7, 2022 at 6:20 am | lanka C news
ලංකාව ජපානයේ බිලියන තුනක ණය ගෙවීම පැහැර හැරලා.. එනිසා තව ලොකු ණය නෑ..

ජපානයෙන් ලබාගත හැකි සහයෝගය කුමක්ද යන්න සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මන්ත්‍ර්‍රීවරුන් අද ජපාන තානාපතිවරයා හමුවිය.

ඉන් අනතුරුව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍යවේදීන් හමුවේ දැක්වූ අදහස් පහතින්..

“පාර්ලිමේන්තුවේ ඉන්න නිර්පාක්ෂික ස්වාධීන මන්ත්‍රීවරු හැටියට අපි ජපන් තානාපතිතුමා හමු වුණා. ජපානය කියන්නේ අපිට අවුරුදු හැත්තෑවක් කිසිම දේශපාලන කොන්දේසියකින් තොරව උදව් කරපු රටක්. ඒ නිසා මේ අමාරු අවස්ථාවේදී, අසීරු අවස්ථාවේදී ජපානයේ උදව් අපිට ඉතාම අවශ්‍යයි. විශේෂයෙන්ම අපේ ඖෂධ ප්‍රශ්න, ආහාර ප්‍රශ්න, මුදල් ප්‍රශ්න විසඳගන්න. ඒ වගේම දිගුකාලීන වශයෙනුත් මධ්‍යකාලීන වශයෙනුත් අපිට අවශ්‍යයි. ඉතින් අපිට එතුමන්ලාට තියෙන ගැටලුව ජයිකා ආයතනය විසින් අපිට දීපු බිලියන තුනක පමණ ණය අපි ගෙවීම පැහැර හැරලා තියෙනවා අප්‍රේල් 12 වෙනිදා ඉදන්. ඉතින් ඒ නිසා විශාල ණය ප්‍රමාණයකට ඉඩකඩක් නැහැ. නමුත් යම් යම් ක්ෂේත්‍රවලට අපි එතුමන්ලාගේ අවධානය යොමු කළා. විශේෂයෙන්ම අද අපේ ජනතාවට අවශ්‍ය කරනවා පාපැදි, විදුලි බලයෙන් පාවිච්චි වෙන පාපැදි වගේ දේවල්. විදුලි බලයෙන් දුවන වාහන, ඒ වගේම සූර්ය බලය, රැකියා, විශේෂයෙන් වෘත්තීයවේදීන්ට ඇතුළු විශාල පිරිසක් රැකියා අහිමි වෙලා තියෙනවා. අනිත් අයටත් ආදායම් ලබාගන්න. ඒ වගේ ක්ෂේත්‍ර ගැන කටයුතු කරන්න කියන අපේ රටට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය මූල්‍ය සාධක ලබා දෙන්න කියන එක.

ඒ ගැන එතුමන්ලා ඒ ආණ්ඩුවත් එක්ක ධනාත්මකව කටයුතු කරන බව අපට පොරොන්දු වුණා.
ප්‍රශ්නය :

සරලවම කතාව ධනවත් රටවල් කරන්නේ අතිරික්තයක් තිබුණත් එක්කෝ මුහුදට දාලා හරි විනාශ කරන එකනේ. ඒකනේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය. ඒ වුණත් දුප්පත් රටවලට උදව් කිරීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒක තමයි සම්ප්‍රදායය. සාමාන්‍යයෙන් වෙන විධිය.

අඩු ම ගානේ මේ රටක් විදිහට මොකක් හරි හුවමාරු ක්‍රමයක් හරි අපේ සම්පත් මෙහෙම මෙහෙම ගැන කතා කරන්න හැකියාවක් නැද්ද මෙහෙම?

නෑ වෙලා තියෙන ප්‍රශ්නේ ජපානය අපිට උදව් කළා. කිසිම දේශපාලන හේතුවකින් තොරව අපිට ඇත්තට ප්‍රදානයනුත් කරලා තියෙනවා. ණයත් දීලා තියෙනවා. ඉතාම අඩු පොළී ණය. දශම එකේ පොලියට. ප්‍රශ්නෙ තියෙන්නේ අපි ඒ ණය පැහැර හැරියානේ ගෙවීම. ඉතින් ඒ නිසා ඒ රටේ ජනතාව පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ ඒ ආයතන. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට අසීරුතාවයක් තියෙනවා. නමුත් අපිට උදව් කරන්න ඉදිරියේදී ඒ අය කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

– Media unit

39,587 views

10 Comments to “ලංකාව ජපානයේ බිලියන තුනක ණය ගෙවීම පැහැර හැරලා.. එනිසා තව ලොකු ණය නෑ..”

  1. Nalin says:

    මේ හොර තක්කඩි 225 එලවනකම් ලෝකයේ කිසිම රටක් ආධාර කරන්නේ නෑ .මුන් 225 ම පට්ට හොරු කියල ඊයෙත් ඔප්පු කලා .රනිල්ගේ මහා පරිමාන ගෑස් හොරකම වැසීමට කෝප් කමිටුවේ හර්ශ හොරයි මරික්ක්කාර් තම්බියයි ලිට්‍රො එකේ සභාපති රනිල්ගේ කුක්ක මුදිත පීරිස්ගෙන් කෝටි ගානක් ජරාවකාල .කෝප් කමිටුවේදී ප්‍රශ්ණ කිරීම සදහා මේ මහා වංචාවේ සියලුම තොරතුරු නාගානන්ද විසින් හර්ෂ කියන හොර ආචාරියටයි තම්බියටයි දීල .ඒ තොරතුරු සියල්ල කමිටුවේ ප්‍රශ්ණනොකර හොර රහසේ මුදිත පීරිස්ටම දීල කෝටි ගානක් මුදල් අරන් .පස්සෙ නාගානන්ද හර්ශයට තිත්ත කුණු හරුපෙන් බැනල .හර්ශය කියන්නේ පට්ට හොරෙක් .මේවගේ කාලකන්ණියෙකුට තමා කියන්නේ මුදල් ඇමතිකම දෙන්ඩ කියල .
    .

  2. Banda says:

    Sri Lankan politicians need to learn how to manage and enhance bilateral relationships with foreign countries.

    The Rajapaksa regime is totally responsible for the breakdown of our relationship with the Japanese.

    If anyone is interested to know how much we have lost.. have a look at the details of the loan Japanese provided for the New Kelani Bridge Project.

  3. D.Nimal says:

    If any body seeking Japanese credit facilities and Loan that we have to talk to Nagatacho and Kaumigasiki of Dieat of Parmilentry Nagaocaho and Bucuracy of Kamigasike as soon as possible. Matter has to be settle with strong Bucracy and Politics in power to gother as quiick as possible. Otherwise matter will be pending so long-time.

  4. Sakshi says:

    Colombo University fake economics professor (No economics degrees) Gunuruwan stopped Japanese and all other foreign projects. Cancel his fake professor position and cancel the Emeritus Prof. position given to the Central bank looter of his master WDL.

  5. පුරන් අප්පු says:

    නය ගෙවන්න එපා කිවේ හර්ෂ ද සිල්වා ඇතුලු මේ වත්මන් විපක්ශය නේද?

  6. සෙරෙප්පු සුප්. says:

    චම්පික විදුලි බල ඇමති කාලෙත් සූර්‍ය බල ශක්ති වැඩ සටහන ආරම්භ කලේ නැහැ.ඒ වෙනුවට ගල් අඟුරු ආනයනය කර කොමිස් මුදල් පැනමාවේ තැන්පත් කලේ ඔහුගේ නියෝජිත විද්‍යා අමරපාල​.මුන් අමර බඩු.ජපන් ණය ලබාගත් අවදියේත් චම්පික ඒ ඒ ආණ්ඩු නියෝජනය කලා.දැන් බබා උක්කුං දැම්මට වැඩක් නැහැ චම්පික​.කෝච්චි ගිහින් ඉවරයි.ඒ කෝච්චි තල්ලු කරන්න ඔහෙලත් සපෝට් කලා.හැමදාම නෑ ,බෑ කිය කියා ඉන්නෙ නැතුව කුහකකම් අත් හැරල රට හදන යෝජනා තියේ නම් එළියට දාන්න​.ඔයා උසින්,පාටින්,ඇඳුමෙන් වෙනස් වෙන්න හැදුවට ඔයත් එකම අච්චුවෙ එකම ප්‍රමාණෙට අමු ද්‍රව්‍ය දාල හදපු එකම ඝණයේ පිළිරුවක් පමණයි.

  7. D.Nimal says:

    If any body who wanted to study of Japnese system of Economy Politics and Social order you need that in deapth study reading few books of wrote by Profecssors . Tokyo Universersity Books

  8. D.Nimal says:

    If any body who wanted to study of Japnese system of Economy Politics and Social order you need that in deapth study reading few books of wrote by Profecssors of Tokyo Universersity….?
    Who are they ? The name of that Book of . by Tadashi Fukutake which tha Book Translated by Ronald.P. Dore Printed in 1993 then 1995 years. By University of Tokyo Press.

  9. D.Nimal says:

    If any body who wanted to study of Japnese system of Economy Politics and Social order you need that in deapth study reading few books of wrote by Profecssors of Tokyo Universersity….?
    Who are they ? The name of that Book of . by Tadashi Fukutake which tha Book Translated by Ronald.P. Dore Printed in 1993 then 1995 years. By University of Tokyo Press. Does that Capitalism of Japan leads to ” Democrcay” and how its work of model of Capitalism in Japan differnt from model of Capilaism of hegemony of that USA UK,Germany,France Canada Japan and Italy of G7 Countries.

Main News