ලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි…

May 9, 2020 at 10:40 am | lanka C news
ලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි…

නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ප‍්‍රධාන මාර්ගෝපදේශයක් වහා සැකසිය යුතු බවත් ඒ වෙත සෑම සියලූ‍ දෙනා අනුගත වීම අත්‍යවශ්‍ය කාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

එසේ නොකර මෙම වෛරසය පාලනය කිරීම ගැටලූ‍ සහගත යැයි ද හෙතෙම කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සකසන ප‍්‍රධාන මාර්ගෝපදේශය ට අනුව ඒ ඒ ආයතන තමන්ගේ මාර්ගෝපදේශ ඇතුළත් කළ යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය. අනිද්දා ( 11 ) සිදු වන්නේ රට විවෘත කිරීමක් ලෙස බොහෝ දෙනා අර්ථ ගැන්වූවත් එය ”ඇලට්නස්”‍ (පරික්ෂාකාරී බව) එක අඩු කිරීමක් බවත් හෙතෙම කීවේය.

ඉහළ අවධානය යොමු කරන මට්ටමක සිට මධ්‍යස්ථ අවධානය යොමුකරන මට්ටමක් දක්වා අනිද්දට රට ගෙනෙන බවත් කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙයත් සමග සියයට අසූවක් දක්වා පවත්වාගෙන ගිය සමාජ දුරස්ථකරණය සියයට පනහ දක්වා පමණ අඩු විය හැකි බව සඳහන් කළේ ය.

මෙම ක‍්‍රියාදාමයත් සමඟ රෝගීන් අඩුවීම හෝ වැඩිවීම යන කාරණා දෙක ම සිදු විය හැකි යැයි ද කී හෙතෙම යම් හෙයකින් රෝගී සංඛ්‍යාව ඉහළ ගියහොත් එහි දී කිනම් ක‍්‍රියාමාර්ගවලට එළඹෙන්නේ ද යන්න පෙර සූදානමකින් සිටිය යුතු බවත් කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන මාර්ගෝපදේශවලට ඔබ්බෙන් ජනතාව කටයුතු කළහොත් දරාගත නොහැකි තත්ත්වයක් රට තුළ ඇති විය හැකි යැයි ද හෙතෙම අනතුරු ඇඟවීය.

පවතින වසංගත තත්වය හොඳින් පාලනය කර ඇතත් රට තවමත් සිටින්නේ ලෙඩ තත්ත්වයේ බවත් කී නවීන් ද සොයිසා මහතා රෝගය උත්සන්න වන්නේද නොවන්නේද යන කාරණා දෙකටම එකසේ අවස්ථාව ඇතැයි ද වැඩිදුරටත් කීවේය.

– divaina

372 views

23 Comments to “ලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි…”

  1. Sam Fernando says:

    Where are the charts you usually showed to make the devil darker 😂 ?

  2. ජෙප්පා says:

    මුන් කියන විදියට සදාකල් රටවල් වහන්න වෙනෝ.යුරෝප් රටවලුත් ලොක්ඩ්වුන් අයින් කරනව.උබලට පුලුවන් නම් අපිට කන්න දෙන්න අපිත් හරි ආසයි ගෙදරට වෙලා ඉන්න.කාලකණ්ණි

  3. Lakmal says:

    This is Corona -20. Really this man treat the patients or showing media drama ?Please check how often this man working in the hospital ?

  4. Kgs basnayake says:

    Me manussaya real jvp kaaarayek

  5. Kadiya says:

    එහෙම වෙන්නේ නැහැ. මෙතෙක් කල් පිදුරු ගොඩේ ලැගපු බල්ලා වගේ කොරෝනා වලට ප්‍රතිකාර කරන්න දේශීය වෙදකමට දමාගෙන හිටපු තහංචි ඉවරයි. රටේ ජනතාව දන්නවා බටහිර වෙදකමට කිසිම බෙහෙතක් නැහැ කොරෝනා වලට. 11 න් පසු පළමුවෙනි අවස්ථාවේදීම හෙලවෙදකමට යොමුවෙනවා. ඔයගොල්ලෝ යුනියන් එකේ වැඩ කරගෙන මෝඩ මිනිස්සුන්ට ඔය මොනවා හරි පෙතිටිකක් විකුණගෙන, කාර් පර්මිට්, OT, PP වගේ වැදගත් වැඩ ටික බලාගෙන ඉන්න. හැබැයි මාෆියා සෙල්ලම්නම් දාන්න එන්න එපා.

    • Fernando says:

      corona කියන එක වයිරසයක් කියන්නවත් මේ අය දන්නවද ? ඔහොම කළා එන්කෙඵලිටිස් ආපු වෙලෙත් .අන්තිමට WHO එකෙනුත් ආව .රිපෝර්ට් එකකුත් දීල ගියා .හැම උනක්ම එන්කෙෆලයිටිස් කියල බේත් කරලා තිබුනේ .නිකන් වයිරස් උන තමා සනීප වෙලා තිබිල තියෙන්නේ . ඔය අතීතය අපිටතාම මතකයි

  6. Kgs basnayake says:

    SRI LANKA IS THE ONLY COUNTRY WHICH ALLOWS THESE TYPE OF STATEMENT TO BE ISSUED BY NON STATE ORGANIZATIONS WHICH CREATES PANIC IN PUBLIC.

  7. Love nature says:

    හොද නරක රදා පවතින්නේ ජනතාව ගේ හැසිරීම් රටාව තුල පමණයි.

Main News