ලංකාව තිත්තම වෙයි.. ඇමරිකාවේ නවතින්නම යන්න ගෝටා අන්තිම සැලැසුමේ…

August 18, 2022 at 10:00 am | lanka C news
ලංකාව තිත්තම වෙයි.. ඇමරිකාවේ නවතින්නම යන්න ගෝටා අන්තිම සැලැසුමේ…

දැනට තායිලන්තයේ වෙසෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ඇමෙරිකාවේ ස්ථිර පදිංචියට යාම සඳහා වන කටයුතු ආරම්භ කර තිබේ.

ඇමරිකානු පුරවැසියකුව සිටි ඒ මහතා මෙරට ජනාධිපතිවරණයට තරග කිරීමට පෙරාතුව එම පුරවැසිකම ඉවත් කර ගත්තේය.

කෙසේ වෙතත් ඔහුගේ බිරිද, පුත්‍රයා සහ ලේලිය ඇමරිකානු පුරවැසියන් වන හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට නැවත එරට පුරවැසිකම ලබා ගැනීමේ හැකියාවක් ඇති බවද වාර්තා වෙයි.

නමුත් ඇමරිකානු පුරවැසි කම අත්හළ පුද්ගලයෙකුට යළි එය ලබාදීමට ඇමෙරිකානු රජය දැඩි සීමා පනවා තිබේ.

මේ අතර ඔහු ඇමරිකානු ග්‍රීන් කාඩ් ලබාගැනීම වෙනුවෙන් කටයුතු ආරම්භ කර ඇතැයිද වාර්තා වෙයි.

දැනට තායිලන්තයේ සිටින සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 24 වැනි දින මෙරටට පැමිණෙනු ඇති බව ද ඊයේ දිනයේ උදයංග වීරතුංග මහතා සඳහන් කළේය.

179,105 views

57 Comments to “ලංකාව තිත්තම වෙයි.. ඇමරිකාවේ නවතින්නම යන්න ගෝටා අන්තිම සැලැසුමේ…”

  1. asoka says:

    ලංකාවට ආවේ රටට ආදරයක් ඇතිව නෙමෙයි. ලංකාවට ආවේ තව තව ඩොලර් බිලියන් ගණනින් හොරකම් කරන්නයි. නැත්නම් රටේ ඩොලර් බිලියන 23ක් ආගිය අතක් නැතිවුනේ කොහමද ? රාජපක්ෂලා හොරකමට ඇබ්බැහි වෙලා තියෙන්නේ. මුන් ඉන්නකම් රටට සෙතක් නැහැ

  2. JR says:

    තමන්ගෙම අඩුපාඩු නිසා තමයි… කණගාටුයි… ලංකාවෙන් පලා යාම තමයි කරපු ලොකුම වරද..

  3. අනුර සේනානායක says:

    ආරක්ෂක ලේකම් වරයෙකු වශයෙන් කල සේවාවන් අමතක නොකළ යුතුයි නමුත් ජනපති වශයෙන් ආ ඔහුට ක්‍රියා කල ආකාරය ලග සිටි ප්‍රවිනයන් වගේම ඔහුට මෙ තත්වය ට පත් කල අය වග කිව යුතුය, ජරා ජීර්ණ උපදෙස් ලබා, රට පාලනය කරන්න පත් කල ඇමති මණ්ඩලය මෙ සදහා වගකීම භාර ගත යුතුය, ඇමති මණ්ඩලය මෙ ගොං හරක් කතා සහ වැඩ කටයුතු කීරිම හේතුවෙන් ජනතාව පාරට බැස්සා, ඔහු ට අනුකම්පාව පෙන්වීම ජනතාව රටේ වගකීම

Main News