ලංකාව දැනට සාර්ථකයි.. ලෝකයේ කොරා්නා මැඩලූ පලමු රට වෙන්න සති දෙකකින් පුළුවන්..- කොරෝනා පරීක්‍ෂණ ප‍්‍රධානී සහතික කරයි..

April 11, 2020 at 10:40 am | lanka C news
ලංකාව දැනට සාර්ථකයි.. ලෝකයේ කොරා්නා මැඩලූ පලමු රට වෙන්න සති දෙකකින් පුළුවන්..- කොරෝනා පරීක්‍ෂණ ප‍්‍රධානී සහතික කරයි..

කොරා්නා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජනතාව විසින් රජයට ලබා දෙන සහයෝගය තවත් සති දෙකක කාලයක ලබාදුනහොත් කොරෝනා නිසි ලෙස කළමනාකරණය කරන ලද ලෝකයේ පළමු රට බවට පත් වීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට උදා වී ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

දැනට තම ආයතනය මඟින් සිදුකරන කොරෝනා පරීක්ෂණ ධාරිතාවය දෙගුණ කර ඇතත් රෝගීන් හමුවන්නේ ඉතාම අඩු වශයෙන් බව ද ඔහු පැවසීය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සතුටු විය නොහැක්කේ රෝග ලක්ෂණ නොපෙන්වන හා සමාජ සැඟවී සිටින කොරෝනා රෝගීන් ප්‍රමාණය කොතෙක්දැයි බලධාරීන් නොදන්නා නිසා බවද ඔහු පැවසීය.

දැනට කොරෝනා පාලනවේදී ශ්‍රී ලංකාව සාර්ථක නම් යම් සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇත්තේ මෙරට මහජනතාව සෞඛ්‍ය අංශ වලට ලබාදෙන බලවත් සහාය නිසා බවත් එම සහාය ඉදිරි සති දෙකක කාලයේදීද අත්‍යවශ්‍ය බවත් ඔහු තව දුරටත් කියා සිටියේය

262 views

30 Comments to “ලංකාව දැනට සාර්ථකයි.. ලෝකයේ කොරා්නා මැඩලූ පලමු රට වෙන්න සති දෙකකින් පුළුවන්..- කොරෝනා පරීක්‍ෂණ ප‍්‍රධානී සහතික කරයි..”

  1. Kasun Perera says:

    එකෙක් කියනවා 19 වෙනිදා ඔක්කොම ඉවරයි ජය සමරන්න ලෑස්ති වෙන්න කියලා..
    තව එකෙක් කියනවා කියනව මෙහෙම ගියොත් මැයි මුල වෙද්දි හතරවෙනි අදියරට යනව කියලා
    කියලා
    තව එකෙක් කියනවා දැන් කොරොනා ලෙඩ තියන උන් ඔක්කොම අප්‍රේල් 20 වෙද්දි එලියට එන්න ඕනෙ ඊට පස්සෙ මේක ඉවරයි කියලා
    කියලා

    අනේ මන්ද සාන්ත….මොකා ඇත්ත කියනවද කියලා හිතා ගන්න බෑ

  2. Ravana Parapura says:

    රාවන ලේ උරුමය ඇති සුජාත දරුවනි. රාවණ යුගයක් යලි මේ දෙරණ මත ගොඩනැගිමට සැරසෙමු ජය ශ්‍රී

  3. Catman says:

    Epidemiology unit working on epidemiological methods, which most of don’t know. They don’t need much clinical testing as they go on epidemiological case definition.
    Let them handle this. Sri Lanka saved in many disasters because of them.

  4. Ravana Parapura says:

    රාවණ පර පුරේ බලය ලෝකයට පෙන්වමු

    • catseye says:

      මේක ගොන් ආතල් ගන්න උන්ව චුන් කරන වෙලාවක් නෙමේ ගොන් රාවණෝ ….වාර්තා තියන්න එකකුත් නෙමේ ….ඉවසලා අන්තිම ලෙඩත් ඉවර කරන්න ඕන දෙයක් ….මුන්ට චන්දෙ තියාගෙන සැප විඳින්න කියල මැතිවරණ තියාගන්න ඕන හින්ද මිනිස්සු මලත් කමක් නැහැ කියල පච අතාරිනවා ….තොපි මැටි මෝලො වගේ උඩ පනිනවා …..මොලේ කලඳක් වත් තියනවනම් රාවනෙක් පස්සේ යනවද ඉතින්

    • කොමා says:

      යකෝ තෝ රාවනා පරපුරේ වුනාට රටේ හැම එකාම රාවනා පරපුරේ නෙවෙයි! තොපි වගේ එවුං මිත්‍යාව නිසා තමයි රටට කෙල වෙලා තියෙන්නේ!

  5. sunimal says:

    ලෝකයට බුදු දහමින් තොර මින් ඉදිරියට අනාගතයක් නැත මේකයි ඇත්ත

  6. කොරොනා ආතා says:

    නිකං ගොං කථා කියන්න එපල්ල බං – හැදුන එවුං දන්නවද තමන්ට කොරොනා හැදිල තියෙවද කියලා. එහෙනං මොන බම්බුවට ද චිනෙන් ටෙස්ට් කරන මැෂින් දහස් ගානක් ගෙනාවේ. ලෝකේටම හෙනගහලා තියෙද්ද් මුංට ඕන එකෙනුත් පලවෙනිය අපේ රටේ වෙන්න? – මගුලක් කියවන්න නැතුව මේ දැනට කරන දේ සාර්ථක කරගන්න උදව්කරපල්ලා!

    • pathiranage says:

      Quite true, no point in becming 1st.Must try to minimise the deaths and burden to the society.

  7. savindu Rita says:

    He doesn’t say it..what he says is IF people are more careful and keep social distance etc..This COULD be over.

  8. sanasuma says:

    ඉදිරි සතී දෙක තුළ සාමාන්‍ය සමාජය තුළින් රෝගීන් හමු නොවුනොත් අපට විශ්වාසය තියන්න පුළුවන් සම්පූර්ණයෙන්ම පාලනය කරා කියල. එහෙම නොවුනොත් ඒක තවත් කල් යනව.

Main News