‘ලංකාව දිළිදුකමින් මිදෙනවා..’ ජනපති සිංහලෙන් UN මහ සමුළුව අමතයි..

September 20, 2017 at 12:40 pm | lanka C news
‘ලංකාව දිළිදුකමින් මිදෙනවා..’ ජනපති සිංහලෙන් UN මහ සමුළුව අමතයි..

ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳවත්, 2017 වර්ෂය දිළිඳුකමින් අත්මිදීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කරමින් ගෙනයන වැඩපිළිවෙළ සහ හරිත සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ලෝක නායකයින් දැනුවත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අලූයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතනු ලැබීය.

ජනාධිපතිවරයා මෙවර සමුළුව ඇමතුවේ සිංහල භාෂාවෙන්වීම විශේෂත්වයකි.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්ල ප්‍රතිසන්ධානයල ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නිදහස මේ වනවිට උදාවෙමින් ඇති බවයි.

ලෝක ප්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් බලා සිටින බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

තමා බලයට පත්වීමට පෙර තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත් වූ තත්ත්වයට වඩා අද ශ්‍රී ලංකාව නිදහස් රටක් බවත් පරිවර්තනීය වෙනසකින් පසු ගත වූ මාස 20 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බවත් පෙන්වා දුන්නේය.

ශ්‍රීලංකාවේ ජනතාව ලෝකයේ සතුටින් හා එක් රටක් තුළ ජීවත් වන පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවද ජනාධිපතිවරයා සදහන් කරන ලදී.

2015 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තමා පත්වීමට පෙර ලෝකයේ කිසිම රටක කිසියම් නායකයෙකුට නොතිබුණු අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බවද සඳහන් කලේය.

ජනාධිපති මාධ්‍ය ඒකකය

ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද සම්පූර්ණ දේශණය…


51 views
Main News