ලංකාව පමණක් නොව ලෝකමය තිගැස්සෙන ජන ගගක් කොළඹට.. 04 රාත‍්‍රියේ සිට කදවුරු බදී.. සියළු සැලසුම් සූදානම්..

August 29, 2018 at 10:00 am | lanka C news
ලංකාව පමණක් නොව ලෝකමය තිගැස්සෙන ජන ගගක් කොළඹට.. 04 රාත‍්‍රියේ සිට කදවුරු බදී.. සියළු සැලසුම් සූදානම්..

එළඹෙන සැප්තැම්බර් 5 වැනිදා කොළඹ දී පවත්වනු ලබන විරෝධතාවය ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ථ ලෝකයේම අවධානයට ලක්වුණු ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ සඳහන් කරති.

ඔවුන් මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

පස්වැනිදා විරෝධතාවය සම්බන්දයෙන් පැවැති මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී පැවැත්වින.

ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් වෘත්තීය සමිති නායකයින් හා සිවිල් සංවිධාන නායකයින් ගණනාවක් සහභාගී වී සිටියහ.

කච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් කියා සිටියේ 4 වෙනිදා රාත්‍රියේ සිට එම විරෝධතාවය ජාත්‍යන්තර මට්ටමින් අවධානයට ලක් වනු ඇති බවයි.

191 views
Main News