ලංකාව පවතින තුරු බුදු දහම ප්‍රමුඛස්ථානයේ..

June 16, 2019 at 6:47 pm | lanka C news
ලංකාව පවතින තුරු බුදු දහම ප්‍රමුඛස්ථානයේ..

අනෙකුත් ආගම් සහ සංස්කෘතින් කෙරෙහි සහනශීලී පිළිවෙතක් අනුගමනය කිරීමටත් අන් මත ඉවසීමටත් මඟපෙන්වන බුදුදහම තරම් වෙනත් ආගම් කෙරෙහි උපේක්ෂා සහගතව ‍‍ගෞරවයෙන් බලන දර්ශණයක් නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ බුදු දහමේ ප්‍රමුළස්ථානය පවතින තුරු අනෙකුත් ආගම් වලට නිදහසේ කටයුතු කිරමේ අවස්ථාව සුරක්ෂිත කෙරෙනු ඇති බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. එබැවින් බුදු දහමේ ප්‍රමුඛස්ථානය පිළිබඳව කිසිඳු විවාදයක් නොමැති බවත් බෞද්ධ දර්ශණය සෙවනේ ස්වකීය මතවාදයන් අනුගමනය කරමින් අනන්‍යතාවය රැකගෙන ජීවත්වීමට සෙසු ජාතීන්ට ගෞරවනීය අවස්ථාවක් ඇති නමුත් අන්තවාදය පැතිරවීමට හෝ ආගම ජාතියට මුවා වී රටේ පොදු නීතිය උල්ලංඝනය කිරීමට කිසිවෙකුට ඉඩදිය නොහැකි බවද හෙතෙම කීවේය.

එකම රටක් එකම ශ්‍රී ලාංකීය ජාතියක් එකම නීතියක් යටතේ ක්‍රියාත්මක වීම පැහැරහළ නොහැකි බවද කරු ජයසූරිය මහතා පැවසීය.

ලෝකයේ සිටින්නේ එකම මිනිස් ජාතියක් බව පෙන්වා දුන් බුදුන්වහන්සේගේ ධර්මය අදහන කිසිවෙකුට ජාතිවාදියෙකු හෝ ආගම්වාදියෙකු විය නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

කථානායක කරු ජයසූරිය මහතා මෙම අදහස් පළකලේ 2019.06.15 දින පෙරවරුවේ වව්නියාව දිස්ත්‍රික්කයේ ඉරට්ට පෙරියකුලම් ගම්මානයේ ජනතාවට සිංගප්පූරුවේ මහා කරුණා පදනම විසින් පරිත්‍යාග කළ පරිගණක මධ්‍යස්ථානය සහ පුස්තකාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

සිංගප්පූරුවේ මහා කරුණා පදනමේ නිර්මාතෘ අලව්වේ ගුණරතන හිමියන්ගේ මගපෙන්වීමෙන් එම පදනමේ මූල්‍ය ආධාරයෙන් මෙම පුස්තකාලය සහ පරිගණක මධ්‍යස්ථානය ඉරට්ට පෙරියකුලම් ජනතාවට ලැබිණි.

මෙහිදී කථානායකවරයා සඳහන් කළේ සියළු අන්දමේ අන්තවාදයන් යටපත්කිරීම ශ්‍රී ලංකාවේ අනාගත නැගිටීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් බවයි. අනාගත පරපුරට වර්ථමාන ප්‍රශ්ණ ඉතිරි නොකර සමුගෙන යාමට රටේ සියළුම ජ්‍යෂ්ඨ නායකයන්ට වගකීමක් සහ බැඳීමක් තිබෙන බවද මෙහිදී කථානායකවරයා කීය.

උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා

අපේ රටේ ඈත ගම් දනව් වල දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල මූල්‍ය සම්පත් ප්‍රමාණයක් යොදවමින් සිගප්පූරුවේ මහා කරුණා පදනම ඉටුකරන සේවය ඔවුන් තුළ ඇති මානව දයාව ප්‍රකට කරනවා. මහා කරුණා පදනම යන වචන කිහිපය ක්‍රියාවෙන්ම අරුත්ගන්වා තිබෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට අලව්වේ ගුණරතන හිමිපාණන් වහන්සේ 90% කට ආසන්න ප්‍රමාණයක් ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතිකයන් වෙසෙන ප්‍රදේශයක මෙම කටයුතු සිදු කිරීම තුළ උන්වහන්සේ තුළ ඇති ජාතිවාදී නොවන පුළුල් දැක්ම පැහැදිළි වනවා.

සිංගප්පූරුව ජාතින් අතර සමගියේ හොඳ කැඩපතක්

ඔවුන්ගේ ශීඝ්‍ර සංවර්ධනය පිටුපස මෙම සාමකාමී බවේ ශක්තිය තිබෙනවා සිංගප්පූරුවටත් වඩා නිදහස ලබන විට ඉදිරියෙන් සිටි අප රටට එවැනි ගමනක් පැමිණීමට නොහැකි වුණේ අසමගිය කම් නිසයි.

දශක තුනක යුද්ධයකට පසු විශාල බලාපොරොත්තු සහිතව සාමකාමී ගමනක් ආරම්භ කර තිබූ අපේ රට පාස්කු ඉරිදා අන්තවාදී ප්‍රහාරය හේතුවෙන්. යළිත් බලාබපාරොත්තු බිඳ වැටෙන තත්වයට පත් වුවත් අන්න්තවාදයට එරෙහිව නැඟුන සාමකාමී බහුතර ජනතාවගේ හඬ අන්තවාදයට ආයුෂ නැති බව පැහැදිළිව ඔප්පු කර තිබෙනවා යැයිද කථානායකවරයා සඳහන් කළේය.

– චමින්ද ගමගේ

14,110 Viewers

21 Comments to “ලංකාව පවතින තුරු බුදු දහම ප්‍රමුඛස්ථානයේ..”

  1. පොරමෝලා says:

    සායි බාබා අදහන කෙනෙක් සැබෑ බෞද්ධයෙක් වෙන්න කොහොමද හීං බබෝ ?

  2. desta says:

    UNP andu awama budahama Sri lankawe n nethi wei eccharai

  3. Niru says:

    Bloody senile donkey who ruined everything not only for Buddhists Christians Hindus but also for Muslims as well

  4. මාතර සුනිල් says:

    කරුමෙට උපන් කරු මයා.
    ඔබ හිටපු හමුදා නිලධාරියෙක් නේද. ජාතික ගීයට ගරු කරන්න දන්නේ නැද්ද. රණවිරු සැමරුමේදී අනිකුත් සියළුම හමුදා නිලධාරීන් සහ සිවිල් ආරාධිතයන් සීරුවෙන් සිටියදී ඔබ සිටිය හැටි බලන්න.
    ඉස්සර ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමත් ඔය වගේ. නමුත් ඔවුන් දැන් හැදිලා. හමුදා සෙබලෙක් සීරුවෙන් සිටින ආකාරයට ඔවුන් ජාතික ගීයට පෙළ ගැසෙනවා. එයයි විය යුතු.

  5. හෙලයා says:

    අස්ගිරි මහානායක හාමුදුරුවො මැතකදී එජාප ය ගැන කියූ කතාව උපාසක ජයසූරිය කිහිප වරක් තියෙව්වොත් හොඳය්.

  6. දේවක  says:

    කථානායක කරුමයා බෝර්න් අගේන් ක්‍රිස්තියානි ආගම වැලඳගෙන තියෙන්නෙ.

    ඡන්දයක් ලඟ එනකොට තමයි මූටත් බුද්ධාගම මතක් වෙන්නෙ.  

  7. Nim says:

    ME ALI TALK
    API BALANNEWATH NAHA
    APE RATATA KIHELI KARU
    KALA DEWAL AMATHAKA
    KARANNA BAHA
    DESA DROHIYEK.
    👹👹👹👹👹👹👹👹
    OYA WADDE BANA APITA APO.

  8. 77 UNP says:

    If UNP not in power it’s true.

  9. Kule says:

    ගොන් බූරුවෝ එක තමයිනේ කියන්නේ, ලංකාවක් පවතින්නේ කොහොමද හම්බය අල්ල ගත්තට පස්සේ. මී හරකෝ තොපිට ඒක තේරෙන්නෙ නැද්ද?

  10. Ranil says:

    මුං හොටියොත් ලංකාව තව කොච්චර කලක් පවතීවිද කියන එකනේ සැක

  11. Gamin says:

    Asgiri fraction always geting Rajapacksa side. They cannot find middle path

    • හෙලයා says:

      නැතුව ඉතින් මැරිල ඉපදිච්ච පෘතුගීසි කාරයාගෙ පැත්ත ගන්නයැ.

  12. Love nature says:

    බුදු දහම හා නවීන විද්‍යාව බුදු දහමත් නවීන විද්‍යාවත් සංන්සන්දනාත්මක ලෙස විග්‍රහ කොට සමාන බව දක්විමට වත්මන් යුගයේ බොහෝ විද්වතුන් පෙළඹී සිටින බව පෙනේ. තරඟකාරිත්වයන් පස්කමි සැපතට ලෝලත්වයන් සහ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව වැනි මානසිකත්වයන් ඇති කෙරෙන නවීන විද්‍යාවන් සදා සැනසුම ගෙන දෙමින් නිවන් සුවය සලසන බුදු දහමක් කිසිදා සම නොවන බව හේතු එලවාදීබව විග්‍රහ කල හැකිය. “තථාගතස්ස වේදිනෝ ධම්ම විනයෝ විවමෝ විරෝචති නපටිචිජන්නෝ” යන ඉගැන්වීමට අනුව තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට ඇති ධර්ම විනය විවෘත කරන විට හා විචේචනය කරන විට තව තවත් බබළයි.විචේචනය නොකරනතාක් නොබබළයි සදහන් වේ. බුදු දහම මිනිසාට ස්වාමීත්වය හිමිකර දී ඇති මානව කෙන්ද්‍රීය දර්ශනයකි.

  13. raju says:

    Ratak tiyenna epai oyala karana dewal nisa ratak tiyenwada ithuru wela? nikan metana boru bana withrai

    meya danne…UNP andu karawoth otuwo withrak newei ayeth koty th gahawi.

    anith eka oya ada hanne sai baba neda?

  14. one shot says:

    ලංකාව පවතින තුරු බුදු දහම ප්‍රමුඛස්ථානයේ!!
    අපි කථානායක කරූ මයාගෙන් අහන්න කැමතියි ලංකාව මේ යන විදියට ගියොත් කොතෙක් කල් පවතීවිද​?අන්න ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න බැරි නම් ඒක අපේ කරුමය තමයි කරූ මයා…

  15. SL says:

    සිංගප්පූරුව ජාතින් අතර සමගියේ හොඳ කැඩපතක් – සිංගප්පුරුවේ මනාප චන්ද ක්‍රමයක් නැත ,මුස්ලිම් කොන්ග්රසයක් නැත , TNA නැත , බදියුදීන් නැත , හිස්බුල්ල නැත ,තව්ෆික් ජමාත් නැත ,වහාබි තහනම්ය .බුර්කාව තහනම් ය ………..තව………සින්ගපුරුවෝ උඹල වගේ හොර ගෙදියොත් නැත………..

    • චන්දිමානි says:

      ඇයි, දැන් එහේ පුරවැසියෙක් විදිහට අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නේ? කවුරු උනත් හොරකම් කරගෙන හරි සල්ලි අරන් එනවානම්, සිංගප්පූරුව වුනත් රටට භාරගන්නවා.

  16. porolis says:

    58%dakala marukiyonawa palayanna awalama

  17. SUSA says:

    TOPI WAGE KALAKANNI TAWA AWRUDDAK DEKAK HITIYOT LANKAWAK ITURUWEIDA BOLA E KIANNE BUDDAGAMAT IWARAI SINHALAYAT IWARAI RATAT IWARAI.

  18. Modaya says:

    PALA PALA

    HEEN BABA SEEYA….THO MAHA KALAKANNI MOOSALAYEK