ලංකාව බංකොලොත් වෙමින්.. සාගතයෙන් පිරුණු පෝලිම් යුගයක් එනවා..

September 13, 2021 at 10:22 pm | lanka C news
ලංකාව බංකොලොත් වෙමින්.. සාගතයෙන් පිරුණු පෝලිම් යුගයක් එනවා..

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනතා අධිකරණය තුළදී ආණ්ඩුවේ ඉරණම තීන්දු වනු ඇත!

කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිම රටක් කඩා නොවැටුණු තරම් බංකොලොත් තත්ත්වයකට අපේ රට පත්වෙමින් තිබේ. හිතුවක්කාරී, අදූරදර්ශී, වගකීම් විරහිත පාලනය හේතුකොටගෙන මේ බරපතළ ආදීනවයන්ට රටට මුහුණ දීමට සිදුව තිබේ.

ආණ්ඩුව රටේ ජන ජීවිත, සිය දේශපාලන සහ ආත්මාර්ථකාමී න්‍යාය පත්‍ර සමඟ සමපාත කරමින් සූදුවක යෙදෙමින් සිටින අතර මෙහි ඛේදවාචකය රටේ ඉදිරි පරම්පරාවට පවා අත්විඳින්නට සිදුවන බව ආණ්ඩුව සිහිතබා ගත යුතුය.

• අවිධිමත් සංවෘත ආර්ථික රටාවකට යොමුවෙමින් මෑත යුගයේ ලොව කිසිදු රටක් නොගන්නා ලද තරමේ අඥාන තීන්දුවක් ආණ්ඩුව ගෙන තිබේ. එහි බරපතල ප්‍රතිවිපාක ඉතාම නුදුරේ දී අත්විඳීමට සිදුවනු ඇත.

• ආණ්ඩුවේ ඇමතිවරු දිනපතා රටට විහිලු සපයමින් සිටින අතර රටේ උද්ගතව ඇති කිසිදු ප්‍රශ්නයකට ඔවුන් තුළ පිළිතුරක් නැත.

• තුන්වේල තබා එක වේලක් හෝ පෝෂදායී ආහාර වේලක් ගැනීමට නොහැකි තරම් ජනතාව අන්ත අසරණව සිටින මොහොතක, ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු තුන්වේල දෙවේලකට හෝ එක වේලකට සීමාකරන්න යැයි ප්‍රකාශ නිකුත් කරන තරමට ආණ්ඩුවේ සෞභාග්‍යය දෝර ගලා තිබේ.

• මේ ව්‍යසනකාරී මොහොතේ පවා අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක බරපතළ හිඟයක් ඇති අතර, අනෙක් පසින් භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. දරාගත නොහැකි ලෙස බඩු මිල ඉහළ යාම හමුවේ “සාගතයෙන් පිරුණු රටක්” සහ පෝලිම් යුගයක් නිර්මාණය වෙමින් තිබේ.

• ගැටළුවක් මතු වූ සෑම විටකම ආණ්ඩුව සිදු කරන්නේ ඔලුගෙඩි මාරු කිරීම සහ චරිත වෙනස් කිරීම මිස උද්ගතව ඇති ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දීම නොවේ. මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසක් සිදුවිය යුතු වුවත්, රජය ඇස්බැන්දුම් ක්‍රියාත්මක කරමින් සංගීත පුටු තරගයක් ආරම්භ කොට තිබේ.

සාර්ව ආර්ථික විචල්‍යයන් මනා කොට කළමනාකරණය කරමින් මේ රටේ ජනතාවට මූල්‍ය උත්තේජකයක් ලබාදීම නොවලහා කළයුතුය. සෞභාග්‍යය වෙනුවට ජනතාව මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න ඉරණමෙන් ඔවුන්ව ගලවා ගැනීමේ වගකීම ආණ්ඩුව නොවලහා බාර ගත යුතු අතර එය එසේ නොවන්නේ නම් ජනතා අධිකරණය තුළදී ආණ්ඩුවේ ඉරණම තීන්දු වීම වැළැක්විය නොහැකි බවද අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

40,898 views

35 Comments to “ලංකාව බංකොලොත් වෙමින්.. සාගතයෙන් පිරුණු පෝලිම් යුගයක් එනවා..”

  1. Amda says:

    ලන්කාවට විනාශයක් වෙනවා නම් ඊට නුඹලාද සමසේ වගකිව යුතුයි!

    *2015 ලැබුනු හෝ ලබා ගත් අවස්ථාව .. කිසිම පැන්ඩමික් තත්වයක් හෝ අනතුරක් නැති කාලයක්…බොරු ලැම්බෝගිනි පස්සේ දුවමින්, කලින් රජයේම වැරදි සොයමින්, අතිශය කාලකන්නි ලෙස, කිසිම පලක් ඇති වැඩක් නොකර විනාශ වන්න ඉඩ හැරීම,…..

    *මහ බැන්කු මංකොල්ලය ( ඒකත් කමක් නෑ කියමු වැඩක් කලා නම් .. කලේ නෑනෙ )

    *රටේ කිසිම සන්වර්ධන කාර්‍යක් නොකිරීම සහ කෙරෙමින් තිබුනු සන්වර්ධන ව්‍යපෘතිද අතරමඟ නැවැත්වීම සහ එමනිසා ඊට දායක වුනු සුලු ව්‍යාපාරිකයන් රැසක් හිතාමතා අමාරුවේ දැමීම සහ විශාල පිරිසකට රැකියා අහිමි කරවීම

    *කලින් රජයෙන් කරන ලද ව්‍යාපෘති වලට තමුන්ගේ නම් පලක සවි කිරීම වැනි බාල සක්කිලි වැඩ කරමින් කාලය කා දැමීම

    *දේශීය ව්‍යාපාරිකයන් නැගී සිටුවනවා වෙනුවට ඔවුන් විනාශ කිරීම සහ පිටින් එන ව්‍යාපාරිකයන්ට සියලු සහන දීම & මුදල් ඇමතිගේ ආනුභාවයෙන් ඔහුගේ ගෝලයන් විසින් කලු සල්ලි සුදු කිරීම

    *කොටි සුරතල් කිරීම-නිදහස් කිරීම සහ රණවිරුවන් සිරගත කිරීම

    *මහ සඟරුවනට, සින්හල බෞද්ධයන්ට සහ රණ විරුවන්ට හිතා මතා කුඩම්මගේ සැලකිලි දැක්වීම සහ විශේශයෙන් රණ විරුවන් මානසිකව වැට්ටීම

    *සාලාව අවි ගබඩා විනාශය

    *ගං වතුර ආදියෙන් දුකට පත් මිනිසුන්ට සහනයක් නොදීම

    *එහෙත් මහ පඹයාගේ පටන් ප්‍රාදේශීය සභා බට්ටා දක්වාම .. දිනපතා නිව්ස් වලට වොයිස් කට් දීම සහ ලොකු සහ පඩ ටෝක් දීම….

    *පාස්කු විනාශය සිදුවෙන්නට ඉඩ හැර බලා සිටීම…

    තවමත් කරන්නේ ටෝක් දීම හැර වෙන මොකක්ද???

  2. Sarath Bulathsinghala says:

    මේ නිශාචර බස්සාට රෑට නින්ද යන්නේ නැහැ. දවල් නිදි! අතරවාරයේ ඇහැඇරුනාම මොකක් හරි ගොන් කතාවක් කියනවා බයිට් එකට!

    රටේ අභාග්‍යට බැරිවෙලාවත් ජනාධිපති වුනානම් බලාගන්න තිබුණා අද රටේ තත්ත්වය!

    හොඳටම කරන්න දක්ෂ කිලුටු රෙදි සේදීමයි!

Leave a Comment

Main News