ලංකාව ලෝකයේ අති දූෂිතම රට වීමට ආසන්නයේ.. 2014 දි 85 සිට 2016 දි 95ට ඇද වැටේ… වාර්තාව මෙන්න..
July 25, 2017 at 10:40 am | lanka C news
ලෝකයේ දූෂිතම රටවල් ශ්‍රේණිගත කිරිමේදි යහපාලන ආණ්ඩුව යන නමටද නිගා කරමින් මහින්ද රාජපක්ෂ යුගයේ සිටි 85 වෙනි ස්ථානයේ සිට රටවල් 10 කින් පහලට වැටි 95 වෙනි ස්ථානය හිමිකර ගෙන ඇත. Link
2016 වසරේදි ද 2014 මෙන්ම දූෂිත අඩුම රට ලෙස 1 වෙනි ස්ථානයේ ඩෙන්මාර්කය ශ්‍රේණිගත වී ඇති බව ලෝකයේ දූෂිත රාජ්‍යන් ශ්‍රේණිගත කරන ට්රාන්ස්ෆේරන්ට් ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත් කල අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
මේ වනවිට දූෂණයන් දිනපතාම ඉහළ යමින් තිබෙන තත්ත්වයක් තුල අනිවාර්යයෙන්ම මේ වසරේ දි එනම් 2017 වසරේ දි ශ්‍රීලංකාව 100 ඉක්මවා ගිය දූෂිතම රාජ්‍යට හිමි ස්ථානයට හිමිකම් කියනු ඇත.
මෙම වසරේ එම ඉලක්කය ලෙහෙසියෙන්ම පසුකරන බවත් එම වාර්තාවට හිමිකම් කීමට අවශ්‍ය උපරිම දූෂණයන් ඉතා වේගයෙන් සිදුවන බවත් දූෂණ සම්බන්ධව විමර්ශනය කරන ආයතනවල මතයයි. Link