ලංකාව විදේශ ණය ගෙවීමේ අවදානමක.. ජාත්‍යන්තර බැදුම්කර නිකුතුව අසාර්ථක වේ..

January 27, 2019 at 3:50 pm | lanka C news
ලංකාව විදේශ ණය ගෙවීමේ අවදානමක.. ජාත්‍යන්තර බැදුම්කර නිකුතුව අසාර්ථක වේ..

විදේශ ණය නැවත ගෙවීමේදී ශ‍්‍රී ලංකාව අවදානම් තත්වයට පත්ව ඇති බව ආර්ථික විශ්ලේශකයෝ පෙන්වා දෙති.

මේ තත්වය මත වැඩි පොලයට විදේශවලින් නැවත ණය ලබාගෙන එම මුදලින් කලින් ණය ආපසු ගෙවීමද දුෂ්කර තත්වයකට පත්වනු ඇතැයිද සදහන්ය.

මෑතකදී රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට ගත් උත්සාහයද අසාර්ථක විය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද සදහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අභියෝගාත්මක තත්වයට පැමිණ ඇති බවය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී සදහන් කර තිබුනේ විදේශ ණය ගෙවීම අතිශය දුෂ්කර බවයි.

152 views
Main News