ලංකාව හතුරුසිංහ බංග්ලාද්ශයෙන් උස්සයි.. පරාජ වැලක එරී සිටින ලංකාවේ ප‍්‍රධාන පුහුණුකරු තනතුරට.. ලොව ඉහලම ගෙවීමක්..

November 10, 2017 at 9:20 am | lanka C news
ලංකාව හතුරුසිංහ බංග්ලාද්ශයෙන් උස්සයි.. පරාජ වැලක එරී සිටින ලංකාවේ ප‍්‍රධාන පුහුණුකරු තනතුරට.. ලොව ඉහලම ගෙවීමක්..

බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත භාරදී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වනු ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල උත්සාහයක් දරමින් ඇති බව ද සදහන්ය.

චන්දික හතුරුසිංහ පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ කණ්ඩායමේ අප‍්‍රිකානු චාරිකාව අතරමැදදී යොමුකර ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇතත් මේ වන තෙක් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ඔවුන් විසින් දක්වා නැත.

තවත් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සිය ගිවිසුම් කාලය නිමවීමට ප්‍රථම ධුරයෙන් ඉල්ලා අස් වීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත හතුරුසිංහ විසින් ගෙවිය යුතු මුදල ගෙවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකගත්වය සිටින බවයි.

ලබන ජනවරියේදී සිට හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු ලෙස වැඩ ආරම්භ කරනු ඇති බවත් 2019 වන තෙක් ඔහු ගිවිසුම් ගතවනු ඇති බවත් වාර්තා වෙයි.

චන්දික හතුරුසිංහ මෙතෙක් ක‍්‍රිකට් ආයතනය විසින් වැඩිම මිලක් ගෙවීමට සූදානම් වන ප‍්‍රධාන පුහුණුකරු වනු ඇතැයිද වැඩි දුරටත් දැනගන්නට ඇත.

10 views

17 Comments to “ලංකාව හතුරුසිංහ බංග්ලාද්ශයෙන් උස්සයි.. පරාජ වැලක එරී සිටින ලංකාවේ ප‍්‍රධාන පුහුණුකරු තනතුරට.. ලොව ඉහලම ගෙවීමක්..”

  1. rohantha says:

    No offence at Hathurusinghe. He will do a great job. But six months later he will realize this the worst decision he has taken. Not due to his inability but due to other factors which will not allow him to do the Job the way he wants.

  2. ශ්‍රි ලංකාවට හොදක් උනත් බංගලාදේශය සමග තිබු ඔබේ ගිවිසුම ඒක පාක්ශිකව හිතුමතේ කඩා දමා එන එක ගැන නම් මගේ විරෝධය.

  3. Jeewantha says:

    Paying high salary to Hathurusinghe should be okay since he’s our guy.All other foreign coaches never give 100%,but Hathura & Thilan Samaraweera will do.But as earlier friends told ,it’s really questionable SL cricket board & other bloody politicians (Not Arjuna) will let him to do what he wanted for the betterment of SL cricket.Also it’s shame Chandimal go behind “Ganga Meniyo” which shows his ignorance to the world.Also inclusion of Angelo Mathews is questionable since it was very clear his betrayal in second ODI against Zimbabwe & also latter innings.

    • Kalana Premadasa says:

      He is no longer an “our guy”. He is now an Australian.

      • sam says:

        How about Geetha Kumarasinghe, Basil Rajapaksha and Gothabala Rajapaksha? Are they our people? They are also citizans of our countries. They are in Sri Lanka only to mess up the country and make money.

  4. siri says:

    කවුරුන් උනත් අරගෙන තියෙන්නේ ඉතාම බුද්ධිමත්, කාලෝචිත පියවරක් බව කිව යුතුයි. හතුරුසිංහ අද මුලු ලෝකෙන්ම ඉහලම මට්ටමක ඉන්න විශිෂ්ට ගණයේ පුණුකරුවෙක් බව අවිවාදයෙන් පිලිගත යුතුයි. මන්ද ගහන ගහන සෑම තරඟයකින්ම පරාද වෙමින් (අද ලංකාව වගේ) ලෙල්ලටම වැටිල හිටපු බංගලාදේශය, ප්‍රබල ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල් ඔවුන්ගේම රටවලදී පරාජය කරමින් වාර්තා පිහිටවීමට තරම් ප්‍රබල කණ්ඩායමක් බවට පත් කලේ මේ අපේ හතුරා.

    • Gamarala ge putha says:

      මේ විළි ලැජ්ජනැති කාලකන්නි ලංකාවත් විළි ලැජ්ජ නැති රටක් කරනව​.
      හතුරු සිංහව ගන්නව නම් ඒ මනුස්සය ඒ රටත් එක්ක තිබුන ගිවිසුම ඉවර උනාම ගන්න ඕන​. දැන් මේ අමනයන් ඒ ගිවිසුම කඩල උස්සනව​. මොන තරම් විළිලැජ්ජ නැති ක්‍රියාවක් ද ?

      ලංකාව වගේ ක්‍රිකට් වලින් මහත්මා ගතිය තබාගෙන හිටපු රටක් මේ තරම් පහත් වැඩ කරන තත්ත්වෙට පත්කරපු සාපය මේ මණ් ඩලේ උන්ටයි ක්‍රිකට් දේශපලනේ කරපු උන්ටයි පල දෙනව​. මේවගේ දේවල් වලටත් හොඳයි කියන අය ගේ කැරෙට්ටුව හිතා ගන්නවත් බෑ. යහපාලන මෙතඩ්.

  5. Niru says:

    Make Hathurusinghe the Prime minister

  6. Trump says:

    අල්ලපු අත්තත් නැතිවෙන පය ගහපු අත්තත් නැතිවෙන වැඩක් ඕක. ඇවිල්ලා මාසයක් යන්නත් කලින් CLC වල මාෆියා ටික පේන්න ගන්න කොට ඉතිං අනිත් පුහුණුකරුවන්ට ගිය කලදසාව ම නොයයි කියලා හිතන්නෙ කොහොමද.

    • kim says:

      මේක තමයි වෙන්නෙ. දිනාගෙන තියන කීර්තිනාමයත් නැතිකරගෙන, අඩුගානේ පදිංචි ඕස්ට්‍රෙලියාවෙ ඉස්කෝලෙක කෝච් කෙනෙක් වෙන්නත් බැරි තත්වයට යයි. මේ වැඩේ හරියන්න නම් ක්‍රිකට් මාෆියාව සුද්ද කරලා දාන්න ඕන.

  7. sirimal says:

    Congratulations to Hathurusinghe.

    I am sure you have included in your Contract of Employment sufficient terms and conditions favouring you, to ensure that you are given free hand by the SLC authorities. Also those Conditions should include massive penalty for the SLC if they breach any of the conditions.

    We ask you to be TOUGH to SLC bosses. We ask you to be HUMBLE for the players. Give your best and bring back next World Cup for Sri Lanka.

    It does not matter even if you are paid USD 10million per month, plus all perks plus endorsements.

    Hopefully you will bring the Cup for us, and you will beat Christianto Ronaldo in getting more than USD 93 million per year.

  8. බබා උක්කුන් says:

    හතුරා ගන්න තීරණය කිරීම ගත්ත හොදම පියවර. ඒ වාගේම ඔහුගේ රාජකාරිය ඔහුට නිවැරදිව කරන්න පුළුවන් වටපිටාවක් හදල දෙන්න. දේශපාලන ඇගිලි ගැසීම්, පාලක මණ්ඩලයේ ඇගිලි ගැසීම් වලින් තොරව ඔහුට නිදහසේ කටයුතු කරන්න ඉඩ දෙන්න. එහෙම වුනොත් හොද ප්‍රතිපල ලබාගන්න පුළුවන් වේවි. නැතිනම් අනිත් අය ගියා වගේ හතුරටත් මාස හයක් අවුරුද්දක් යනකොට අකුලගෙන් යන්න වේවි. ලංකාවේදී වැඩක් හරියට කරන්න නොදෙන පැත්තට බර වැඩියි. ඒ නිසා ඒවා ගැන ඔය එන්න කියපු අයත් එක්ක හොදට කතා කරල තීරණ අරගෙනම එන්න.

  9. Raawanaa says:

    “Hathuroth” awashya wenawa kiyanne okata thamayi.

  10. Wajira says:

    ලංකාවේ ක්‍රිකට් වලට පුහුණුකරැවෙක් අවශ්‍ය බව අැත්ත. ඒත් තමන්ගේ ගිවිසුම් කාලය අතරමගදි අවසන් කරලා තවත් කන්ඩායමකට ඒන ඒක නම් අනුමත කරන්ඩ බෑ !!

Main News