ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගෑස් පුපුරනවා නොවෙයි.. මීට පෙරත් පුපුරලා තිබෙනවා..

December 1, 2021 at 12:00 pm | lanka C news
ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගෑස් පුපුරනවා නොවෙයි.. මීට පෙරත් පුපුරලා තිබෙනවා..

එක ගෑස් ටැංකියක් හරි පුපුරනවා නම්, එම ගෑස් සමාගම්වල වගකීම තමයි ඒවට විසඳුම් සොයාගෙන ඉක්මනට ප‍්‍රශ්නය නිරාකරණය කරන එක. මොකද ප‍්‍රතිශතයක් වශයෙන් අඩුයි, මේක හැමදාම වෙනවා වගේ නිදහසට කාරණා කියන්න බැහැ. ඒ නිසා යම්කිසි තාක්ෂණික හේතුවක් තිබෙනවා නම් ඒ තාක්ෂණික හේතුව ඉක්මනට විසඳන්න ඒ බලධාරීන් කටයුතු කරන්නට ඕනේ යැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගියදා වතුපිටිවල සියක් නගර සංවර්ධන වැඩසටහන ආරම්භක අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, ‘අපිට පසුගිය දිනවල ගෑස් පිපිරීම් සිද්ධි කිහිපයක් වාර්තා උනා. ඒ ගැන හේතුත් විවිධ අය ප‍්‍රකාශ කළානේ. මේ පාර්ලිමේන්තුවේ පවා ගෑස් පුපුරන්න හේතුව සංයුතිය වෙනස් වීමත් ඒ වගේ කතා කිව්වා. නමුත් විශේෂඥයෝ ඇවිල්ලා කියලා තියෙනවා එහෙම නෙමෙයි කියලා. ඒ කෙසේ වෙතත් මම පුද්ගලිකව හිතනවා එක ගෑස් ටැංකියක් හරි පුපුරනවා නම්, එම ගෑස් සමාගම්වල වගකීම තමයි ඒවට විසඳුම් සොයාගෙන ඉක්මනට ප‍්‍රශ්නය නිරාකරණය කරන එක. මොකද ප‍්‍රතිශතයක් වශයෙන් අඩුයි, මේක හැමදාම එනවා වගේ දේවල් නිදහසට කාරණා කියන්න බැහැ. ඒ නිසා යම්කිසි තාක්ෂණික හේතුවක් තිබෙනවා නම් ඒ තාක්ෂණික හේතුව ඉක්මනට විසඳන්න ඒ බලධාරීන් කටයුතු කරන්නට ඕනේ.

ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගෑස් පුපුරනවා වගේ කතා කරන්න හොඳ නැහැ. මේක මීට පෙරත් වෙලා තිබෙනවා. හැබැයි පුපුරන එක අපට පිළිගන්නට බැහැ. එක ගෑස් ටැංකියක්වත් පුපුරනවා නම් ඒකට අපි විසඳුම් සොයන්න ඕනේ. එහෙම වෙන්න බැහැ 100% ක් ඒවා නිවැරදිව කි‍්‍රයාත්මක වන්නට ඕනේ යැයි පැවසීය.

ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්

23,848 views

18 Comments to “ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගෑස් පුපුරනවා නොවෙයි.. මීට පෙරත් පුපුරලා තිබෙනවා..”

  1. On The Spot says:

    වාරකන් කාලෙට කැස්බෑවො ගල්වල හැප්පිලා ගිනි ගත්තෙත් පලවෙනි වතාවට නොවෙයි.
    දැන් ගෑස් ටැංකි පුපුරන්නෙත් පලවෙනි වතාවට නොවෙයි.
    ඔහොම ගියොත් කණ පුපුරන්නෙත් පලවෙනි වතාවට නොවෙයි,
    හිමින් පරිස්සමින් කරත්තෙ ඇදපං ගමන තව දුරයි.

  2. Jobba says:

    Seriously these people does not realise the gravity of thus issue. People are so scared to buy gas cylinder now….is this a trick to stop people buying it…

  3. මෝ says:

    මේ අංගොඩ හේවට කොන්දක් නැතිද මේල, විශාල,ප්‍රශ්නයක් වහාම සිලින්ඩර ආපසු ගෙන්වා පරික්ශා කරල නිවැරදි ප්‍රමිතියට නිකුත් කරන්න කියන්න.මුලු ආන්ඩුවම වැනෙන කතා කියන්නේ ඇයි?ගෑස් භාවිතය නිවැරදි ලෙස කලොත් 100ට100ක්ම ආරක්ශා කාරී විය යුතුයි.

  4. 0.00069 BIYYO says:

    වාරකන් කාලෙට කැස්බෑවො ගල්වල හැප්පිලා ගිනි ගත්තෙත් පලවෙනි වතාවට නොවෙයි.
    දැන් ගෑස් ටැංකි පුපුරන්නෙත් පලවෙනි වතාවට නොවෙයි.
    ඔහොම ගියොත් කණ පුපුරන්නෙත් පලවෙනි වතාවට නොවෙයි,
    හිමින් පරිස්සමින් කරත්තෙ ඇදපං ගමන තව දුරයි.

Main News