‘ලංකා ඊ නිවුස් සදරුවන් ලෝකයේ කොහේ හිටියත් කුදලං එනු’ ජාත්‍යන්තර වරෙන්තුවක්… විජේදාසගේ කතාව හරියටම හරියයි..

November 25, 2016 at 11:20 am | lanka C news
‘ලංකා ඊ නිවුස් සදරුවන් ලෝකයේ කොහේ හිටියත් කුදලං එනු’ ජාත්‍යන්තර වරෙන්තුවක්… විජේදාසගේ කතාව හරියටම හරියයි..

ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියේ ප‍්‍රධාන කතෘ ප්‍රදීප් සඳරුවන් සේනාධීර නැමැත්තා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර (ඉන්ටපෝල්) වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය.

අධිකරණය විසින් මෙම නියෝගය කරනු ලැබුවේ ‘රිවිර’ පුවත් පතේ හිටපු කර්තෘවරයෙකු වන උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට කලින් අදාල වෙබ් අඩවියේ පළ කරමින් අධිකරණයට අපහාස කළ බවට එල්ල වී තිබූ පැමිණිල්ලක් සලකා බලමිනි.

සදරුවන් සේනාධීර මහතාට අදාල චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ලෙසද නියෝග කර ඇති අතර ඔහු මෙරටට පැමිණියහොත් ගුවන් තොටේදීම අත්අඩංගුවට ගන්නැයි ආගමන විගමන පාලකවරයාදට නියෝග කර ඇත.

මේ අතර ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මගින් අධිකරණයට අපහාස කලේ යයි තවත් පැමිණිලි 14ක් ඉදිරිපත්ව තිබේ.

මීට දින කිහිපයකට පෙර අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පලංකා ඊ නිවුස් කතුවරයා ඉන්ටපෝල් වරෙන්තුවක් මගින් අත්අඩංගුවට ගන්නා බවයි.

27 views
Main News