‘ලංකා ඊ නිවුස්’ සදරුවන් සේනාධීර ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා.. – අධිකරණ ඇමති

November 18, 2016 at 3:00 pm | lanka C news
‘ලංකා ඊ නිවුස්’ සදරුවන් සේනාධීර ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා.. – අධිකරණ ඇමති

දිගින් දිගටම මෙරට අධිකරණයට අපහාස කරමින් පුවත් පළකරන ‘ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර නැමැත්තා ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒම සදහා ඉක්මනින්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදී අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
සමහර වෙබ් අඩවි මගින් අසත්‍ය හා අන්තවාදී ප‍්‍රචාරයක් සිදුවන බවත් ඉන් ජනතාව නොමග යන බවත් අධිකරණ ඇමතිවරයා සදහන් කලේය.

ආගම්වාදී හා අන්තවාදී ක්‍රියාකාරකම්වලට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවද කී ඇමති විජේදාස ශ්‍රී ලාංකිකයින් 32ක් සිරියාවට ගොස් ISIS ත්‍රස්තවාදීන්ට එක්ව ඇති බවත් විදේශීය ඔත්තු සේවා කිහිපයක්ද මෙරට සිට ක්‍රියාත්මක වන බවත් සදහන් කලේය.

76 views

3 Comments to “‘ලංකා ඊ නිවුස්’ සදරුවන් සේනාධීර ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා.. – අධිකරණ ඇමති”

  1. Champa says:

    You talk the talk but you don’t walk the walk, Mr. Minister. Any difference this time?

  2. dickie bird says:

    Aiyo….. Don’t take that cripple into custody.
    very soon he will depart to meet his creator.
    The curse that has already befallen on him is sufficient.

    • deshappriya says:

      කල හැකි නම් ඉතා වදගත් දෙයක්
      මේ කාලකන්නි හැකරා රටින් පිට ඉඳගෙන බොරු ගොතල ඒවා පලකරලා මිනිසුන් මුලා කරනවා
      ඉතා ඉක්මනට මෙය නවතා දැමිය යුතුය

Main News