ලංකා ක්‍රීඩිකාව සිංගප්පූරුවේදී රන් පදක්කමක් දිනයි..
May 10, 2019 at 8:02 am | lanka C news
ප්රවීණයන්ගේ 40 වන ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා සිංගප්පූරුවේදී පැවැත්විණි. ඒම තරගාවලියේදී මීටර් 80 කඩළු මතින් දිවීමේ තරගයේ රන් පදක්කම දිනා ගන්නා ලද්දේ ශ්‍රී ලංකාව විසිනි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ජේෂ්ඨ උපදේශික සුභද්‍රා මානෙල් මෙනවිය මෙම රන් පදක්කම දිනා ගත්තාය. මෙම තරගය සදහා රටවල් 10 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් සහභාගි විය. මෙම තරගයට අමතරව දුර පැනීමේ තරගයෙන් 03 වන ස්ථානය දිනා ගන්නා ලද්දේද සුභද්‍රා මානෙල් ක්‍රීඩිකාවයි. ඒ වෙනුවෙන් ඇයට ලෝකඩ පදක්කම හිමිවිය.
තරගාවලියේදී රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනූ සුභද්‍රා මානෙල් මෙනවිය තරගාවලිය නිමවා දිවයිනට පැමිණියාය. ඇය සිය ආයතනය වෙනුවෙන් පිළිගැනීම හා උපහාර දැක්වීමේ උත්සව සභාවක් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති නීතීඥ රවී ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය පුහුණු අධිකාරියේදී පැවැත්විණි.
– ජයකාන්ත ලියනගේ
රාවනා දියණියක් අපෙන් තුති
Supriri….