‘ලංකා තේ’ අපනයන මිල අඛණ්ඩව පහත වැටේ.. පොහොර නැතිව හොඳ දළු නෑ..

July 13, 2021 at 12:40 pm | lanka C news
‘ලංකා තේ’ අපනයන මිල අඛණ්ඩව පහත වැටේ.. පොහොර නැතිව හොඳ දළු නෑ..

තත්වයෙන් බාල තේ නිෂ්පාදනය කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ අපනයන තේ කිලෝ ග්රූමයක් සඳහා ලැබෙන මිල තුන්වන අඛණ්ඩව මාසයටත් පහත බැස ඇත. ජූලි මාසයේ දී අපනයන තේ මිල තවත් පහත වැටෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 75% ක් නිෂ්පාදනය කරන කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය පොහොර, කෘෂි රසායන නොලැබීම නිසා ගුණාත්මක භාවයෙන් ඉහළ තේ දළු නිෂ්පාදනය කළ නොහැකිව ඇත. අපනයන මට්ටමේ තේ නිෂ්පාදනවල පැවතිය යුතු ගුණාත්මක භාවය තත්වයෙන් බාල තේ දළු වලින් ලබා ගත නොහැකිව ඇත. තේ සඳහා ලැබෙන මිල අඛණ්ඩව පහත වැටීමට වැලැක්වීමට නම් තේ වගාව සඳහා හෝ රජය රදවාගෙන තිබෙන පොහොර වහා නිදහස් කළ යුතු ය. ‘‘අපනයන ආදායමේ හදවත බදු තේ වගාව රැක ගැනීම සඳහා පොහොර හා කෘෂි රසායන ආනයන තහනම පිළිබඳ වහා නැවත ඇගයීමක් සිදු කළ යුතුව ඇතැයි‘‘ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

පොහොර හා කෘෂි රසානයන නොමැතිවීමෙන් මේ වන විට තේ වගාව දැඩි පරිහානියක ලක්ව තිබේ. පහත රට තේ වගාවේ අස්වැන්න හා දළුවල ගුණාත්මක බව පහත වැටීම සුවිශේෂී වේ. කඳුකර තේ වගාවට පොහොර නොමැතිවීමට අමතරව බ්ලයිට් රෝග ආසාදනයට ලක්වී ඇත. මේ රෝග සඳහා නිර්දේශිත කෘෂි රසායන නොමැතිවීම හේතුවෙන් දළු අඩුවීම පමණක් නොව, ගස් විනාශවීම ද ඇරඹී ඇත.

වතු සමාගම් සතුව පොහොර හා කෘෂි රසායන තොග පවතින නමුත් කුඩා තේ වතු හිමියන්ට පොහොර නොලැබේ. වතු සමාගම් හා කුඩා වතු හිමියන්ට ඇත්තේ එකම වෙළෙඳපොලකි. තත්වයෙන් බාල තේ නිෂ්පාදන වැඩි වශයෙන් වෙළෙඳපොලට පැමිණීමත් සමඟම තේ මිල පහත යාම ඇරඹී තිබේ.

අත්තනෝමතික කෘෂි රසායන තහනම් හේතුවෙන් කෘෂි නිෂ්පාදනවල තත්වය පවත්වාගෙන යාමේ ගැටළුවකට කෘෂි නිෂ්පාදන කේෂ්ත්‍රෙයේ සෑම කණ්ඩායමක්ම මුහුණ දී සිටී. ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයන ආදායමේන් 15% ක් ලැබෙන්නේ තේ නිෂ්පාදනයෙනි. කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අපනයන ආදායමෙන් 62% ක් ලැබෙන්නේ තේ වගාවෙනි.

කෘෂිකර්ම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොහොර හා කෘෂි රසායන තහනම හේතුවෙන් මෙරට කෘෂිකර්ම කේෂ්ත්‍ර යේ සෑම අංශයක්ම කඩා වැටෙමින් තිබෙන අතර අස්වැන්න අඩුවෙමින් පවතී. එළවළු, පළතුරු හා මල්වර්ග නිෂ්පාදනය ට එයින් දැවැන්ත බලපෑමක් එල්ලවී ඇත. කුරුඳු ඇතුළු අපනයන බෝග රැසක නිෂ්පාදනය තත්වය මේ වන විට පහත වැටී ඇතැයි ද තෙන්නකෝන් ගේ නිවේදනයේ දැක්වේ.

29,937 views

15 Comments to “‘ලංකා තේ’ අපනයන මිල අඛණ්ඩව පහත වැටේ.. පොහොර නැතිව හොඳ දළු නෑ..”

  1. Planter says:

    Will the Government issue a statement either today or tomorrow challenging this news item ?

  2. dev says:

    වස විස දාපු තේ වලට ලොක්යේ ඉහලම මිලක්

  3. රතු තරුව says:

    පෝර නවත්තලා මාස 3ක් උනාද? මාස 3ක ඉඳන් තේ දළු මිළ පහල යනවා නම් ඒක හොයලා බලන්න ඕනෙ. මොකද, රසායනික පෝර නවතන්න කලින් අස්වැන්නෙන් තමයි වැඩේ ‘පත්තුවෙලා තියෙන්නෙ’. පොඩ්ඩක් කල්පනා කරල බලන්න මෙතන මොකක්හරි හොරයක් වෙනව.

    • වයි දිස් කොලවෙරි says:

      අප්‍රේල් ඉදන් මිල අඩු වෙලා තියේන්නෙ. මාර්තු අග, බුද්ධ ශාසනය නියාමනය කර, සoඝයා වහන්සේලා සිර ගත කරණ ත්‍රිපිටක පනත කෙටුම්පත් කරන්න ගත්තා විතරයි ලoකාව සාපයට ලක් වුනා.

      පහුගිය මාස 4ට කොරෝනා වලින් කෙල උනා, නැවු ගිනි ගත්තා, ගoවතුර ආවා. පනත අකුල ගත්තෙ නැත්නම්, ඉස්සරහට සාගතයක් සහ සුනාමියක් එන්න නියමිතයි.

  4. බන්ඩා says:

    වකුගඩු රෝගය පිළිඹදව ජනාධිපතිගෙ කතාව ඇත්ත. නමුත් වසංගතය අස්සෙ රසායනික පොහොර සම්පූර්ණයෙන් තමනම් කිරීම නම් මරි මෝඩ ක්‍රියාවක්. වසංගතය සමග සාගතයට අත වැනීමක්. ජනාධිපතිතුමනි! රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය අසාර්තක බව ⁣හොඳම කොම්පොස්ට් නිශ්පාදකයෙක් ලෙස මම ඔබට දන්වන්න කැමතිය්.

    • Planter says:

      (1) Vegetable cultivation for domestic market and large scale commercial cultivations for exports mixed up.. (2) Organic solutions for Weed / Pest and fungal controls not announced ..

  5. patriot says:

    Who made this report? When governement annoced ban with in one week all start shouting that famers have no fertilisers. Now this, all big mafia fertilizer companies are very upset. This is a utter lie. It is a known fact that world wide unlike sri lanka they dont like to eat posion food. So who is behind this ?

    • Appuhamy says:

      You need to look at the situation from a Sri Lankan farmer’s point of view. All have to agree that this is a decision taken in Colombo without a comprehensive study.

    • Goviya says:

      Yes. No sooner the announcement was made all the fertiliser disappeared from the shops and deliveries from the Ware Houses stopped too.

  6. Dial says:

    රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි, තව පැහැදිලි කිරීම් ඕන නෑ.. නම ඇහුවම හොදටම පහද්ලියි …

  7. Rishan says:

    I am confuse . We are paying Rs 650/- per 1 Kg of Tea…. W

  8. Sam Fernando says:

    මේවට හිනා යන්න එපා පස්ස පැත්තෙන්.
    කාබනික තේ වලට ලෝකයේ ඉතාමත් ඉහළ මිලක් තියෙනවා.

    • Saman says:

      උබ කාබනික තේ වවනවද?

    • ගමේකොල්ලා says:

      පිටරට මිනිස්සුන්ට ඔච්චර පිස්සුවක් නෑ කාබනික තේ බොන්න

  9. Piyarathne Gamage says:

    රජිතා කීර්ති තෙන්නකෝන් . 😂😃🌹..සමන් රත්නප්‍රිය වියන්ගොඩ වගේම ස්වාධීන ලේබල් ගහ රට හොල්ලපු පොරක්… මේ කරන්නෙ ආ ණ්ඩුකාර කමට කෙලවුණ දුකට නහයෙන් ඇඬීම…

Main News