ලංකා තේ සදහා තිබූ ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කරයි.. ලංකා තේ ලෝක වෙලදපලේ නොවිකිණී ගොඩගැසේ..

July 29, 2019 at 12:40 pm | lanka C news
ලංකා තේ සදහා තිබූ ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කරයි.. ලංකා තේ ලෝක වෙලදපලේ නොවිකිණී ගොඩගැසේ..

ශ්‍රි ලංකාවේ තේ අලෙවිය සදහා යුරෝපිය රටවලින් නිකුත් කර තිබු ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කිරිම නිසා යුරෝපිය රටවල ශ්‍රි ලංකාවේ තේ අලෙවිය සදහා පවතින ඉල්ලුම පහල වැටි ඇති බව උඩරට තේ වතු සමාගම්වල විධායක නිලධාරින් පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වතු සමාගම්වල විධායක නිලධාරින් කිහිප දෙනෙකු වැඩි දුරටත් කියා සිටියේ යුරෝපිය රටවල ශ්‍රි ලංකාවේ තේ සදහා විශාල ඉල්ලුමක් පැවති බවත්, එම ඉල්ලුම අභියෝගයක් කරගත් අසල්වාසි තේ අපනයනය කරන රටක් රාජ්‍යය නොවන සංවිධාන කිහිපයක් එක කර ගනිමින් කුමන්ත්‍රණයක් දියත් කර  උඩරට තේ වතු වල සේවය කරන වතු කම්කරුවන්ගේ ආර්ථික තත්වය ඉහල නැවිමට සහ වතු කම්කරුවනගේ යටිතල පහසුකම් සහ සෞඛ්‍යය පහසුකම් ඉහල නැංවිමට කටයුතු නොකරන බවට බොරු ප්‍රචාරයක් මාධ්‍යය මගින් සහ සමාජ මාධ්‍යය ජාල වලින්  එම රට වල ප්‍රසිද්ධියට පත් කර ශ්‍රි ලංකාවේ සදහා නිකුත් කර තිබු  අදාල ජාත්‍යන්තර ප්‍රමිති සහතික තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

යුරොපිය රටවල ශ්‍රි ලංකාවේ තේ මිල දි ගන්නා පරිභෝගිකයන් අදාල ප්‍රමිත සහතික තේ පැකට් වල සදහන් නොකිරිම නිසා  ශ්‍රි ලංකාවේ තේ මිල දි ගැනිම එම පාරිභෝගිකයන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

තවද ඇමරිකාව විසින් ඉරානයට ආර්ථික සම්බාධක පැනවිම මත ඉරානයට ශ්‍රි ලංකාවේ තේ අපනයනය නොකිරිම නිසා උඩරට සහ පහතරට නිෂ්පාදිත තේ වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරිමේදි සැම වෙන්දේසියකම 30% ක තේ ප්‍රමාණයක් අලෙවි නොවිම මත එම තේ තොග තේ කර්මාන්ත ශාලා වල ගබඩා කර තිබෙන බව එම වතු සමාගම් වල විධායක නිලධාරින් කියා සිටියි.

පවත්නා තත්ත්වය මත ශ්‍රි ලංකාවේ තේ කිලෝවක් සදහා දැනට රු 400/= සිට 500/= ක මුදලක්  වෙන්දේසියෙන් ලැබෙන බවත්, එම මුදල තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන පිරිවැයට වඩා අඩු නිසා තේ වතු සමාගම් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව වතු සමාගම්වල විධායක නිලධාරින් කියති.

පවත්නා තත්ත්වය මත මේ වන විට තේ වතු සමාගම් දැඩි මුල්‍යය අර්බුධයක් හමුවේ පවත්වාගෙන යන  නිසා ඉදිරියේදි  වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවිමටද ඉදිරියේදි  නොහැකි විමේ අවධානමක් මතු වි ඇති බව වතු සමාගම්වල විධායක නිලධරින් වැඩි දුරටත් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ  

30,704 Viewers

5 Comments to “ලංකා තේ සදහා තිබූ ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කරයි.. ලංකා තේ ලෝක වෙලදපලේ නොවිකිණී ගොඩගැසේ..”

  1. රන්බණ්ඩා says:

    ඔය වතු කම්කරුවො ඔක්කොම චන්දෙ දුන්නෙ යහපාලනේට.
    ඉඳින් මේවා උන් උන්ම කොරගත්තු දේවල් බොලං.
    දැන් තියෙන්නෙ 6% පොළියට එන්ටර්ප්‍රයිස් සිරි ලංකා ණය ක්‍රමේට බැංකු ණයක් අරගෙන වැඩේ ගොඩදා ගන්න එක බොලව්.
    හුචෑස්..හික්…හික්.

  2. අපිටත් තියෙන්නෙ ඇමෙරිකාවට, ප්‍රංශෙට, ස්විට්සර්ලන්තෙට විරුද්ධව මානව හිමිකම් කේස් අදින්න.. ඔව්ව එච්චර අමාරු වැඩ නෙවෙයි.. ඕනතරම් සාක්ෂි තියෙනවා.. පින්තූරත් එක්ක.. ඔක්කොම දන්නවා.. කොන්ද කෙලින් නම් ඉරානෙට දිගටම තේ අපනයනය කරන්න පුළුවන්.. මේක යුරෝපෙ ඇමෙරිකාව යටත් විජිත වගේ උන්ගෙන් සහනාදාර අරං ආණ්ඩු කොරන්න ගියාම ඔහොම තමයි.. උන්ගෙ නීතියට දැන් ඉතින් නටපං.. GSP සහන නැත්තං අපේ ගාර්මන්ට වහපියව්.. ඕක තමයි UNP තියෙරිය.. දැන් ඉතින් තේ වතුත් වහපියව්.. ගිහින් සිරිකොතෙන් සහනාධාර ඉල්ලං කාපියව්.

  3. Ravinda says:

    This is the result of privatization of state plantations and the corrupt practices of tea small holder factories. Sri Lanka tea board and the Ministry of Plantations has to revue some of the private companies and take back those plantations and it must have strict monitoring mechanism for small holder factories. Its the lethargy and corruption of the ministry and tea board that has to share the blame.

  4. gamarala says:

    රනිල් සිරිසේන විවාහයේ ප්‍රතිපල වෙනස දැන් සැපද?

Main News