ලංකා පොස්පේට් පෞද්ගලීකරණය නොකර රාජ්‍ය-පෞද්ගලික හවුල්කාර සමාගමක් හදන බව ඇමති කියයි..

February 17, 2020 at 8:40 am | lanka C news
ලංකා පොස්පේට් පෞද්ගලීකරණය නොකර රාජ්‍ය-පෞද්ගලික හවුල්කාර සමාගමක් හදන බව ඇමති කියයි..

ලංකා පොස්පේට් සමාගමේ අයිතිය 100% ක් රජය සතුව තබා ගනිමින්, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර සමාගමක් යටතේ නව තාක්ෂණය ද යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකි තත්වයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඒ සඳහා සේවක පිරිසගේ ද පූර්ණ සහයෝගය බලාපොරොත්තු වන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ලංකා පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව එහි සේවක පිරිස අමතා අදහස් දක්වමිනි.

මෙම අවස්ථාවට සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම සමාන්‍යාධිකාරී ඇතුළු සෙසු සේවක පිරිස් ද එක්ව සිටියහ.

– midea unit

10,155 Viewers

3 Comments to “ලංකා පොස්පේට් පෞද්ගලීකරණය නොකර රාජ්‍ය-පෞද්ගලික හවුල්කාර සමාගමක් හදන බව ඇමති කියයි..”

  1. kawinda says:

    mona de kalath ikamanin mahajanayaata denena deyak karanne. den den ape haamuduru warunta inna beriwela thiyenne. weda madilu. kotan edda ali venuwata wena ali peraherelu. me wage katha ehenawa. anika kalawan UNP kaarayo boru prachaara mada prachaara gahanawa. handunneththiyath mokakdo kendirigaanawa. ape rate minissunta wenas wenna padanamak ona nehe. mokakhari dosak ehunoth kapothi. e nisa minissunta denena dewal ikmanata karanna. please.

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    පසුගිය කාලේ රජයට අයත්ව තිබුන, UNP රජයන් විසින් වසා දැමුණු පෙහෙකම්හල් ටික නැවත පටන් ගමු. අඩුම වශයෙන් නිළ ඇදුම් වලට අවශ්‍ය රෙදි ටික හෝ නිපදවල රජයේ මුදල් ඉතිරි කරගමු.

  3. Janaka from Matara says:

    ..good luck minister. Developing Eppawela will be an extremely complex project.

Main News