‘ලංකා පොස්පේට්’ විමල්ගෙන් ඉවතට.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය මෙන්න…

June 19, 2021 at 10:40 am | lanka C news
‘ලංකා පොස්පේට්’ විමල්ගෙන් ඉවතට.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය මෙන්න…

ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

මෙතෙක් එම ආයතනය පැවතියේ විමල් වීරවංශ මහතාගේ යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින ඇතිව නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් මෙම ආයතන මාරු කිරීම සිදු කර තිබේ.

ඊට අදාල ගැසට් පත්‍රය මෙහි දැක්වෙයි.

67,495 views

18 Comments to “‘ලංකා පොස්පේට්’ විමල්ගෙන් ඉවතට.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය මෙන්න…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    හොඳ වැඩක්. ඒක තියන්න ඕන කෘශිකර්මෙ යටතෙ.

  2. මෙය කාබනික පොහොර කඩිනම්ව නිපදවීමේ දැවැන්ත ව්‍යාපෘතියේ ඉදිරියට පිය තැබීමක් විය යුතුය.
    කවුරුකවදා,කෙලෙස කීවද, කෙරුවද, හෙළදිව ,එහි ආගම සමග ජාතියද එකමිටට ඔසවා තබන තාක්
    හුදී ජන කැල රාජ පක්‍ෂ වනු ඇත .
    ජය ධරණී!

    • සිරිසේන 2 says:

      අපි පොහොට්ටුවට චන්දෙ දුන්නා උනත් දැන් තත්වය කිව යුතුය්. මේ පොහොර ප්‍රශ්ණය අනාගැනීම නිසා ලබන ජනවාරි වෙන කොට රටේ දැවැන්ත අහාර හිඟයක් ඇති වෙනවා.

      • කලිසම ඔලුවෙන් ගලවපු බයියා says:

        හොඳ වැඩේ තොපිට. දැන් තණකොළ කාපන්.

    • janaka says:

      අනිවාර්යෙන්ම සිංහල බෞද්ද විරෝදින්ටයි ,ඉස්ලාම් අන්තවදින්ව ඔඩොක්කුවේ දාගෙන ඉන්න සමලිංගික සිංහල විරෝදී හැත්තට බලය දීලා යහපාලනය කියල අපේ හාමුදුරුවරු හිරේ දාලා පන්සල් වල පිං කැට සිල් තියලා හාමුදුරුවරුන්ගේ ආදාහන කරගන්න දෙන්නේ නැතිව තහංචි දාලා ,ආරණ්‍යවාසී හාමුදුරුවන්ව උසාවි දාලා මේ රටේ ශිෂ්ටාචාරය හදපු ජාතිය විනාශ කරන්න යුඑන්පි සජිත් පුතානොගේ කට්ටිය ජවිපෙ කට්ටිය එකතුවෙලා කොරපු දේවල් අපි හැමෝටම මතකයි .නොදන්නා අපේ කියල දෙනවා .එනිසා ඒවගේ උන්ට ආයේ මේ රටේ බලයට එන්න අපි ඉඩතියන්නේ නෑ

      • කැපුවත් පොහොට්ටුවට says:

        අනිවා මේ රටේ රජ කරන්න ඕන රාජපක්ෂ පවුල විතරයි. රාජපක්ෂලා බෝන් අගේන් පිල්ලියක් කියන කතාව බොරු.

      • කලිසම ඔලුවෙන් ගලවපු බයියා says:

        සහතික ඇත්ත ඔය හැම මඟුලකට ම වග කියන්න ඕන අර දෙලොවටම වැඩක් නැති හුඑන්පි හාමු. කොහෙද ඉතින් මහින්දා ගේ ගජ මිතුරු ඩී ල් දේශපාලනය නිසා අදටත් මහබැංකු හොරු, පාස්කු ත්‍රස්තවාදී න් එළියේ.

  3. මරා says:

    නෑ ස …මේක අපි නාමල් ස ට දෙමු……. අපේ නාමල් සෑර් හොරා කන්නෙ නැතිව මේක හදයි ස…

    • පුතා says:

      නෑ නෑ සජියට දෙමු..
      උස නම් සිකුරුටි මිටි නම් කම්කරු වගේ විද්‍යාත්මක ක්‍රම වේදයක් යටතේ දියුණු කරලා ගනියි..

      • මරා says:

        ඇයි ගොනෝ…සජියා අපේ ආන්ඩුවෙ ඉන්න එකෙක්ද? ගොං පුතෙක් උනාට තප්පුලන්න එපා… දීලා තියන තණකොල ටික කාලා උම්බෑ නොකියා ඉදපං

        • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

          රාජපක්ෂලට වචනයක් කියපු ගමන් වහලුන්ට යකා නගිනව

        • දුව says:

          ඒ උනාට කමන්නෑ. අපි සජියට දීල බලමුද? දැන් හාමත් වෙලා ඇත්තෙ රට කන්න විදියක් නැතිව

  4. සිංහල බන්ඩා says:

    රජය අනාගෙන තියන පොහොර කලමනාකරනය පොස්පේට් වලින් පමනක් ගොඩ ගන්න බැහැ. ඇතිවෙන්න කාබනික පොහොර තියන කතා පට්ට පල් බොරැ.
    වෙළදපොලේ බහුලව තියෙන්නෙ ඵලදාව නොදෙන වගා හානි කරන කාබනික පොහොර හෙවත් කොම්පොස්ට්. රටටම ඇතිවෙන්න සෑම වර්ගයකම කාබනික දියර නිශ්පාදනය කල හැකි තරැණ ව්‍යවසායකයන් සිටියදී ජවාරම් කාරයො දියර නයිට්‍රිජන් ඉම්පෝට් වැඩේට බැහැලා රජයේ වියදමින් ප්‍රචාරයත් කරනවා. කොළඹ ඒජන්ත සහ උසස් කෘෂි නිලධාරීයෙක් හොඳ කොම්පොස්ට් නිශ්පාදකයන්ට කපා එදාවේල ගොවියන් ලවා මසකට කොම්පොස්ට් ටොන් 50 ක් හදන්න කතා කරනවා. මේ ආටක නාටක ජනාධිපති දකින කොට පරක්කු වැඩි වෙය්.

  5. Ravana parapura says:

    කරුණාකර කෘෂිකර්ම අමාත්‍යාංශය කන්දේගම මහතාට බාර දෙන්න වස විස නැති ආහාරවේලක් ජනතාවට ලබාදීමට.

  6. ජිම් පුතානෝ says:

    නිදිය සුදිය දාන්න යන්නේ .

  7. Sira says:

    විකුණගෙන කන්න යන පොටක්

  8. priyantha says:

    වංචාව දූෂණය ..නැති කර කාර්යක්ෂමතාවය ඉහළ නිසා පාඩු ලබපු ආයතනයක් ලාභ ලබන තත්ත්වයට පත් කර ඇත…විමල් ඇමැතිගේ නායකත්වය ඊට හේතුවයි…දියුණු කරන්න අමාරුයි…දියුණු කරපු දෙය පැහැර ගැනීම පහසුයි….ඉතා කනගාටු සිදු වීමකි…ඇමැති තුමාගේ උපේක්ෂා සහගත බව අගය කරමි….ප්‍රසිද්ධ මංකොල්ලයක් වගේ තමා හිතෙන්නේ…ඉවසීමෙන් වැඩ කරන්න….මේ යන විදියට ඇමති කමත් නැතිකරයි…ඒත් සැලෙන්න එපා….ප්‍රගතිශීලීන් ඔබ සමගයි….වසංගත අධ්‍යක්ෂ සුදුසු නැති බව තේරෙන්න අවුරුද්දක් විතරම ගියා…නමුත් ගමේ සාමාන්‍ය මිනිසාට ඒ බව දැනී වසර ගාණක්….ඉහලින් ගන්න තිරණ ගොඩක් අවස්ථාවාදීන්ගේ උප්පරවැට්ටි…..අනේ මන්දා මිනිසුන් විනාශ කරන හැටි…

  9. ගිජුලිහිණි සංදේශය says:

    කටේ නරි වදන් රෙද්දෙන් බේරෙන්නේ
    නංගී පෙන්නලා අක්කාවයි දුන්නේ
    නැටුව තොයිල කිම යක් බෙරයත් නැහැනේ
    දොරටුපාලයා රජ වෙන්නයි යන්නේ

Main News