ලංකා බැංකුව-මහජන බැංකුව ඉවරයි… ගජමිතුරන්ගේ කෝටි ගණන් ණය බොල්ණය ලෙස කපා හැරලා…
October 26, 2018 at 1:20 pm | lanka C news
ආණ්ඩුවේ ඇතැම් පිරිස් නව ක්‍රමවේදයකට රාජ්‍ය බැංකු දෙක මංකොල්ල කමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (25) පැවැසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා එම කරුණු සඳහන් කළේය.
“ආණ්ඩුවේ ඇතැම් පිරිස් නව ක්‍රමවේදයකට සොරාකෑම ආරම්භ කර තිබෙනවා. මහජන බැංකුව, ලංකා බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල ඉවත් කළේ ඒවායේ දූෂණ වංචා සිදු වූ නිසයි. අධ්යක්ෂ මණ්ඩලවල ධූර කාලය අවසන් නිසා ඔවුන් ඉවත් කළ බව ආණ්ඩුවේ ඇතැම් පිරිස් උත්සාහ කළා.
මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ නිකුත් කරපු ණයවලින් කොතරම් ප්‍රමාණයක් බොල් ණය ලෙස කපා හැරියාද කියා සොයා බැලිය යුතුයි. බොල් ණය කියන්නේ අය කරගන්න බැරි ණය. බැංකු සමහර වෙලාවට එම ණය කපා හරිනවා. ඒ නිසා බැංකුවේ මුදල් අවභාවිතයකට ලක් වෙනවා. බැංකුවේ ද්‍රවශීලතාව අඩු වෙනවා.
බැංකුවට ලැබෙන්න තියෙන ලාභය අඩු වෙනවා. හිතන්කෝ තමන්ගේ ගජ මිතුරන්ට මිලියන 100කට ණයක් දෙනවා. ණය ගෙවා ගන්න බැරි වෙනවා. හිතමතා නොගෙන ඉන්නත් පුළුවන්. ඊට පස්සේ අධ්යක්ෂ මණ්ඩල එම ණය බොල් ණය ලෙස සලකනවා. ඊට පස්සේ අවුරුද්දකින් දෙකකින් කපා හරිනවා.
මුලින්ම මහ බැංකුව හොරා කෑවා. මේවා තමයි නව පන්නයේ හොරකම්. දැන් එතැනින් නැවැතිලා ලංකා හා මහජන බැංකුව හොරාකෑම ආරම්භ කරලා. තෙල් සංස්ථාව විතරක් මේ බැංකු දෙකට බිලියන 3.5කට වඩා ණයයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් ඒ වගේම ණයයි. රාජ්‍ය ආයතන රැසක් මේ බැංකු දෙකකට ණයයි. පාඩු ලබන රාජ්‍ය ආයතන ගැට ගසාගෙන යන්නේ මේ බැංකු දෙක නිසයි. ආණ්ඩුව මේ බැංකු රැක ගත යුතුයි. මේ බැංකු දෙක රැකගන්න ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න සිද්ධ වෙලා”.
– lankadeepa
අද ඉදිරියට යාමට මාර්ග තිබෙන්නේ ආණ්ඩුවේ හෙංචයියන්ට පමණයි.
Hemasiri ayojanayata damme horekam
Karana heti kiyadennada? Me Horu sirimawo kale indan inne. Muntavtiyena education monawada? Horamkaranna education one neha neda?
බටලන්දයට ලැජ්ජ නැද්ද මෙහෙමත් රට හොරා කන්න ?
රටේ තියෙන ලොකුම ප්රශ්නය හොඳ නායකයකු නැතිකමයි …
යහපාලන ඇමති කිරිඅැල්ල නම් කියනිනෙ මහජන හා ලංකා බැංකුවළ කිසිම දූෂණයක්, වංචාවක් වෙලා නැහැ කියලයි…….!