ලංකා බැංකු සංචාරක නිකේතනයක් ගිනිගනී…
August 9, 2019 at 2:10 am | lanka C news
හැටන් නොර්වුඩ් ග්ලැන්කන් ප්රදේශයේ පිහිටි ලංකා බැංකුව සතු සංචාරක නිකේතනයක ගින්නක් හටගෙන ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
දික්ඔය මුලික රෝහල අසල පිහිටි මෙම සංචාරක නිකේතනයේ උඩු මහලින් ගින්න හටගෙන ඇති බව පොලිසිය පැවසුවේය.
සංචාරක නිකේතනය ගින ගන්නා අවස්තාවේ එහි කිසිදු අයෙකු නොසිටි බවත් පොලිසිය පැවසුවේය.
සුදු අධිරාජ්යයවාදින් විසින් ඉදි කරන ලද මෙම සංචාරක නිකේතනය වසර 100 කට වඩා ඉපැරණි අතර එම සංචාරක නිකේතනය වර්තමානයේ ලංකා බැංකුව සතු බව පැවසෙයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර ගින්න පිලිබදව නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.
– හැටන් රංජිත් රාජපක්ෂ