ලංකා බැංකු හා මහජන බැංකු ණයවර ලිපි ජාත්‍යන්තරයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.. ලංකාව මූලික බංකොලොත් රටක් ලෙස ශ්‍රේණිගත කරලා..

December 29, 2020 at 2:10 pm | lanka C news
ලංකා බැංකු හා මහජන බැංකු ණයවර ලිපි ජාත්‍යන්තරයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.. ලංකාව මූලික බංකොලොත් රටක් ලෙස ශ්‍රේණිගත කරලා..

අද වන විට මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ජාත්‍යන්තර ණයවර ලිපි ප්‍රතික්ෂේප වෙමින් ඇති බව සමගි ජන බලවේගය පක්‍ෂය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින් ශ්‍රී ලංකාව පහළට ඇද දැමීමත් සමග මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

අද වන විට රට මහා බාර බරපතළ ආර්ථික ව්‍යසනයකට ගමන් කරමින් සිටිනා බවත් ආණ්ඩුව එය සමනය කර ගැනීමට උත්සාහයක් නොගන්නා බවත් ඔහු චෝදනා කළේය.

ලෝක ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින් ශ්‍රී ලංකාව දැනට ශ්‍රේණිගත කර ඇත්තේ ණය ගෙවා ගත නොහැකි මූලික බංකොලොත් තත්වයක රටක් ලෙසයි ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

103,006 views

67 Comments to “ලංකා බැංකු හා මහජන බැංකු ණයවර ලිපි ජාත්‍යන්තරයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.. ලංකාව මූලික බංකොලොත් රටක් ලෙස ශ්‍රේණිගත කරලා..”

  1. ඇන් ඇම් පෙරේරා says:

    නියමයි ! දැන් අපි බංකොලොත් ! අද සිට සියලු විදේශ නය ගෙවන්න එපා !
    එතකොට අම්බානට සල්ලි රට තුල ඉතිරි වෙනවා . පිටරට අය එවන ඩොලර් ඔක්කෝම ඉතිරි වෙනවා . අවුරුදු 5 න් අපි මාර පෝසත් වෙනවා
    මේක ඉතාම පැහැදිලි සරල ආර්ථික නවීන ක්‍රමයයි.

  2. කමලා කැරිස් says:

    ඉක්මනට අපි ෆුල් බංකොලොත් කියලා නිවේදනය නිකුත් කරපල්ලා
    එතකොට ආයෙත් අපිට සත 5ක් නය ගෙවන්න වෙන්නේ නෑ
    එතකොට කෝටි ගනන් මුදල් රටතුළ ඉතිරි වෙනවා. ජනතාව කෝටිපතියන් වෙනවා. රට ගොඩේ ගොඩම තමයි

  3. Sri lankan says:

    comඔව් ඔව් ඇමරිකාව එංගලන්තෙ යුරෝපෙ හරි පෝසත්.ඒක නිසා මෙහෙ මිනිස්සු දගලනවා ඒ රට්වල් වලට බෝට්ටුවෙන් හරි පැනල යන්න.අපි වසර 2500 ක ඉතිහාසයක් තියෙන්න ශක්තිමත් ජාතියක් කියල ඔය නිර්නායකයන් හදන බල්ලො තාම දන්නෙ නෑ..

Main News