ලංකා බැකුවේ සෙලාන් බැංකු කොටස් මිලියන 13ක් විකිණීම අහෝසි කරයි.. විදෙස් ආයෝජකයන් ලංකා ආණ්ඩුව විශ්වාසය නොකරන තත්වයක…

December 19, 2016 at 7:08 am | lanka C news
ලංකා බැකුවේ සෙලාන් බැංකු කොටස් මිලියන 13ක් විකිණීම අහෝසි කරයි.. විදෙස් ආයෝජකයන් ලංකා ආණ්ඩුව විශ්වාසය නොකරන තත්වයක…

පසුගිය රජය සමයේ සෙලින්කෝ සමූහ ව්‍යාපරය කඩා වැටෙද්දී සෙලාන් බැංකුව කඩා නොවැටී ආරක්ෂා කිරිමට ලංකා බැංකුව මැදිහත් වූ අතර මේ වනවිට සෙලාන් බැංකුව ඉහළ ලාබ ලබන රජයට අයත් බැංකුවකි.

පසුගිය දා ලංකා බැංකුව සතු සෙලාන් බැංකුව කොටස් මිලියන 13 ක් කොටස රුපියල් 100 බැගින් රුපියල් බිලියන 1.3 වටිනා කොටස් එමිරෙස්ට්ස් ආයෝජකටකුට වෙළෙඳපොල වටිනාකමට රුපියල් 15 වැඩියෙන් විකිණීමට ලංකා බැංකුව විසින් තීරණය කරන ලදි. මෙයට හේතුව ද මේ වනවිට ලංකා බැකුව මුදල් ද්‍රව්‍යශිලිත්වය හීනවීම අවම කොට ලංකා බැංකුවේ මුල්‍ය තත්ත්වය ස්ථාවර කර ගැනිමටයි.

එහෙත් මෙම ගනුදෙනුවේ සියලු කටයුතු නිමවීමෙන් පසු ඉහළින් පැමිණි නියෝගයක් මත මෙම ගනුදෙනුව අත්හිටුවන ලදි. විදේශීය ආයෝජකයා හිස් අතින් තම රට බලා ගිය අතර රජයේ මෙවෙනි තීරණ හේතුවෙන් එන්න එන්නම විදේශීය ආයෝජනවල අඩුවීමක් මෙන්ම රජය කෙරෙහි ආයෝජකයන් විශ්වාසය නොකරන තත්ත්වයකට රජය පත්වෙමින් සිටින බව හිටපු ඉහල පෙලේ ආර්ථික විශේෂඥයෙක් කීය.

30 views

One Comment to “ලංකා බැකුවේ සෙලාන් බැංකු කොටස් මිලියන 13ක් විකිණීම අහෝසි කරයි.. විදෙස් ආයෝජකයන් ලංකා ආණ්ඩුව විශ්වාසය නොකරන තත්වයක…”

  1. PasiyaSL says:

    ගොං කමට බේත් නෑ

Main News