ලංකා මුහුදු පත්තේ ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක්, බොරතෙල් බැරල් බිලියන 2ක් වටිනාකම ඩොලර් බිලියන 280 ක්..

October 13, 2021 at 12:02 am | lanka C news
ලංකා මුහුදු පත්තේ ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක්, බොරතෙල් බැරල් බිලියන 2ක් වටිනාකම ඩොලර් බිලියන 280 ක්..

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් ගොඩගැනීම ගම්මන්පිලගේ වැඩක්, ගෝඨාභය රාජපක්ෂ රජයේ වැඩක් ලෙසින් නොව සියලු පක්ෂ එක්ව ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය .

දෙරණ 360 වැඩසටහන හා එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කර සිටියේය.

එමෙන්ම කාවේරි ද්‍රෝණිය, මන්නාරම් ද්‍රෝණිය හා ලංකා ද්‍රෝණිය යන ද්‍රෝණි තුනෙන් මන්නාරම් ද්‍රෝණිය පිළිබඳ පරිපූර්ණ දත්ත මේ වන විටත් ශ්‍රී ලංකාව සතු වන අතර එම දත්ත අනුව ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක් සහ බොරතෙල් බැරල් බිලියන 2ක් මන්නාරම් ද්‍රෝණියේ ඇති බවත් එහි දළ වටිනාකම ඩොලර් බිලියන 280 කට ආසන්න බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය. එමෙන්ම මේ වන විට මෙම සම්පත් භාවිතයට ගෙන තිබුණා නම් තෙල් මිල ගෑස් මිල ඉහල යන විට ඒවා නිශ්පාදනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට දුක් වීමට නොව සතුටු වීමට අවස්ථාව තිබූ බව ප්‍රකාශකර සිටියේය.

ශ්‍රී ලංකාව ඛනිජ තෙල් ගවේෂණය සහ නිෂ්පාදනය කිරීම සඳහා තම අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති වැඩසටහන සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කළ අතර සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ එම්.ඒ සුමන්දිරන් මන්ත්‍රීවරුන්ගෙන් මෙම වැඩසටහන පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇති බවත් මෙතෙක් එම අවස්ථාව නොලැබුණ ද ඉදිරියේදී ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකාව මුහුණපා සිටින බලශක්ති ගැටළුවට ක්ෂණික විසඳුම් නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සතු තෙල් හා ගෑස් ගොඩ ගැනීමේ ව්‍යාපෘතිය වේගවත් කිරීම එයට විසදුම බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම අමාත්‍යවරයා විසින් එදින උදෑසන පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් විවිධ බොරු ප්‍රචාර කරමින් පාළු ගෙවල් වල වලං බිඳින්නේ නැතුව තමා සමග රූපවාහිනි සංවාදයකට එන්න යැයි තෙල් වෘත්තීය සමිති එකමුතුවට ආරාධනා කර තිබුණි.

77,447 views

22 Comments to “ලංකා මුහුදු පත්තේ ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක්, බොරතෙල් බැරල් බිලියන 2ක් වටිනාකම ඩොලර් බිලියන 280 ක්..”

  1. බලශක්ති says:

    අපි සතයක්වත් සල්ලි දානේ නැතුව තනිකරම විදේශ ආයෝජන වලට යනකොට ඒ සම්පත් වල විශාල අයිතියක් ඔවුන්ට දෙන්න වෙනවා. අපිට බැරිද මේ තෙල් නිධි ජායන්තර මුල්‍ය අරමුදලට උකස් කරලා ඩොලර් බිලියන 10 – 15 අඩු පොලී ණයක් ග්‍රේස් පීරියඩ් එක අවුරුදු 10 විතර අරං 51% කොටස් අපිට තියාගන ඉතිරි කොටස් විදෙස් ආයෝජකයකුට දීල මේ තෙල් සම්පතේ ප්‍රොයෝජන ගන්න. එතකොට අපිට සැහෙන බලයක් තියනවා සම්පත භාවිතා කිරීම පිලිබඳ. නැතන් උන් මේ තෙල්ටික අවුරුද්දෙන් දෙකෙන් හුරගන යයි.

  2. piyal says:

    MEE WEL BAYILA UBALA KAWADA IDALADA KIYANNE ,KIYA KIYA INNE NETUWA OWA GODA DAPLLAKO

  3. පැන්ඩෝරා පේපර්ස් says:

    ගොං මං පිල කටිං හිටොපු බතල ටිකේ ඵල දාව මෙට්‍රික් ටොන් ලක්ශයක් විතර ඇති. මූ කිසිම වැඩක් කරපු එකෙක් නෙමෙයි , මූට පම්පොරීය ඇරෙන්න වෙන කිසිම වැඩක් බෑ , මුන්ව හොදයි සුරංගනා කතා පොත් ලියන්න. මුන් එක එක කාලෙට ලස්සන කතා කියනවා , මිනිහා මැරිච්චි ගෑනී වගේ නාහෙන් අඩන්නැතුව කරලා පෙන්නපංකො , රටේ ඉන්න මෝඩයො ටික අන්දන්නැතුව. පම්පෝරී ගෙම්බා.

  4. chamee says:

    Indiawa denatamath oya thel tika adinawa. Oka apita labenne neha.

  5. එක්නැලිගොඩ says:

    මෙතන සමහර එවුන් ගහන කමෙන්ට් දැක්කම පේනවා උන් කැමති මේක අසාර්ථක වෙනවට.

  6. කමල් says:

    ජෙප්පෝ ටොයියන් ලොව සක්කිලි ම ජාතියකි.
    මන්නාරම තෙල් නිධි තියෙනවා කිව්වම උන් කියනවා මොන පිස්සුද ඒවා බොරු කියලා. දැනටමත් ඕමානය තෙල් කැණීම් වලට එන්න එකගතාව පලකරලා ඉවරයි. දැන් ඒ කටවල් වලින්ම මුන් කියනවා බුදු අම්මෝ අපේ තෙල් සම්පත කොල්ල කනවෝ කියලා.

  7. Dinesh says:

    රට ගලවගන්න ඉපදුණු මුණුපුරාගෙ වාසනාව.

  8. M.O.A careem says:

    This oil reserve in Southeast Asia region border Mynmar (Burma) currently Military Junta rule, other side 🇨🇳: Gammanpilli’s joke, its a day dream – even our oil reserve in North Western border in the hands of India. Avoid market jokes to poor innocent masses

  9. Jagath says:

    මුන් මොංගල් එකක්. මුළු ලෝකෙම තෙල් නවත්තලා විදුලියෙන් සහ සුර්හ්යෙන් දුවන වාහන පවා භාවිතා කරන්න බලනවා. මුන් තවම තෙල් හොයනවා

  10. LalithM says:

    ඩොලර් බිලියන 280න් 230ක් හාරන සමාගමට. ඉතිරි 50න් 30ක් රජ පවුලේ හොරුන්ට. ඉතිරි 20 රටේ ණය පොලිය ගෙව්වම පොලවේ හිල විතරක්ම රටවැසියන්ට.

Leave a Comment

Main News