ලංකා-සිංගප්පුරු ගිවිසුම මා දැකලා නෑ.. කැබිනට් මණ්ඩලයටත් ආවේ නෑ..- ඇමති අර්ජුන

August 25, 2018 at 6:49 pm | lanka C news
ලංකා-සිංගප්පුරු ගිවිසුම මා දැකලා නෑ.. කැබිනට් මණ්ඩලයටත් ආවේ නෑ..- ඇමති අර්ජුන

ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම තමා දැක නැති බවත් ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ පවා සාකච්ඡා නොකෙරුණු බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

“මේ ගිවිසුමෙන් අපට වන බාධා පිළිබඳව අපි දැනුම්වත් නැහැ. ඒ ගැන සොයා බලනවා” යැයි ඔහු කීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව මතු වූ සංවාදයකදී ය.

මේ පිළිබ‍ඳව අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා මෙසේ පැවසීය.

“අප ගිවිසුම දැකලා නැහැ. ඒක දැන් පාර්ලිමේන්තුවට දෙනවා කියනවනේ. මං රටට හානියක් වන කිසිම දෙයක් කරන්නේ නැහැ. ආයෝජකයන් ගේනවා නම් මා රටට හොඳ විදියටයි කරන්නේ. මම ඉන්නකම් සංස්ථාව පෞද්ගලීකරණය කරන්න ඉඩ දෙන්නේ නැහැ. සංස්ථාවේ ලාභය යන්න ඕන ජනතාවටයි. අපි තෙල්වලට මිල සූත්‍රයක් දැම්මා. ඒක ලෝකෙ හැම තැනක ම තියෙන දෙයක්.”

– lankadeepa

16 views

3 Comments to “ලංකා-සිංගප්පුරු ගිවිසුම මා දැකලා නෑ.. කැබිනට් මණ්ඩලයටත් ආවේ නෑ..- ඇමති අර්ජුන”

  1. CPC kolla says:

    If you cant take responsibility of what this stupid government is doing can you please quit respectfully….Or do not try to become card board hero by issuing empty words….You always try to wash your hand and try to become hero by only issuing talks…Either stop it or Shut your bloody mouth….

    DO not thing when you vomit some words people will accept you… Prove it by actions…You bunch of rouges enjoy all the benefits and issuing talks….mind you Arjuna you also one of culprits who did something to get this
    shitty government to power…you are responsible for all the good or bad things happens to this country after 8th January 2015. you cannot escape from this sin….Remember

  2. Arjuna says:

    Proven failure….Go to hell ……

  3. මහදනමුත්තාගෙන් පේනයක් අහල අංජනං එලියක් බැලුවා වගේ?????චිකේ හික් කිචවීමේ පියා සමග සැතපීම????

Main News