ලංකා හොස්පිටල්හිදී රෝගීන් පිරිසක් මිය ගිහින්..?

March 17, 2017 at 3:50 pm | lanka C news
ලංකා හොස්පිටල්හිදී රෝගීන් පිරිසක් මිය ගිහින්..?

කොළඹ ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටි මාලදිවයින් ජාතික රෝගීන් කිහිප දෙනෙකු එහිදී මිය ගියේ යයි සමාජ ජාල ඔස්සේ පල වන වාර්තා අසත්‍ය බව එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රසාද් මැදවත්ත මහතා සදහන් කරයි.

මේ වන විට ලංකා හොස්පිටල්හි මාලදිවයින් ජාතික රෝගීන් 12 දෙනෙකු ප‍්‍රතිකාර ලබන බවත් ඔවුන්ට AH1N1 රෝගය වැලදී නැති බවත් වෙනත් ශෛල්‍යකර්ම කර ගැනීම සඳහා ඔවුන් රෝහල්ගත වී සිටින බවද ඔහු පවසයි.

රෝහලේ කීර්ති නාමයට හානි පැමිණවීම සදහා විවිධ පුද්ගලයින් වෙමන් ප්‍රචාරයන් සිදු කරන බව පවසන මැදවත්ත මහතා ඕවාට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටී.

62 views
Main News