ලංගමට එරෙහිව උසාවි යන බව ඇමති බදියුදීන් කියයි..
January 4, 2018 at 5:30 pm | lanka C news
පසුගිය දින තුනක් පුරාවට උතුරේ ධාවන කටයුතු වලින් ඉවත් වූ ලංගම බස් රථ ගැටලුව අද (04) දිනයේදී අධිකරණ මාර්ගයෙන් හෝ විසඳුමක් ලබා දී අද දිනයේ සිට බස් ධාවනය කරවන බවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුධීන් කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ රාත්‍රියේ බස් ධාවනයෙන් ඉවත්ව සිටින වව්නියාව ඩිපෝවට ගොස් එහි කලමනාකාරවරයා ඇතුලු ක්‍රියාකරීන් හමු වී සිදු කළ සාකච්ඡාවකින් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ,
පසුගිය දින තුනක් පුරාවට උතුරේ ලංගම බස් ධාවනය නොවීම නිසා ගම්මානවල වැසියන් බොහොම අසරණ වෙලා තයනවා විශේෂයෙන් පාසල් දරුවන් ගුරුවරුන් වගේම සාමාන්‍ය ජනතාවත් මෙම තත්වයට මුහුණපාල තියනවා මෙතන ගැටලුව පෞද්ගලික බස් සමග ඇති වෙච්ච දෙයක් මේ වෙනකොට පොලීසියටත් ඒ ගැන පැමිණිලි 14 ක් පමණ ලැබිලා තියනවා.
මේ වෙන කොට උතුරු මහඇමතිගේ ප්‍රධානත්වයෙන් දෙපාර්ෂවයේම බස් සාමාජිකයින් සමග සාකච්ඡාවක් තිබුනා කියලා දැනගන්නට ලැබුනා එහිදි ඒකාබද්ද කාලසටහනකට දෙපාර්සවයේම බස් ධාවනය කරන්න තීරණය වෙලා තිබෙනවා නමුත් ඒක ක්‍රියාත්මක වෙන කොට තව කල් ගතවන නිසා දැනට තියෙන කාලසටහනට බස් ධාවනය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
‘ඒ වගේම මම බස් අධ්‍යක්ෂක වරුන්ගෙන් වගේම මම බස් සංගම්වලිනුත් ඉල්ලා සිටිනවා අද (04) සිට බස් ධාවනය කරන්න කියල ඉල්ලීමක් කරනවා එහෙම බස් ධාවනය නොවුනොත් අපි උසාවි ගිහිල්ලා හරි බස් ධාවනය කරන්න සිද්ද වෙනවා. යනුවෙනි.
වව්නියාව පැරණි බස් නැවතුම්පල උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාගේ නියෝගයකට අනුව වසා දමා නව බස් නැවතුම්පලේ සිට ලංගම හා පෞද්ගලික බස් එකට ගාල් කොට ධාවන කටයුතු ආරම්භ කරන ලෙසට දුන් දැනුම් දීමෙන් පෞද්ගලික බස් පමණක් මේ වන විට නව බස් නැවතුම්පලෙ ගාල් කොට ධාවන කටයුතු ආරම්භ කොට ඇතත් ලංගම බස් ධාවනයෙන් ඉවත් වූවෙ පවතින කාල සටහනට අනුව නව බස් නැවතුම්පලෙ සිට බස් ධාවනය කිරීමට නොහැකි බව කියමිනි.
මේ අතර පැරණි බස් නැවතුම්පල වසා බස් රථ ඇතුල්වීම සම්පූරණයෙන්ම තහනම් කිරී නිසා එයට විරෝධය පාමින් පසුගිය දින 3ක් පුරාම පැරණි බස්නැවතුම්පල තුල පිහිටි වෙළඳසැල් 147ම වසා තැබුණී තමන්ගේ ව්‍යාපාර වලට දැඩි පාඩුවක් හා අසාධාරණයක් වන බැවින් වව්නියාව නගරය තුල ධාවනය වන පෞද්ගලික හා ලංගම බස් පමණක් හෝ පැරණි බස් නැවතුම්පලේ සිට ධාවනය කිරීමට කටයුතු කරන ලෙසට ඉල්ලමිනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
විල්පත්තුවම වනසන මේ බද්දා
ගම් කරකවයි හම්බයටම බද්දා
මුලු සිහල රටම කෙලවල බද්දා
කල දවස වෙයි සිංහ හදවත බද්දා
විගණකාධිපති වාර්තාවට අනුව විල්පත්තු වන සංහාරය පිළිබද පරීක්ෂණ සිදුවන තෙක් ධූරයෙන් ඉවත්වන්නැයි අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගෙන් ඉල්ලා සිටින බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.
බුද්ධශාසන අමාත්‍යංශයට නෙමෙයි මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න රිෂාඩ්
යුද සමයේ අවතැන් වුවන් ලෙස මවාපා මන්නාරම සහ පුත්තලම ප්‍රදේශයේ වෙසෙන එසේ නොවන මුස්ලිම් ජනතාව සහ මුස්ලිම් පවුල්වල දෙවෙනි තුන්වැනි පරම්පරාවල තරුණයින් විල්පත්තු රක්ෂණයේ ඉඩම් හෙළි කොට රිෂාඩ් පදිංචි කර ඇතෑයි වාර්තාවේ