ලංගමට සැප බස් පමණයි.. ලොරි චැසියේ ගැසූ බස් බෑ.. ලගදීම පුද්ගලික අංශයටත්..
March 13, 2019 at 3:50 pm | lanka C news
මින් ඉදිරියට ශ්‍රී ලංගමය සඳහා මිලදී ගන්නේ උසස් තත්ත්වයේ බස්රථ පමණක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ සඳහා නව පිරිවිතර (Specifications) ඉදිරි මාස කිහිපයේදී හඳුන්වා දෙන බවද ඔහු පවසයි. ඔහු අවධාරණය කළේ එම පිරිවිතරවලින් පරිබාහිරව ලංගම සඳහා බස් රථ මිලදී ගැනීමට නොහැකි වන සේ අලුත් නීතියක්ද පාර්ලිමේන්තුව හරහා හඳුන්වා දීමට කටයුතු කරන බවයි. එම නීතිය පෞද්ගලික බස්රථ ප්‍රවාහන සේවාවට පසුව හඳුන්වා දෙනබවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
“ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විට පොදු බස්රථ ප්‍රවාහනයෙන් සියයට 40කට දායකත්වය සපයනවා. කෙසේනමුත් වසර දෙකකට අඩු බස්රථ තියෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. ඒ වගේම වසරකට අලුතින් බස්රථ පන්සියයක් ලංගම බස්රථ ඇණියට එක් කළ යුතු වනවා. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි මාස කිහිපය තුළදී අලුත් බස්රථ පන්සීයක සිට දහස දක්වා ප්‍රමාණයකින් ලංගමට ලබා දීමට අපේක්ෂා කරනවා. ලබන අගෝස්තු මාසය හෝ ඊට පෙර එම කටයුතු අවසන් වේවි. කෙසේනමුත් මෙහිදී අපේ ප්‍රධානතම අරමුණ වන්නේ මගීන්ට වඩාත් සැපපහසු, නූතන අවශ්‍යතාවලට ගැළපෙන, ආරක්ෂාව උපරිමය තියෙන උසස් තත්ත්වයේ නව බස්රථ ලංගමට ලබා දීමටයි. ලංගම බස්රථ සඳහා පිරිවිතර හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වුණේ ඒ අරමුණින්. එම පිරිවිතර හඳුන්වා දීමෙන් පසුව එයට නොගැළපෙන බස්රථ මින් ඉදිරියේදී ලංගමට මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම පිරිවිතරවලට ගැළපෙන බස්රථ පමණයි ලංගමට මින් ඉදිරියට මිලදී ගන්නට හැකියාව ලැබෙන්නේ…..”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරීන් සමඟ ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැති සාකච්ඡාවකදීයි.
මේ වන විට ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලය සාමාන්‍ය සේවා සඳහා යොදා ගන්නා බස්රථ පැරණි ආකෘතියේ බස්රථ වේ. ඇතැම් විට එම බස්රථවල එංජිමේ හඬ, ප්‍රමාණය ඉක්මවා අධිකව නිකුත් වේ. ආසනද සුඛෝපභෝගී නොවේ. ඇතැම් විට අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී බස්රථවලද දක්නට ලැබෙන්නේ එවැනි තත්ත්වයකි. එබැවින් සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී යනුවෙන් එක් එක් කාණ්ඩ සඳහා පිරිවිත හඳුන්වා දීම ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අරමුණයි. එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේදී පාසල් ප්‍රවාහනය සහ කාර්යාලීය ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස්රථ හෝ වෑන්රථ සඳහාද පිරිවිතර හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. එම පිරිවිතරවලට නොගැළෙපෙන බස්රථ හෝ වෑන් පොදු ප්‍රවාහන සේවාවේ යොදවන්නේනම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අණපනත් පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට කටයුතු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද පැවසීය.
එම සාකච්ඡාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ ඇතුළුව උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
– තමීර මංජු
Very good initiative
මොන නීති ගෙනාවත් ලාබෙට පිටරටින් ගන්න බාල පරන බස් පාට ගාලා මෙහෙට ගේනවා. ඇමති කෙනෙක් අල්ලලා, කැබිනට් එකෙනුත් පාස් කරලා, කියන විදියට වැඩ කරන්න හදා ගත්ත කස්ටම් එකෙනුත් බේරා ගෙන ගෙනත් දෙන බස් ඇස් වහගෙන මෙහෙ පාර වල් වල දානවා. මේ ටෙන්ඩර් කියන්නේ නිකන් සෙල්ලමට. පාර්ලිමේන්තු ගිහින් මේවගේ පොඩි වැඩක් කර ගන්න බැරිනම් වැඩක් නැහැ කියලයි හිතන්නේ.
දැනුත් ඇති තරම් නීති තියෙන්නේ.
මේක ක්‍රියාත්මක කලාට පස්සේ 225ට වාහන පර්මිට් දෙන එක නවත්තන්න. හොඳ සේවයක් තියෙන නිසා ඒ අයටත් මේ පොදු සේවයම හොඳයි. යන එන ගමන්ම මහජනයා මුන ගැහෙන්නත් පුළුවන්. මුහුණ දෙන්න බැරිව හැංගෙන්න බැරි වැඩ කෙරෙන එකකුත් නැහැ.
රටටත් යන්තම් හරි දරා ගන්න හැකි වේවි.
Very good Desi soon there shod be qualities and quantity also price is not a issue
There should be quality improve the for all sectors then automatically country will devolop