ලංගම බසයක් මන්නාරම් කෝච්චියේ හැපේ.. බසය කොන්ඩරි ගසා විසිවී යයි..[Photo]

August 4, 2017 at 10:45 pm | lanka C news
ලංගම බසයක් මන්නාරම් කෝච්චියේ හැපේ.. බසය කොන්ඩරි ගසා විසිවී යයි..[Photo]

වව්නියාව සෙට්ටිකුලම, මැණික්ෆාම් ප‍්‍රදේශයේ දී කොළඹ සිට මන්නාරම බලා ධාවනය වූ දුම්රියේ, අද (04) සවස බස් රථයක් ගැටීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය කියා සිටියේය.

අනතුර සිදුව ඇත්තේ මැණික්ෆාම් පළමු හරස්වීදිය ප‍්‍රදේශයේ පවතින දුම්රිය හරස් මාර්ගයේ දී වන අතර දුම්රිය ගමන් කරන අවස්ථාවේදී ලංගම බස් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කිරීමේදී දුම්රියේ බස් රථය වැදී ඇති අතරම අනතුර සිදුවන අඅවස්ථාවේදී බස්රථයේ මගීන් සිට ඇත්තේ පස් දෙනෙකු පමණි.

තුවාල ලැබූ පුද්ගලයින් සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිව් දෙනෙකු වව්නියාව මහාරෝලට ඇතුලත් කොට ඇති අතර ඉන් බස් රථයේ රියදුරුට තරමක් බරපතල බවද ඉතිරි දෙදෙනෙකු සෙට්ටිකුලම් රෝහලේ ප්‍රතිකාර කරන බවට සෙට්ටිකුලම් පොලීසිය කියා සිටියේය.

අදාල දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසන්නෙකු නොමැති වීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් දුම්රියට ධාවනය කිරීමට නොදුන්නේ අදාල ස්ථානයට ගේට්ටු වසන්නෙකු අවශ්‍ය බවට කියමිනි අනතුරුව සෙට්ටිකුලම් පොලීසිය එම ස්ථානයට පැමිණ සාකච්චෘ කොට අදාල ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයන බවට සහතික වීමෙන් පසුව දුම්රිය ධාවනය යථා පරිදි සිදු විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

222 views
Main News