ලංගම බසයෙන් කසිප්පු තොගයක් ප‍්‍රවාහනය කරද්දී අල්ලයි..

June 3, 2018 at 2:15 am | lanka C news
ලංගම බසයෙන් කසිප්පු තොගයක් ප‍්‍රවාහනය කරද්දී අල්ලයි..

උඩුගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකින් කසිප්පු ස්පීතූ බෝතල 60 ක් ප්‍රවාහනය කරමින් සිටි ඥාතිත්වයෙන් ආච්චිඅම්මා හා මුණුපුරෙකු වන දෙදෙනකු මතුගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හා සැකකාරිය මතුගම අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. රුපියල් අසූ දහසකට (80,000/-) ආසන්න වටිනාකමකින් යුත් මෙම කසිප්පු තොගයද අධිකරණයට ඉදිරිපත් කරන බවද පිටිගල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

කළුතර කොට්ඨාශය භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණී ආරියරත්න මහතාට ලැබුණ තොරතුරකට අනුව බස් රථය මතුගම ඕවිටිගල ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කිරීමෙන් අනතුරුව කසිප්පු තොගයද සමග සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.

කසිප්පු තොගය පොලිතින් උරවල බහා ගමන් මළුවල අසුරා තිබූ බවත් සැකකරු, සැකකාරියගේ පුතාගේ පුතා බවත් මතුගම පොලීසිය කියයි.

කසිප්පු තොගයත් රැගෙන සැකකරැවන් පිටිගල ප්‍රදේශයේදී බස් රථයට ගොඩ වී තිබෙන බවත් සැකකාරියගේ පුතා පදිංචි දෙහිවල ප්‍රදේශයේ සිල්ලරට අලෙවි කිරීම සදහා කසිප්පු තොගය රැගෙන යමින් සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. සැකකරුවන් පිටිගල ප්‍රදේශයේ කසිප්පු පෙරන ස්ථානයකින් කසිප්පු මිළ දී ගෙන රැගෙන යමින් සිට ඇති බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පිටිගල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සැකකරුවන් කසිප්පු මිළ දී ගන්නේ කොහෙන්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා පිටිගල පොලීසියට දැනුම් දුන් බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

22 views
Main News