ලංගම බසයේ බීමත් රියදුරු අත්අඩංගුවට ගනී.. මගීන් වෙනත් බසයකට නංවයි..

January 30, 2020 at 5:30 pm | lanka C news
ලංගම බසයේ බීමත් රියදුරු අත්අඩංගුවට ගනී.. මගීන් වෙනත් බසයකට නංවයි..

යාපනයේ සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වූ ලංගම බස් රථයක රියදුරේකු අත්අඩංගුවට ගෙන බස් රථයේ සිටි මගීන් වෙනත් බස් රථයකට නංවා යැවීමට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුදහමුදා නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (29) දින ක්‍රියාකොට ඇත.

ඒ 9 මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථ ඇතුලු වාහන එකවරම මේ දිනවල ආරක්ෂක අංශ විසින් ඒකාබද්දව සෝදිසිකිරීම් සිදුකරනු ලබන අතර එහිදී යාපනය නාවට්කුලි ප්‍රදේශයේදී අදාල බස් රථය සෝදිසි කිරීමේදී එහි රියදුරු මත්පැන් පානය කොට බස් රථය ධාවනය කරන බවට අනාවරන වී ඇත.

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා නිලධාරීන් නාවට්කුලි ප්‍රදේශයේදී නවතා සෝදිසි කිරීමේදී බස් රථයේ රියදුරු ආසනය සමීපයේ මත්පැන් බෝතලයක් තිබී ඇති අතර වැඩිදුර පරික්ෂා කිරීමේදී එය රියදුරු විසින් ධාවනය කරන අතරතුර පානය කරන බවට අනාවරනය වී ඇත.

මගී ජීවිත රැසකගේ ජීවිත අවධානමේ දමමින් බස් රථය බීමතින් ධාවනය කිරීම හේතුවෙන් රියදුරු අත්අඩංගුවට ගෙන බස් රථයේ මගීන් වෙනත් බස් රථයක් ගෙනවා එමගින් ප්‍රවාහන පහසුකම් සැපයීඹට ආරක්ෂක අංශ විසින් පයවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

119 views

2 Comments to “ලංගම බසයේ බීමත් රියදුරු අත්අඩංගුවට ගනී.. මගීන් වෙනත් බසයකට නංවයි..”

  1. Saibal says:

    Super !

  2. gorilla says:

    stupid tamils still lives in 1960s

Main News