ලංගම බස් රියදුරැ අකුණක් වැදී මරුට…

September 4, 2021 at 2:20 am | lanka C news
ලංගම බස් රියදුරැ අකුණක් වැදී මරුට…

යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී ඊයේ (02) සවස අකුණුසැර වැදීමෙන් ලං ග ම බස්රථ රියදුරෙකු මියගොස් ඇති බවට අච්චුවේලි පොලීසිය පවසයි.

අච්චුවේලි නාවට්කාඩු ප්‍රදේශයේදී කුඹුරක ගොවිතැන් කටයුතු සිදුකරමින් සිටියදී ඇදැහැලුනු වර්ෂාවත් සමග අකුණුසැරවැදීම හේතුවෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවට පොලීසිය පැවසීය.

මේලෙස අකුණුසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙකු වන අතර ඔහු යාපනය කන්කස්න්තුරෙයි ලං ග ම ඩිපෝවේ බස්රථ රියිදුරෙකු ලෙසින් සේවය කරනු ලැබීය.

මිය ගිය බස්රථ රියදුරුගේ සිරුර අච්චුවේලි ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කොට ඇති බවටද පරික්ෂණ සිදුකරන අච්චුවේලි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,385 views

3 Comments to “ලංගම බස් රියදුරැ අකුණක් වැදී මරුට…”

  1. MD says:

    පරම්පරාවෙන් එන ගොවියෙක් නම් මෙහෙම අනතුරු කරගන්නවා බොහොම අඩුයි.පණ්ඩිත මැටි මොලෙක්ද කොහෙද?ඔහොම වේලාවට දෙමව්පියන් කියලා තියෙනවා නේද ඔය තැන් වලින් ඉවත්වෙන්න කියලා.ඔය වගේ අනිත් මැට් මෝල් කාරයන්ටත් ඕවා හොඳ පාඩම්. මොනව වුනත් රටට කල සේවයට ගෞරව කරමු.නිවන් සුව ලැබේවා!

  2. බයිසන් says:

    අකුණු ගහන වෙලාවට නොසිටියයුතු තැන් හැමෝම දැනගන්න ඕනෑ. 1. කුඹුරු, පිට්ටනි, සහ මුඩුබිම් වැනි තැනිතලා තැන්වල. 2. කඳු මුඳුන්වල, වහලවල් උඩ,
    උස කණු සහ ගස් මුඳුන්වල. 3. තනිව ඇති ගසක් හෝ විශාල ගසක් යට. 4. ට්‍රැක්ටර්, ටිපර්, බැකෝ වැනි විවෘත වාහනවල. 5. තැනිතලාවේ ඇති ටකරං මඩුවල සහ පාරවල්වල.

    • Love nature says:

      මොහු ලොකු අපරාධයක් කරලා ඇති ඒ නිසයි ස්වභාව දර්මයෙන් දඩුවම් දීලා තියෙන්නේ

Main News