ලංගම බස් වැඩ වරජනයක මගීන්ට පීඩා…

November 28, 2017 at 5:30 pm | lanka C news
ලංගම බස් වැඩ වරජනයක මගීන්ට පීඩා…

උතුරු පලාතේ පිහිටි ලංගම් බස් සේවකයින් අද (28) දින බස් රථ ධාවනයෙන් ඉවත්ව වැඩවර්ජනයක නිරත වීම හේතුවෙන් මගීන් රැසක් පීඩාවන්ට පත් වූහ.

උතුරු පලාත් භාර ලංගම කලමනාකාර අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන උපාලි කිරිවන්තුඩුව නැමත්තා දේශපාලනික කටයුතු වල නිරත වෙමින් අත්තනෝමතිකව කටයුතු කිරීම හේතුවෙන් උතුරු පලාතේ සියලු ලංගම බස් සෙවකයින් බස් ධාවන කටයුතු වලින් ඉවත්ව අද දිනයේදී වැඩ වර්ජනයක නිරත වූහ.

එමෙන්ම අදාල කලමනාකාර අධ්‍යක්ෂක වරයාට මේ වන විට දේශපාලනික වශයෙන් නව තනතුරක්ද ලැබී ඇති හෙයින් ලංගම ඩිපොවල රාජකාරි කටයුතු වලින් ඉවත්ව දේශපාලිනක කටයුතු වල නිරත වන අතරම දේශපාලනික කටයුතු සඳහා ලංගම බස් රතද යොදාගන්නා හෙයින්ද ලංගම සේවකයින්ට එරෙහිව විවිධ වූ අත්තනෝමතික තීරණ ගැනීම හේතුවෙන් ලංගම සේවකයින් දැඩි අපහසුතාවයන්ට පතව සිටීම හේතුවෙන් අදාල කලමනාකාර වරයා වහාම වෙනත් ප්‍රදේශයකට මාරකරන ලෙසට ඉල්ලා අද දින මෙසේ වැඩ වර්ජනයක් දියත් කොට තිබුණි.

කෙසේ වෙතත් අදාල වැඩ වර්ජනය හේතුවෙන් උතුරු පලාතේ මගීන් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටි අතර ඇතම් ප්‍රදේශ වෙතට පෞද්ගලික බස් රථ නොමැති වීමන්ද දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට මගීන්ට සිදු විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

93 views
Main News