ලංගම CEO ඉල්ලා අස්වේ…

September 26, 2020 at 3:50 pm | lanka C news
ලංගම CEO ඉල්ලා අස්වේ…

ශ්‍රී ලංකාව ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සාගර වඩුගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා වෙත ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය යවා ඇත.

එහි පිටපත් ජනාධිපතිවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් වෙත ද යොමු කර තිබේ.

වඩුගේ මහතා ගමනාගමන මණ්ඩලයේ වසර 20 කට වැඩි කාලයක් සේවයේ යෙදුනු පුද්ගලයෙකි.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු බව මණ්ඩලයේ සභාපතිවරයාද තහවුරු කළේය.

25,220 views

2 Comments to “ලංගම CEO ඉල්ලා අස්වේ…”

  1. Jagath says:

    වෙනස සැප ද ද ද??

    • Van says:

      අවුරුදු 20ක් ඉදල ඒ මුලු කාලය තුලම පාඩු ලබපු ලoගමය පුලුවන් කෙනෙකුට කරගන්න දීල දැන්වත් නම්බු පිටින් අස්වෙච්ච එක හොදයි. ඒකවත් නොතේරෙන තමුන් හොදයි පැකනිලාටම.

Main News