ලංවිමට තෙල් ආනයනය කර ගන්නැයි සිපෙට්කෝ කියයි.. ලංවිම අර්බුදයේ…

December 27, 2021 at 3:50 pm | lanka C news
ලංවිමට තෙල් ආනයනය කර ගන්නැයි සිපෙට්කෝ කියයි.. ලංවිම අර්බුදයේ…

ලංකා විදුලි මණ්ඩයට අවශ්‍ය ඉන්ධන ආනයනය සඳහා තමන්ගේම ණයවර ලිපි විවෘත කර ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබේ.

මීට පෙර සංස්ථාවෙන් ලබාගත් ඉන්ධන වෙනුවෙන් රුපියල් බිලියන 90ක මුදලක් මණ්ඩලය විසින් ආපසු නොගෙවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ තම ආයතනයට ඉන්ධන ආනයනය ට අවසර නැති නිසා ඉන්ධන අවශ්‍යතාවයට තෙල් සංස්ථාව මතම යැපීමට සිදුව ඇති බවයි.

29,493 views

6 Comments to “ලංවිමට තෙල් ආනයනය කර ගන්නැයි සිපෙට්කෝ කියයි.. ලංවිම අර්බුදයේ…”

  1. චන්ද දායක says:

    අනාගෙන ,Ree ගෙන, අච්චාරු කරගෙන ඒකෙත් දුක් විඳින කොටස අපට දීපල්ලකෝ….

  2. බයිසන් says:

    ලයිට් බිලට දෙන සහන නවත්තලා දැම්මොත් විදුලි බල මණ්ඩලයට වෙන පාඩුව නැතිකරගන්න පුළුවන් වෙයි.

  3. Kalanasiri says:

    මහජනයා විසින් කරන විදුලිබල නාස්තිය කොපමණද ? පහන් දල්වන්නේ හවස 05 ට. හැබැයි කනුව ගෙදර මිදුලෙ තිබුනත් off කරන්නේ පහුවදා උදේ 08 ට. උඩ ඉදලා පහලටම මොල හෝදන්න ඕනෑ

  4. Jagath says:

    ඕක සිම්පල් වැඩක්. මුදල් ඇමතිතුමාට කිව්වා නම් බිලියන 90 නෙමෙයි ට්‍රිලියන 90 හරි අච්චුගහල දෙයි.

  5. dehiwala Kolla says:

    මොකා ගෙව්වත් ඔය දෙකෙම තියෙන්නෙ ජනතා මුදල්. ඔය ආයතන දෙකේම බාගයක් ඉන්නේ ආදායම් බදු නොගෙවා විවිධ දීමනා එක්ක රටේ ඉහලම වැටුප් අරන් වැටුපෙන් 10% කවත් වැඩක් නොකර ඉන්න අය​. දෙශපාලු පත්වීම් ​.

  6. Yunika Peiris says:

    CEB එකේ ඉන්න ඔක්කොම ලොක්කෝ හොරු.
    මම දන්න එකෙක්, අවුරුදු 2,3න් කෝටි පතියෙක් වුණා.

Main News