ලංවිමට නොමිළේ මුඛ ආවරණ…

March 19, 2020 at 5:30 pm | lanka C news
ලංවිමට නොමිළේ මුඛ ආවරණ…

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිවාඩු දිනයන්හි සේවයට පැමිණෙන එකාබද්ධ ඉංජිනේරු සේවයේ සහ අනෙකුත් අත්‍යාවශය සේවාවල සේවක මහත්ම මහත්මීන්ට නොමිළේ මුඛ ආවරණ ලබා දීමේ වැඩසටහනක් පෙරේදා සිට ක්‍රියාත්මක කර ඇත.

මෙම දිනයන්හි කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් හේතුවෙන් රජය විසින් නිවාඩු ප්‍රකාශයට පත් කිරීමත් සමග විදුලි පද්ධතිය නොකඩවා පවත්වා ගැනීම සදහා අවශ්‍ය කරන සේවා සහ අනෙකුත් සේවා සිදු කිරීමට පැමිණෙන ඉංජිනේරුවන් ඇතුළු ලංවිම සේවක මහත්ම මහත්මීන්ගේ සුභ සාධනය පිණිස ඉංජිනේරු සංගමයේ දායකත්වය මෙසේ දක්වයි.

මේ දිනවල මුඛආවරණ වල පවතින ඉල්ලුම හමුවේ එහි මිළ ඉහළ යෑමත්, ඒවා වෙළදපළේ පහසුවෙන් සොයා ගැනීමට නොහැකි වීමත් නිසා එදිනෙදා වැඩ රාජකාරි සිදු කිරීමට එන සේවක මහත්ම මහත්මීන් හට ඉතා අස්වැසිල්ලක් වෙනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තු වෙති.

– DKR

0 views

One Comment to “ලංවිමට නොමිළේ මුඛ ආවරණ…”

  1. Unified Engineering Service - CEB says:

    ලංවිම ඒකාබද්ධ ඉංජිනේරු සේවාවේ අපි තමා මැරිලා වැඩ කරන්නෙ. හමුදාවෙ කොල්ලො ඇරුණම උදේට හොඳට ගිහින් හවසට පෙට්ටියේ එන රස්සාව. අවුරුද්දකට 6ත් 12ත් අතර පිරිසක් අනිවාර්යෙන්ම.

    අපේ උපකාරක සේවාවල ලිපිකරුවොන්ව පහත් කරනවා නෙවේ. නමුත් අවධානම් අරන් කටු කන්නේ අපි… ඒ ගැන ආඩම්බරයි අපිට!! ඒ උනාට මිනිස්සුන්ගෙන් කුණු බැණුම් අහන්නෙත් අපි…

    මහ දවල් දොලහකට එක විනාඩි 10ක් කණුවක එල්ලිලා ඉන්න බෑ ඔය බයින මිනිස්සුන්ට… දුර පළාත්වල යන්න බැරි තැන්වලට කරේ තියන් බඩු අදින්නෙ අපි කූඩැල්ලො කකා..

    මොක උනත් අපිට හොඳ පඩියක් ගෙවන අපේ රටේ මිනිස්සුන්ට උපරිම සේවයක් දෙන්න අපි කැප වෙනවා. ඒකාබද්ධ ඉංජිනේරු සේවය දිනේවා… ලාමක නොවේවා!

Main News